Lage Raho Munna Bhai (2006) | ඔහොම්ම යං, මුන්නා භායි!

”වසර ගානකට කලින් මට වෙඩි වැදුනා. ඒත්, වෙඩි උණ්ඩ තුනකට මගේ විශ්වාසයන් මරා දමන්න බැරි වුනා. කාලය නම් ගත වෙලා යනවා, ඒත් අදටත්…. තීරණය ඔබේ අතේ! එක්කෝ මගේ පින්තූරේ එක්ක ජීවත් වෙන්න.. එහෙම නැත්නම් මගේ ඉගැන්වීම් එක්ක ජීවත් වෙන්න. දැන් මම යන්න ඕන! කෙනෙක් මම එනකම් බලන් ඉන්නවා..”
-මහත්මා ගාන්ධි

ආයිත් බලන්න, මහත්මා ගාන්ධි? ඔව්, පාඩම් පොත් වල කියවපු ගාන්ධිතුමා ම තමයි මෙහෙම කියන්නේ. 1869 වසරේ ඔක්තෝම්බර් මස 2වෙනිදා ඉන්දියාවේ සුදම්පූර්හී උපත ලැබූ මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි, වයස දහතුන ලබද්දීම විවාහප්‍රාප්ත වූවා. වයස අවුරුදු 18 සපිරෙද්දී එංගලන්තය බලා පිටත් වූ එතුමා නීති අවසාන විභාගය ද සමත්ව නීතිඥ වෘත්තියට පිවිසියා. එකල ඉංග්‍රීසි ජාතිකයන්ගේ තාඩන පීඩන ලක්වන කළු ජාතිකයන් දුටු එතුමා කලකිරීමට පත් වූවා. පසුව දකුණු අප්‍රිකාවේ සේවය කළ එතුමා එහිදී අවිංසාව තම එකම අවිය කොට ගෙන විමුක්තිකාමී මගට පිවිසියා. එතැනින් පටන් ගත් අවිහිංසාවේ සටන, එතුමා ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා වන තරමට ම ඉදිරියට ගියා. අධ්‍යාපනය, හිස සහ අත පුහුණු කිරීම සඳහා පමණක් නොව හදවත පුහුණු කිරීම සඳහාද විය යුතු බව වරක් එතුමා ප්‍රකාශ කළා.

චිත්‍රපටියේ නම ”ඔහොම්ම යං, මුන්නා භායි” නේද! එතකොට මුන්නා භායි ගැන නොකියා මහත්මා ගාන්ධි ගැන කියන්නේ මොකටද? ගාන්ධිතුමයි, මුන්නා බායි හරියට අහසයි, පොළොවයි වගේ. මුන්නා කියන්නේ මුම්බායි නගරයේ මැරයෙක්, හැම පොඩි ප්‍රශ්නෙකටමත්, ලොකු ප්‍රශ්නෙකටමත් උත්තර හොයන්නේ අවි ආයුධ වලින්, ඇන කොටාගෙන. ඒත් ගාන්ධිතුමා උගන්වන්නේ අවිහිංසාව ගැනයි, කරුණාවයි, සිනාවයි, ආදරයයි, සත්‍යයයි ගැනයි.. ප්‍රශ්නය කුමක් වුවත් ගාන්ධිතුමාගේ පිළිතුර මින් එකක්.

මුන්නා භායි ට මුණ ගැසෙන අවිහිංසාවාදයේ පියා, මහත්මා ගාන්ධි.. මේ චිත්‍රපටය දිගහැරෙන්නේ ඒ ගැනයි.

IMdb දර්ශකයේ 8.1ක් අරන් තියන, කොමඩි ගණයට අයත් වුනත්, හොඳ ආදර්ශයක් ලබා දෙන, හැම කෙනෙක්ම බලන්න වටින අපූරු නිර්මාණයක් විදියට Lage Raho Munna Bhai 2006 හඳුවන්න පුලුවන්. රංගනයෙන් Sanjay Dutt, Vidya Balan, Boman Iran වගේ සුප්‍රසිද්ධ නලු නිළියන් දායක වෙන මෙය, Rajkumar Hirani ගේ තවත් වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRip | x264 | 720p | 1.1GB |  

84d2a3f0104a93762eb7e80e89dd3cfa1d7e9b21

| BRRip | x265 | 720p | 632MB |  

bc49de261e3f6d0236395b98da09f63f08698af0

Direct Download

 | BRRip | x264 | 720p | 1.1GB |            

  

 | BRRip | x265 | 720p | 632MB |            

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *