A Gentleman (2017) | එක්ස් බලකායේ රහස් නියෝජිතයා!

එක්ස් බලකාය! ඉන්දියානු අර්ධද්වීපයේ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති තර්ජන මැඩලමින්, රට තුල ඒකීයභාවය පවත්වාගෙන යෑම උදෙසා ඉන්දියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය විසින් සියලු දෙනාගේම ඇස් වසමින්, හොර රහසේ පවත්වාගෙන යන්නා වූ සුවිශේෂී හමුදා ඒකකයකි. ඉන්දියාවේ මුම්බායි නගරය මූලික කරගනිමින් මෙහෙයවන්නා වූද, ලොව ඕනෑම කොනක, ඕනෑම රටක, ඕනෑම නගරයකට ගොස්, පවරන ලද මෙහෙයුම කිසිඳු සාක්ෂියක් ඉතුරු නොකරමින් ඉටුකිරීමට මෙම එක්ස් බලකායට ඇත්තේ සුවිශේෂී හැකියාවක්. මේ සඳහා මූලික හේතු සාධකයක් වන්නේ, මෙම එක්ස් බලකායේ සෙබළුන් පුරුදු පුහුණු කිරීම ආරම්භ කරනුයේ, කුඩා අවධියේ පටන්මය. එක්ස් බලකාය බාරව කටයුතු කරන්නා වූ අණදෙන නිලධාරී, කර්නල් නම් තැනැත්තා විසින් මෙම එක්ස් බලකායට සෙබළුන් බඳවා ගැනීමේ සිට, ඔවුන් පුරුදු පුහුනුකොට මෙහෙයුම් වලට යැවීම දක්වා සියලු කටයුතු බාරව සිටියි.

රිශී කියන්නෙ එක්ස් බලකායේ සිටින අති දක්ෂතම සෙබළා වගේම, කණ්ඩායමේ මෙහෙයුම් නායකත්වය දරන්නා. සටන් කලාවේ සහ අවි ආයුධ හැසිරවීමේ මනා නිපුණත්වය, උපායශීලීත්වය, නිර්භීතකම යනාදී හේතු සාධක නිසාවෙන්, ඕනෑම මෙහෙයුමකට ගොස්, මෙහෙයුම සම්පූර්ණකොට නැවත නිරූපද්‍රිතව පැමිණීමට රිශීට තරම් අන් කිසිඳු එක්ස් බලකායේ සාමාජිකයෙකු හට හැකියාවක් තිබුනේ නැහැ යැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි. මේ නිසාවෙන්ම එක්ස් බලකායේ අණදෙණ නිලධාරී කර්නල්ගේ අතිශය විශ්වාසවන්තම පුද්ගලයා බවට පත්වීමට මොහුට වැඩි කාලයක් ගතවුණේ නැහැ. නමුත්, එක්තරා අතිශය වැදගත් මෙහෙයුමකදී, මෙම එක්ස් බලකායේ කර්නල්වරයාගේ අතිශය රහස්‍ය දත්ත සමුදායක් සමගින් රිශී අතුරුදහන් වෙනවා!

ගෞරව්! ඇමරිකාවේ මියාමි නගරයේ ජීවත්වෙන තරුණයෙක්. කිසිවෙකුටත් කරදරයක් හිංසාවක් නොමැතිව, තමන්ගේ පාඩුවේ තමන්ගේ රැකියාව කරගෙන ජීවත්වෙන අහිංසක පුද්ගලයෙක්. මොහුගේ ජීවිතේ හීන කීපයක් තියෙනවා. හොඳ නිවසක හිමිකාරීත්වය ලබාගැනීම, තමන්ට ආදරය කරන, තමන්ටද ආදරය කිරීමට හැකි තරුණියක් සිය බිරිඳ ලෙස සරණ පාවාගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීම. මේ තමයි ඔහුගේ ජීවිතය. නමුත්, හදිසියේම හැමදෙයක්ම වෙනස් වෙනවා. එක්ස් බලකායේ කර්නල්වරයාගේ රහසිගත දත්ත රැගෙන පළාගිය රිශී සොයමින් මාරාවේශයෙන් සිටින්නා වූ එක්ස් බලකායේ සෙබළුන් හදිසියේම මේ අහිංසක ගෞරව් පිටුපස පන්නන්න ගන්නවා. මොකක්ද මේ පටලැවිල්ල?

Action, Crime, Thriller, Comedy යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ අගෝස්තු මස 25 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම බොලිවුඩ් සිනමා සිත්තමෙහි ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙනු ලබන්නේ, Student of the Year (2012) චිත්‍රපටයෙන් අති සාර්ථක ආරම්භයක් ලබාගනිමින්,Hasee Toh Phasee (2014)Ek Villain (2014)Brothers (2015)Kapoor & Sons (2016)Baar Baar Dekho (2016) යනාදී චිත්‍රපට තුල රංගනයෙන් දායක වන ලද මෙන්ම, ඉදිරියේදී තිරගතවීමට නියමිත Aashiqui 3 චිත්‍රපටයේද ප්‍රධාන රංගන දායකත්වය සඳහා නිළ වශයෙන් තෝරාගෙන තිබෙන්නා වූ Sidharth Malhotra සහ, ශ්‍රී ලාංකික රූ රැජිණ Jacqueline Fernandez විසිනි. ඒ වගේම, අනූව දශකය සහ දෙදාහ දශකයේ මුල් කාලය තුල බොලිවුඩ් චිත්‍රපට නරඹලා තිබෙන කෙනෙක් නම්, Sunil Shetty කියලා කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ වෙන එකක් නැහැ. 1992වර්ෂයේ Balwaan චිත්‍රපටය තුලින් බොලිවුඩ් සිනමාවට පය තැබූ සුනිල් ශෙට්ටි, අනූව දශකයේ බොලිවුඩ් රසිකයින්ගේ වීරයා බවටද, බොලිවුඩ් රසිකාවියන්ගේ සිහින කුමරා බවටද පත් වුනේ නිරායාසයෙන්මයි. නමුත්, අවාසනාවකට වර්තමානය වනවිට මේ ප්‍රතිභාපූර්ණ රංගධරයා බොලිවුඩ් සිනමාව තුල දකින්න ලැබෙන්නෙ බොහොමත්ම කලාතුරකින් තමයි. මෙන්න එහෙනම්, වසර දෙකක පමණ නිහැඬියාවකින් පස්සේ සුනිල් ශේට්ටිව මේ චිත්‍රපටයෙන් බලාගන්න ප්‍රේක්ෂක ඔබට හැකියාව ලැබෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ රචනය සිදුකරනු ලබන්නේ, Go Goa Gone (2013) සහHappy Ending (2014) යන චිත්‍රපට අධ්‍යක්ෂණය සහ රචනා කරන ලද, Krishna D.K. සහ Raj Nidimoru යන අය විසිනි. IMDB දර්ශක තුල 7.4ක අගයක් ලබාගනිමින්, ඉන්දියානු රුපියල් කෝටි පනහක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූ මෙම සිනමා සිත්තමට ලබාගැනීමට හැකියාව ලැබුනේඉන්දියානු රුපියල් කෝටි 38.30ක් වැනි මුදලක් පමණි. ඒ වගේම, Sachin-Jigar ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වැඩ ගැන්වුණු අතිශය මියුරු ගීත හතරකින් මෙම චිත්‍රපටය අලංකාර වෙනවා.

මේ චිත්‍රපටය ගැන කතාකරනකොට නොකියම බැරි දෙයක් තමයි ක්‍රියාදාම. Baaghi (2016)චිත්‍රපටයෙන් පසුව, බොලිවුඩ් චිත්‍රපටයක් තුලින් අතිශය ඉහළ මට්ටමේ ක්‍රියාදාම රැසක් දකින්න ලැබුනේ මේ චිත්‍රපටයෙන් කියලා බය නැතුව කියන්න පුළුවන්. සටන් ජවනිකා සියල්ලම හොලිවුඩ් චිත්‍රපටයක් හා සමානවම අතිශය ඉහල සටන් තාක්ෂණයන් භාවිතා කරමින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම, බොහොම සාර්ථක ලෙස නිර්මාණය කරන ලද Adventure දර්ශන කීපයකුත් බලාගන්න ඔබට හැකියාව ලැබේවි. සරළ කතාවක් වුනත්, කිසිම කම්මැලිකමක් නැතුව, බොහොම විනෝදයෙන් නරඹන්න පුළුවන්. නිකමට වගේ පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම ඉන්නකො.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 1CD | 700MB |  

b308f831dd3dab2493d213eefbd0cfc379659e32

| HDRip | x264 | 720p | 1GB |  

a3be65aca824d9e1ef51123c516edd2461b4bddf

| HDRip  | x264 | Hon3y | 1.5GB |  

ad54bf3263a705a12abf73913b4d78f1b87d1afb

Direct Download

| WEB-DL | x264 | 480p | 375MB |  

  

| WEB-DL | x264 | 1CD | 700MB |  

  

| HDRip | x264 | 720p | 1GB |  

  

 | HDRip | x264 | Hon3y | 1.5GB |            

  

 | WEB-DL | x265 | 480p | 188MB |            

  

 | WEB-DL | x265 | 720p | 613MB |  

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “A Gentleman (2017) | එක්ස් බලකායේ රහස් නියෝජිතයා!

  • October 10, 2017 at 11:02 pm
    Permalink

    Thanks !!!!!!!!!!!!

    Reply
  • October 11, 2017 at 2:50 pm
    Permalink

    Niyama film eka, ewagema Half girl friend film ekath…..

    Reply
  • October 21, 2017 at 12:48 pm
    Permalink

    films Direct Download wala file not found keyanawana..godak ewa ehaMAI

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *