Sniper: Ultimate Kill (2017) | ස්නයිපර් යුද්ධය! (18+) – Bluray Updated . . . !

කොලොම්බියාව කියන්නේ අපරාධ සඳහා උරුමයෙන්ම නමක් දිනාගත්ත රටක්. මේ රට පුරාවටම විවිධාකාර අපරාධ බොහොම දරුණුවට සිද්ධවෙනවා. මේ දේවල් එම රටේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සාමාන්‍ය දේවල් බවට පත්වෙලා තිබුනේ. නමුත්, හිටි හැටියේම අසාමාන්‍ය දෙයක් සිද්ධවෙනවා. බොහොම බලවත් ව්‍යාපාරිකයෙක්ව ඝාතනය කරනු ලබනවා. ස්නයිපර් සෙබලෙක් යොදවලා බොහොම දුර ඉඳලා, .50 දිගු දුර කැලිබර් වෙඩි උණ්ඩයකින් තමයි මේ ඝාතනය සිදුකරලා තියෙන්නෙ. මේ උණ්ඩ වල තිබෙන විශේෂත්වය තමයි, උණ්ඩයේ වේගය අඩපණ වෙනකොට තමයි ඒකෙන් වැඩිම හානිය සිදුවෙන්නෙ. ඒ කියන්නේ, උණ්ඩය ඇඟ ඇතුලට ගියාට පස්සේ තමයි උපරිම හානිය සිදුවෙන්න පටන්ගන්නෙ. කොලොම්බියානු ඔත්තු සේවා වලට අනුව මෙවැනි ආකාරයේ ඉලක්කයක් සාමාන්‍ය සෙබලෙක්ට ගැනීම අතිශය අමාරු කර්තව්‍යයක් වෙනවා. ඒ නිසාම, මේ සතුරා එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි, හමුදාවේ රාජකාරියේ නියතු හෝ, හමුදා සේවයෙන් ඉවත්ව සිටින්නා වූ අති දක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක් බව කොලොම්බියානු ආරක්ෂක නිලධාරීන්ට වැටහෙනවා. මේ නිසාම, තම නිලධාරීන්ට දමනය කිරීමට අපහසු මෙම අතිශය ශූර ස්නයිපර්කරුව වැලැක්වීම සඳහා ඇමරිකාවේ සහය ලබාගැනීමට කොලොම්බියාව තීරණය කරනු ලබනවා. තත්වය මෙසේ තිබියදී ලද අණට අවනතව, ඇමරිකානු මැරීන් බලකායේ සේවයේ නියතු අති දක්ෂ ස්නයිපර් සෙබලෙක් කොලොම්බියාව බලා ගමන් කරනු ලබනවා.

සාජන් තෝමස් බෙකට්! ඇමරිකානු මැරීන් බලකායේ රාජකාරියේ නියතු අසමසම ස්නයිපර් සෙබලා. තහවුරු කරගත් ඝාතන 63යි. ලොව පුරා විසිරී සිටින්නා වූ අසමසම ස්නයිපර් සෙබළුන් අතරින් හොඳම ස්නයිපර් සෙබලා ලෙස අවිවාදයෙන්ම සළකනු ලබන්නේ මෙම අති දක්ෂ සෙබලාවයි. ඉලක්කය කෙතරම් දුරක තිබුනද, මෙම දඩයක්කාරයාට ඒ සියල්ල පෙනුනේ තමා ආසන්නයේ තිබෙන්නා වූ ගොදුරු විලසිනි. මෙවැනි අති දක්ෂ ස්නයිපර් සෙබලෙකු සමගින් කොලොම්බියානු ස්නයිපර්කරු තරඟ කරන්නේ කෙසේද යැයි ඔබ සිතනවා නොඅනුමානයි. නමුත්, සෑම තැනකදීම කැපී පෙනුණා වූ, ඇමරිකානු මැරීන් බලකායේ අති දක්ෂම ස්නයිපර් සෙබලාට මේ වතාවේ නම් සිය ජීවිතය බේරාගැනීමට පසුබසින්න සිදුවුණා. කෙතරම් පසුබසින්න සිදු වුණාද කිවහොත්, සැඟවී සිටින්න සිදු වුණා. ඕනෑ තරම් අභියෝග වලට මුහුණ දී, කෙදිනක වත් මරණය හමුවේ පරාජය නොවූ මෙම සෙබළාට කොලොම්බියානු දේශයේදී මුහුණ දීමට සිදු වුනේ අතිශය දියුණු ස්නයිපර් ආයුධයකින් බල ගැන්වී සිටින්න වූ, සාජන් බෙකට් වැනිම අති දක්ෂ ස්නයිපර් සෙබලෙකු හටයි. මෙම සෙබලා සන්නද්ධව සිටින්නේ, පරීක්ෂණ තත්වය අවසන් කරන ලද අතිශය දියුණු මට්ටමේ ස්නයිපර් ආයුධයකින්. විශේෂත්වය තමයි, මෙම ස්නයිපර් ආයුධයට හැකියාව තිබෙනවා, කිසිඳු මග පෙන්වීමකින් තොරවම ඉලක්කය කරා ගමන් කිරීමට. ඊට අමතරව දෘශ්‍ය පද්ධතියට ස්වයංක්‍රීය මගපෙන්වීම සම්බන්ධ කරලා තියෙනවා. හැතැප්මක් දුරින් චලනය වෙමින් තියෙන ඉලක්කයකට පහර දෙනකොට, මේ ස්නයිපර් උණ්ඩයට හැකියාව තියෙනවා තත්පරයකට තිස් වතාවක වේගයකින් ඉලක්කයේ පිහිටීමේ ස්ථානය සකසා ගන්න. ඉතිං, මේ සා අතිශය බලවත් ස්නයිපර් කරුවෙකු පරාජය කිරීමට ඇමරිකානු මැරීන් බලකායේ විශිෂ්ඨතම ස්නයිපර් සෙබලාට හැකියාව ලැබේවිද?

යුධමය චිත්‍රපට ප්‍රියකරන කෙනෙක් නම්, ලෝ ප්‍රකට ස්නයිපර් චිත්‍රපට කතා මාළාව ගැන නොදන්නා කෙනෙක් වෙන්න බැහැ. ඔන්න එහෙනම්, මීට දින කීපයකට කලින් මෙම චිත්‍රපට මාලාවේ හත්වන කතාව නිකුත් වුණා. මීට පෙර මෙම කතා මාලාවේ, Sniper (1993)Sniper 2 (2003)Sniper 3 (2004)Sniper: Reloaded (2011)Sniper: Legacy (2014)Sniper: Ghost Shooter (2016)යනාදී වශයෙන් කොටස් හයක් නිකුත් වුණා. නමුත්, මේ කොටස් හය නරඹලා තිබීම අවශ්‍ය නැහැ මෙම කොටස බලන්න. ඕනෙම කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක බලන්න පුළුවන්.

චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වුනේ මෙම වර්ෂයේ ඔක්තෝම්බර් මස 3 වෙනිදා. WarAction, Drama, Thriller යන කාණ්ඩ සඳහා අයත් වන මෙම චිත්‍රපටය මේ සටහන ලියවෙන මොහොත වණ විට IMDB දර්ශකයේ 6.0 ක අගයක් ලබාගැනීමට සමත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, පෙර චිත්‍රපට හයට සාපේක්ෂව ඉතාමත් ඉහල තාක්ෂණයක් මෙම චිත්‍රපටය සඳහා භාවිතා කර තිබෙනවා. චිත්‍රපටය සඳහා සුපුරුදු පරිදි රංගන දායකත්වය ලබාදෙනු ලබන්නේ Chad Michael Collinsවිසිනි. පොඩි අඩුපාඩුවකට තියෙන්නේ, කලින් වතාවේ වගේ ස්නයිපර් කණ්ඩායමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත්, චිත්‍රපටය බොහොම රසවත් විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම,මේ වතාවේ චිත්‍රපටය අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා වෙනවා. ඒ නිසා, පොඩි අය නොබලා හිටියොත් හොඳයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | SD | 6Ch | EVO | 1.4 GB |  

EB8D6B0A145DA7DC740820F1940298964AAFB9D9

 | Bluray | x264 | 720p | 6Ch | ☻rDX☻ | 700 MB |

353E4C5610A14F3A1232281C81C43A49322DBA17

| Bluray | x264 | 1080p | 6Ch | RARBG | 1.8 GB |

897AD4C3C13057BDFB1983E7EB3AF7EE4BA75264

Direct Download

| Bluray | x264 | 480p | 548 MB |

| Bluray | x264 | 6Ch | 720p | 700 MB |

| Bluray | x264 | 6Ch | 1080p | 1.8 GB |

| Bluray | x265 | 720p | 575 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Sniper: Ultimate Kill (2017) | ස්නයිපර් යුද්ධය! (18+) – Bluray Updated . . . !

  • October 5, 2017 at 10:35 pm
    Permalink

    උපසිරැසි ලබාගන්නේ කොතනින්ද? Download link එකක් පේන්න නෑ

    Reply
  • October 9, 2017 at 12:49 am
    Permalink

    බොහොම ස්තූතියි.

    Reply
  • October 10, 2017 at 11:30 pm
    Permalink

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • October 11, 2017 at 9:30 pm
    Permalink

    the last ship 10 eke sub dennako plz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *