When in Rome (2010) | මං ඇත්තටම ආදරෙයි

Comedy/Romance ගණයට අයිතිවෙන ImDb මිටරය5.6ට කරකවපු සුපිරි ෆිලුමක්.මෙක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mark Steven Johnson.රගපෑමෙන් දායකවෙන්නේ Josh Duhamel සහ Kristen Bell. Josh රගපැමෙන් දායකවු චිත්‍රපට විදිහට TransformersLife as We Know It දක්වන්න පුලුවන්.විශේෂයෙන්ම කියන්න ඔන ඇක්ෂන් විතරක් චිත්‍රපට බලන අයට නම් මෙයා රගපැමෙන් දායකවුනු රුෂානි දිසානායක සොහොයුරිය සබ් කරපු Life As We Know It 2010 මගහැරෙන්න ඇති.ඇත්තටම මමත් Action,Horror විතරයි බැලුවේ.පස්සෙ මං අහම්බෙන් Ride Alone බලලා තමයි කොමඩි චිත්‍රපට බලන්න ගත්තේ.Life As We Know It චිත්‍රපටයත් ගන්නවද නොගන්නවද කියලා ඉදලා ට්‍රේලර් එක කිහිප සැරයක් බලලා තමයි බාගගෙන බලන්න ගත්තෙ.අන්තිමට බලලා ඉවර වෙනකොට තමයි ඒක මං බලලා තියෙන ලස්සන චිත්‍රපටය වෙලා.ඊටපස්සේ ඉතින් Josh ගෙයි Katherine Heigl ටයි පිස්සු වැටිලා එයාලා රගපාන චිත්‍රපට හෝයන්න ගත්තේ.එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔයාලා අතට මේ චිත්‍රපටයට සිංහල උපසිරසියක් මේ විදිහට නිර්මාණය වෙන්නේ.Kristen Bell රගපමෙන් දායකවු චිත්‍රපට විදිහට Bad Moms,Veronica Mars දක්වන්න පුලුවන්.පේනවනේ පොස්ටර් එකෙන්ම ෆිල්ම් එක කොහොමද කියලා.

චිත්‍රපටය ගැන කියනවානම් මෙක කොමඩි ආදර කතාවක්.බෙත් කියන්නේ ආදරයෙන් නිතරම බයිට් කන ලස්සන කෙල්ලෙක්.මෙයා හිතන් ඉන්නවා කවදාහරි මෙයාගේ සිහින කුමාරයාත් මෙයා ලගට එයි කියලා.මෙයා කලාකෘති කෞතුකාගාරයක තමයි වැඩ කරන්නේ.පටන්ගන්නෙම කෞතුකාගාරයේ තියෙන උත්සවයකදි බෙත්ට බෙත් කලින් යාළුවෙලා හිටපු කෙනා ඇවිල්ලා කියනවා එයා බෙත් වගෙ වෙනකෙනෙක් එක්ක දැන් යාළුයි.අපි බදින්නයි යන්නෙ කියලා.අපි බදින්නයි යන්නේ කියන කැල්ල මිනිහා කෑගහලා කියනවා.ඉතින් කතාවෙ මුල් හරිය ඇහිලා නැතුව අපි බදින්නයි යන්නේ කියන කැල්ල විතරක් ඇහෙන බෙත්ගේ යාළුවො හිතන්නේ මෑන් බෙත්ට විවාහ යෝජනාවක් කරා කියලා.ඔක ඇහිලා එතන ඉන්න ඩීජේ මෑන් ඩීජේ පාරක් දානවා.ඉතින් කට්ටිය දාගෙන නටනවා.ඉතින් ඇත්තටම වුනේ මොකක්ද කියන බෙත් කැගහලා කියනවා මං නෙවෙයි බදින්නේ කියලා.ඔහොම චාටර් එකතුත් කාලා බෙත් අන්තිමේදි ගෙදර යනවා.ගෙදර ගියා විතරයි ඒ පාර බෙත්ගේ නංගි ඇවිල්ලා කියනවා සති 2කට කලින් ප්ලේන් එකේදි කොල්ලෙක් හම්බුනා.ඒ කොල්ලාව බදින්න යනවා කියලා.බෙත් මෙකට මුලින් අකමැතිවුනත් පස්සේ කැමතිවෙලා,දස් 2ක නිවාඩුවකුත් දලා රෝමේට යනවා.මොකද බෙත්ගේ නංගි බඳින කොල්ලා ඉතාලි නිසා.බෙත්ගේ නංගිගේ වෙඩින් එකගන්නේ ඩී අමොරේ කියන දේවස්ථානයේ.මෙක විශේෂ දේවස්ථානයක්,මොකද මේක ඉස්සරහා ආදරය ප්‍රාර්ථනා කරන මායා උල්පතක් තියෙනවා.ඔන්න දැන් බෙත් තමයි දෙවනි මනමාලි,එතකොට දෙවනි මනමාලයා?කෝ දෙවනි මනමාලයා තාමත් නැනේ.

කට්ටිය ඉතින් බලන් ඉන්නවා දෙවනි මනමාලයා එනකම්!අන්තිමට නික්,අපේ කතා නායකයා සීන් එකට එන්ටර් වෙනවා එළුවෙක්ට කියලා ඇනගෙන.ඔක්කොමත් හරි කියමුකො.බෙත්ට සිද්දවෙනවා මංගල චාරිත්‍රයක් සිදුකරන්න.ඒ වාස් එකක් ජෝඩුවට සුබ පතලා කුඩු කරන්න.එක කරන්න ගිහිල්ලා බෙත් හත්පොලේ ගාගන්නවා.බෙත්ගේ අතින් වැරදිලා වාස් එක විසිවෙලා වදින්නේ මනමාලයගෙ ආච්චිට.කාල වරෙන්කො,මක් කරන්නද ඒ වාස් එක එහෙම ලෙසියෙන් බිදෙන එකක් නෙවෙයි.අන්තිමට බෙත් කන චාටර් එක බලන් ඉන්න බැරුව නික් වැඩේ ගොඩ දානවා.ඒ ඔක්කොමත් හරි කියමුකො.ඊට පස්සේ බෙත්ට සිද්දවෙනවා මංගල කතාව කරන්න.ඉතින් බෙත් දන්නේ ඉංග්‍රීසි විතරනේ.නෑයො ඔක්කොම ඉතාලි.ඉතින් බෙත් කියන එවා අනිත් අයට පරිවර්තනය කරන්නේ කවුද?

ඔන්න ආපහු අපේ නික් ගොයියා වැඩෙට බහිනවා.හැබයි මෙතන පොඩි පරහක් තියෙනවා.නික් දන්නෙත් ඉතාලි ටිකයි.ඉතින් නික් බෙත්ට කියනවා මං පොඩ්ඩයි ඉතාලි දන්නේ.ඔයා ලොකු ටෝක් දෙන්න එහෙම එපා කියලා.කොහෙද!බෙත්ට ඔක අමතකවෙලා හිතේ තියෙන ඔක්කොම කියනවා.දැන් නික් කොහොමද එච්චර කියන්න දන්නේ…මිනිහට ඉතින් වැඩේ ගොඩදාගන්නත් ඔන නිසා මිනිහත් අතාරින්නැ.මිනිහ මිනිහා දන්න ටිකෙන් මිනිහාට ඔන එවා කියනවා.ඔහොම ට්‍රාන්ස්ලේට් පාර දිගෙන යද්දි බෙත් කියන දෙයක් මිනිහා වැරදියට කියලා කට්ටිය ඉස්සරහා බෙත් පට්ට චාටර් එකකුත් කනවා.මිනිහා කිව්ව දේ කෙල්ල නොදන්න හින්දා හොදයි ඉතින්.

දැන් ඉතින් කොල්ලයි කෙල්ලයි දැන් සෙට් වේගෙනයි එන්නේ..හැබැ නික් කාරයා දාන කුකුල් පාට් එකක් බෙත් වෙඩින් එක ඉවරවෙලා රෑ දකින නිසා බෙත්ට නික්ව එපා වෙනවා.දැන් ඉතින් කෙල්ලට සැඩ් මූඩ් එකක් එක්ක කේන්තිත් එක්ක.කෙල්ල පොඩී ෂොට් එකක් දාගෙන ප්‍රාර්ථනා උල්පතට බැහැලා මල්සරාට වෙන්න ඔන මං හිතන්නේ..බැනගෙන බැනගෙන යනවා.ඒ අස්සේ මෙයා උල්පතේ තියෙන එක එක්කෙනා දාපු කාසි 5ක් අරගන්නවා.කියන්න බැරි වුනානේ මේ උල්පතෙන් ආදරය ඉල්ලන්නේ කාසියක් දාලා,හරි.

ඔන්න දැන් තමයි ගේම පටන් ගන්නේ.මෙයා ආපහු ඇමරිකාවට ආවාට පස්සේ මෙන්න අර කාසි 5න් කාසි 4කගේ අයිතිකාරයො මෙයා හොයන්එනවා.බයවෙන්නෙපා ඉතින්.මෙයාව හොයන් එන්නේ හොල්මන් නෙවෙයි.ඊටත් වඩා හපන් අය.මේගොල්ලො එන්නේ නිකන් නෙවෙයි බෙත්ගේ ආදරය ඉල්ලන්න.එත් බෙත් මේ හතරදෙනාට කැමති වෙන්නැ.මෙගොල්ලොත් වැඩේ අතහරින්නේ නැ.මෙගොල්ලොත් බෙත්ගේ හිත දිනාගන්න කරන්නේ මාර දෙවල් තමයි.මොකද මේ එන අයත් විවිද හැකියාවන් තියෙන අය.මෙහෙම කිව්වහම හිතන්නෙපා බැට්මැන්ලා,සුපර් මැන්ලා මෙයාව හොයන් එනවා කියලා.එක්කෙනෙක් මැජික්කාරයෙක්,තව කෙනෙක් චිත්‍ර ශිල්පියෙක්,එක්කෙනෙක් ව්‍යාපාරිකයෙක්,අනිත් එක්කෙනා මොඩල් කෙනෙක්.ඉතින් ඔය හැමකෙනාම වශියකට අහුවේලා ඉන්නේ.එක තමයි බෙත්ට උල්පතට අධිපති දෙවියා දුන්න දඬුවම.කොහොමද දැන් මේ දෙයින් බෙත් බේරෙන්නේ.කෝ දැන් පස්වෙනි කාසියේ අයිතිකාරයා.එක ඔයාලට දැනගන්න වෙන්නේ චිත්‍රපටයේ අවසානයෙදි තමයි.එතකොට ඔය පිස්සො හතරදෙනා එක්ක බෙත්ගේ හිත දිනාගන්න නිකුත් ගේමට එන්ටර් වෙනවා.බෙත් හිතන්නෙත් පස්වෙනි කාසියේ අයිතිකාරයා නික් කියලා.අන්තිමට ඉතින් සතුටුදායක අවසානයකින් කතාව ඉවරවෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 650MB |  

aae7e8a59687b338c4466031dda49dad00d87297

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |    

9075d18e32d11a9c15effe1f7c0151624c680997

Direct Download

 | BluRay | x264 | 720p | YTS | 650MB |            

  

 | BluRay | x264 | 1080p | YTS | 1.4GB |             

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *