The Dark Tower (2017) | අඳුරු කුළුණ

ඉතිං කොහොමද කස්ටියට? සෑහෙන කාලෙකට පස්සේ ඔයාල වෙනුවෙන් ඔන්න මංThe Dark Tower (2017) කියන සුපිරිම සුපිරි චිත්‍රපටයේ උපසිරැසියත් අරං ආවා. මං දන්නවා ගොඩ දෙනෙක් හිටියේ මේකේ උපසිරැසිය එළියට එනකල් තමා. කාලෙකින් උපසිරැසි හදපු නැති නිසා ඉඳලා ඉඳලා දෙන එක ලොවෙත් නැති වෙන්න දෙන්න හිතුවා. මේ මගේ 25 වෙනි උපසිරැසිය. හැබැයි මට නම් හිතුනේ මේක මගේ 50 වෙනි උපසිරැසිට කරන්න තිබුණා නම් හොඳයි කියලයි.

විශ්වාස කරනවා මේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරපු YouTube පූර්ව ප්‍රචාරක වීඩියෝව බලපු මිලියන 21කට වැඩි ජනතාව (නැත්නම් වාර ගණන) අතරේ ඔයාලත් ඉන්නවා ඇති කියලා. ඒක බැලුවේ නැත්නම් කතාව බලන්න කලින් පොඩ්ඩක් බැලුවට කමක් නෑ. එහෙම නැත්නම් කතාව කෙලින්ම බලන්නකෝ.

හරි ඉතිං වැඩි කතා මොකටද? කතාව ගැන කෙටි හැඳින්වීමක් සාම්ප්‍රදායික විදිහට කරන්නම්. ඒත් කතාව නොදැන බලන තරමට තමයි රසය වැඩි.
ජේක් චෙම්බර්ස් (Tom Taylor) කියන්නේ අසාමාන්‍ය හැකියාවක් තියන නිව්යෝක් වල ජීවත් වෙන ළමයෙක්. එයාට අමුතු හීන නිදාගෙන ඉන්නකොට පේනවා. ඒ හීන සම්බන්ධ වෙන්නේ වෙනත් ලෝකයක (මධ්‍ය ලෝකයක) ජීවත් වෙන රෝලන්ඩ් (Idris Elba) කියන තුවක්කුකාරයෙකුටයි වෝල්ටර් (Matthew McConaughey) කියන නපුරු මන්ත්‍රකාරයෙකුටයි. ජේක් තමන් දකින හීන චිත්‍ර වලට ඇඳලා එයාගෙ කාමරේ හැමතැනම අලවන් ඉන්නවා.

මේ අසාමන්‍ය හැසිරීම, ලෝරි (Katheryn Winnick) ඒ කියන්නේ එයාගෙ අම්මට වගේම තව ගොඩක් දෙනෙක්ට පේන්නේ ලෙඩක් විදිහටයි. ඒත් ඇත්තටම මං අර කලින් කිව්වා වගේ තුවක්කුකාරයෙක් වගේම මන්ත්‍රකාරයෙක් ජීවත් වෙනවා. මේ දෙන්නා ජීවත් වෙන මධ්‍ය ලෝකය වගේම අපේ ලෝකයත් ආරක්ෂා වෙන්නේ කුළුණක ආධාරයෙනුයි. රෝලන්ඩ් ඒ කුළුණ ආරක්ෂා කරන්න උත්සහ කරනකොට වෝල්ටර්, ජේක් වගේ අසාමන්‍ය හැකියාවන් ඇති ළමයින් හොයාගෙන එයාලගේ ශක්තිය පාවිච්චි කරලා කුළුණ විනාශ කරන්න හදනවා. ඒ විශ්වයේ ඉන්න රාක්ෂයන්ව ගේනවා ගන්නයි. ඉතිං මේ දෙන්නගෙ සටනට පුංචි ජේකුත් එකතු වෙනවා. ඔයිට වඩා කතාව ගැන කියන්න බෑ. පුතීලම බලන්නකෝ.

The Dark Tower (2017) චිත්‍රපටයට පදනම් උනේ Stephen King ගෙ මේ නමින් ලියවුණු නවකතාවයි. බුවා වැඩකරු කියල ඔයා දන්නවා ඇතිනේ. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Nikolaj Arcel. මිනිහ නම් අපේ ගෙවල් පැත්තෙ ඉන්නේ.

කතාවට ලැබිල තියන IMDb අගය නම් එච්චර ලොකු නෑ. 5.9ක් වගේ තමයි වෙන්නේ. ඒ ගැන නම් ටිකක් දුකයි. ඒත් මං දන්නවා ඔයාල මේක අත අරින්නේ නැතුව බලාවි කියලා.

එහෙනම් තව උපසිරැසියක් අරං ආපහු එන්නම්.

ජයින් ජයිම වීවා මා පුතී!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 480p | 400 MB |  

5B8B81A0498640C68D390EBF82D78F9FF6B90480

| Bluray | x264 | 720p | 700 MB |

EC029E9D0947F6E3EBE573EAD9F2111FAD731189

| Bluray | x264 | 1080p | 1.4 GB |  

6AFAD9C28E7462A06CD8A5023C1125EE086D9859

| Bluray | x265 | 720p | 600 MB |

8A48ECF93C851D2921BB24173062803FE61819E4

| Bluray | x265 | 6Ch | 1080p | 1.1 GB |

62B11808CED494BF7281537FA07F8A2B1A70BDD5

Direct Download

| Bluray | x264 | 480p | 378 MB |

| Bluray | x264 | 720p | 900 MB |

| Bluray | x264 | 1080p | 1.3 GB |

| Bluray | x265 | 720p | 600 MB |

| Bluray | x265 | 1080p | 740 MB |

| Bluray | x265 | 6Ch | 1080p | 1.1 GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Dark Tower (2017) | අඳුරු කුළුණ

  • October 9, 2017 at 2:32 pm
    Permalink

    බොහොම ස්තූතියි.. ☺☺☺
    ජය වේවා..!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *