Overdrive (2017) | මාරක ධාවනය!

අපි හැමෝම ජීවත්වෙන්න එක එක විදියේ රස්සා කරනවා. සමහරු සාධාරණ විදියට රස්සාවක් කරලා තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවා. තවත් සමහරු අසාධාරණ විදියට වැඩ කරලා ජීවත්වෙන්න උත්සාහ කරනවා. ෆෝස්ටර් සහෝදරයෝ දෙන්නත් ජීවත්වෙන්න රස්සාවක් කරනවා. හැබැයි අයිති වෙන්නෙ අන්තිමට කියපු කාණ්ඩයට. අනුන්ගේ දේවල් අරගෙන තමයි ජීවත්වෙන්නෙ. ඒත්, මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙයාලා හොරකම් කරන්නේ වාහන විතරයි. වාහන වලිනුත්, බොහොම කැමැත්තක් දක්වන්නේ කාර් හොරකමට. නිකන්ම නිකන් කාර් නෙමෙයි. සුප්‍රකට සමාගම් වලින් නිෂ්පාදනය කරන ලද, අතිශය දුර්ලභ මෝටර් රථ. තමන්ගේ ජීවිතය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව, ඕනෙම අවදානමක් බාර අරගෙන, මේ හොරකම් කිරීමේ කර්තව්‍යය සඳහා මේ අයියා මලෝ දෙන්නට තියෙන්නේ පුදුමාකාර දක්ෂතාවයක්. වාහනය අයිති කෙනා ගැන කිසිඳු වගේ වගක් නැහැ. වාහනය පැහැරගන්න ඕනේ වුණා නම්, කොහොමහරි පැහැරගත්තා. මේ තමයි මෙයාලගේ ක්‍රියා පිළිවෙල.

මේ විදියේ තවත් මෝටර් රථයක් මංකොල්ලකන්න තමයි මෙයාලා දෙන්නා සූදානම් වෙන්නෙ. එසේ මෙසේ වාහනයක් නෙමෙයි. වර්තමාන වෙළඳපොල මිලඇමරිකානු ඩොලර් මිලියන 41ක් වෙන, 1937 වර්ෂයේ නිෂ්පාදනය කරන ලදබුගාටි මාදිලියේ 57 SC ඇට්ලාන්ටික් රථයක්. ලෝකෙටම මේ වගේ මෝටර් රථ දෙකයි තියෙන්නේ. හිතුවා විදියටම වාහනය පැහැරගත්තත්, අන්තිමේදී සිද්ධවෙන්නේ නොහිතපු විදියේ දෙයක්. මෙයාලා මේ පැහැරගැන්නේ, අතිශය දුර්ලභ මෝටර් රථ එකතු කිරීම විනෝදාංශය කරගත්තා වූද, ව්‍යාපාර තුලින් මර්සීල් නගරය සිය අණසකට යටත් කරගත්තා වූද, කිසිඳු හිතක් පපුවක් නොමැති දරුණු ව්‍යාපාරිකයෙක් සතු මෝටර් රථයක්. කොට්ටෝරුව හැම ගහටම කොට කොටා ගිහිල්ලා, කෙහෙල් ගහට කොටපු දවසට තමයි අමාරුවේ වැටෙන්නේ. මෙච්චර කාලයක් තිස්සේ අනිත් අයගේ වාහන හොරකම් කරපු මේ සහෝදරයෝ දෙන්නා අන්තිමට පැටලුනේ දරුණුම පුද්ගලයෙක් එක්ක. ජීවිතය බේරගන්න නම් එකම එක ක්‍රමයක් ඉතිරි වෙලා තිබුනේ. මේ පුද්ගලයාගේ ඉල්ලීමට එකඟවෙලා, වෙනින් පුද්ගලයෙක් සතුව තිබෙන්නා වූ, අතිශය දුර්ලභ 1962 ෆෙරාරි 250 GTO මෝටර් රථයක් හොරකම් කරලා ගෙනත් දෙන එක. කවුරු ලඟද මේ වගේ මිල කල නොහැකි මෝටර් රථයක් තියෙන්නේ?

මැක්ස් ක්ලේම්ප්! මැක්ස් ක්ලේම්ප් තමයි බටහිර බර්ලිනය පාලනය කරන තුන්වෙනි පරම්පරාව. බොහොම ධනවත් පවුලක ඉපදුණු කෙනෙක්. ඒ වගේම, මුළු පවුලටම ඉන්න අති දක්ෂයා. කොච්චර දක්ෂද කියනවා නම්, මියුනිච් විශ්ව විද්‍යාලයෙන් තමන්ගේ MBA උපාධිය කරන්න පටන්ගත්තා. හැබැයි විශේෂත්වය තමයි, මේ උපාධිය කරන අනිත් හැම කෙනෙක්ටම වයස අවුරුදු 22 වුනත්, මැක්ස් ක්ලේම්ප්ගේ වයස ඒ වෙනකොට අවුරුදු 15යි. අවුරුදු විස්සේදී එයා ඔප්පු කරලා පෙන්නුවා එයාට දක්ෂකම තියෙන්නේ ගණන් වලට විතරක් නෙමෙයි, තමන්ටම ආවේනික ආකාරයට පවුලේ ව්‍යාපාර කරගෙන යන්නත් හැකියාව තියෙනවා කියලා. අවුරුදු තිහ සම්පූර්ණ වෙද්දී මේ සාහසික මොලකරුවට තම පියාණන්ගෙන් උරුමය ලැබෙනවා. ඒ වගේම, ඒක සමරන්න පියාගෙන් ඔහුට සුවිශේෂී තෑග්ගක් ලැබෙනවා. ඒ තමයි, ඉහත කියපු 1962 ෆෙරාරි 250 GTO මෝටර් රථය. වර්තමාන වෙළඳපොල අගය ආසන්නව ඇමරිකානු ඩොලර් මිලියන 38යි. ලෝකෙටම තියෙන්නේ එකම එක කාර් එකයි. මේ මෝටර් රථය තමයි මැක්ස් ක්ලේම්ප් සතු වටිනාම වස්තුව වන්නේ. වෙනත් වචන වලින් කියනවා නම්, ඔහු සතු උරුමය මෙයයි.

පැරණි දුර්ලභ මෝටර් රථ එකතු කරගැනීම විනෝදාංශය කරගත් දරුණු ව්‍යාපාරිකයෙක්… අතිශය සූක්ෂම මොලයක් සහිත, උපතින්ම ධනවත් වූ සාහසික ධනවතෙක්… මේ සියල්ල අතරේ ජීවිතයත් මරණයත් අතර තරඟයක නියැලෙමින් මෝටර් රථයක් සොරකම් කිරීමට උත්සාහ කරන්නා වූ සොහොයුරන් දෙදෙනෙක්! මොවුන්ගේ ඉරණම කෙසේ විසඳේවිද?

ඔන්න එහෙනම් Sniper: Ultimate Kill (2017) චිත්‍රපටිය දීලා දවස් දෙක තුනක් යද්දීම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මෝටර් රථ වලට ප්‍රියකරන, මෝටර් රථ වලින් සිදුකරන බොහොම ත්‍රාසජනක ක්‍රියා වලට කැමති අය අනිවාර්‍යයෙන්ම බලන්න ඕනේ චිත්‍රපටයක් කියලා නිර්දේශ කරනවා. බොහොම කළාතුරකින් දැකබලා ගන්න අවස්ථාව ලැබෙන, මිල කල නොහැකි දුර්ලභ මෝටර් රථ රාශියක් මෙමෙ චිත්‍රපටයෙන් දැකගැනීමට වරම් ලැබෙනවා. 2017 වර්ෂයේ අගෝස්තු මස 11 වනදාමහා බ්‍රිතාන්‍යයේදී නිල වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වෙන මෙම සිනමා නිර්මාණය, යූරෝ මිලියන 24 කට අධික ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය කරන ලද දැවැන්ත නිර්මාණයක්. එමෙන්ම, Action, Adventure, Thriller යන කාණ්ඩ නියෝජනය කරන්නා වූ මෙම සිනමා සිත්තම, මේ වන විටIMDB දර්ශකය තුල 5.3 ක අගයක් ලබාගෙන තිබෙනවා. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, 2018 වර්ෂයේ නිකුත්වීමට නියමිත Pacific Rim Uprising චිත්‍රපටය, The Fate of the Furious (2017)Suicide Squad (2016)Snowden (2016),The Longest Ride (2015)Fury (2014) ආදී දැවැන්ත නිර්මාණ තුලින් ප්‍රේක්ෂක ඔබ හමුවට සපැමිණි Scott Eastwood සමගින්, Blade Runner 2049 (2017),War Dogs (2016)ආදී චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ සුරූපී Ana de Armas විසිනි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, ArrowScorpionLegends of TomorrowThe FlashThe 100 වැනි රූපවාහිනී කතා මාළා අධ්‍යක්ෂණය කරන ලද Antonio Negret විසින්. චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ, Taken (2008) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද Pierre Morel විසින්. චිත්‍රපටයේ කතාව රචනා කරනු ලබන්නේ, ඉදිරියේදී තිරගතවීමට නියමිත Wanted 2 චිත්‍රපටය රචනා කරන්නා වූද, 2 Fast 2 Furious (2003)චිත්‍රපටය රචනා කරන ලද්දා වූද, Michael Brandt සහ Derek Haas විසිනි.

එහෙනම්, අරගෙනම බලන්න. පොඩි හරි සැකයක් තියෙනවා නම් ඔහොම්මම පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම ඉන්නකෝ. පුරා හෝරා එකහමාරක් මුළුල්ලේ කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් සිනමා නිර්මාණයක් කියලා සහතික කරලා කියනවා.

එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම ජයවේවා!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 700 MB |  

01EFC4C0B6AB53B976941247C06B3574F40C6DE5

| WEB-DL | x264 | 1080p | 1.6 GB |  

01936FE937CEA80BE8CC279F363CA1D4CE105853

Direct Download

| WEB-DL | x264 | 480p | 378 MB |

| WEB-DL | x264 | 720p | 700 MB |

| WEB-DL | x264 | 1080p | 3.2 GB |

| WEB-DL | x265 | 720p | 490 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *