Gemini Ganeshanum Suruli Raajanum (2017) | ඒ විනාඩිය මගේ ජීවිතය වෙනස් කළා

චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය කරන්නේ Ilavarasu Odam විසින්. ඒ වගේම D. Imman ගේ ලස්සන සිංදුත් තියෙනවා. ඉතින් මගේ කැමතිම නළුවෙක් තමයි කතාවේ ප්‍රධානම චරිතයට ඉන්නේ ඒ,Atharvaa. ඒ වගේම මේ කතාවේ ප්‍රධාන නිළියන් හතර දෙනෙක් ඉන්නවා. ඒ අය පිළිවෙලින් Regina Cassandra, Aishwarya Rajesh, Pranitha, Aishwarya Rajesh. කලින් කිව්වනේ සුපිරි කොමිඩියක් කියල. එහෙනම් අනිවාර්යයෙන් අපිට ආතල් දෙන්න කෙනෙකුත් ඉන්න ඕනි. ඔව් ඔව් දැන් හැම තැනම ඉන්න Soori තමයි ඒ ඩයල් එක. හරි එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්කෝ. හම්……. කොහෙන්ද පටන් ගන්නේ,

ජෙමිනි [Atharvaa] ලාවන්‍යලාගේ ගෙදරට යන්නේ ජෙමිනිගේ විවාහයට එන්න කියල ආරාධනා පත්‍රිකාවක් දෙන්නයි. හැබැයි කවුරුත්ම ඒ ගෙදර නෑ, ලාවන්‍යලා ඒ ගෙදරින් ගිහින්. ඒ ගැන තොරතුරක් දැනගන්න හිතන් ජෙමිනි උඩ ගෙදරට යනවා. එතනදි තමයි සුරුලිව [Soori] හම්බ වෙන්නෙ. සුරුලි කියන්නෙ ණය කාර ලෝකයක්. එයාව ආශ්‍රේ කරන හැමෝගෙන්ම එයා ණයට සල්ලි අරගන්නවා. හැබැයි ඒ සල්ලි ආපහු ගන්න නම් ලැබෙන්නෙ නෑ. ඉතින් ජෙමිනි සුරුලිගෙන් උදව්වක් ඉල්ලනවා, ඒ තමයි ලාවන්‍යා හොයාගෙන එයාට ආරාධනා පත්‍රිකාව දෙන්න උදව් කරන්න කියල. තව ජෙමිනි කුලියට වාහනයකුත් ඉල්ලනවා. සුරුලිට මේක හොද චාන්ස් එකක්, මොකද සුරුලිගේ මාමට ට්‍රැවල් සර්විස් එකක් තියෙනව වගේම එයාට දෙන්න ණය මුදලකුත් තියෙන නිසා. සුරුලි ඉතින් යන ගාණට වඩා දෙගුණයක් වැඩි කරල ජෙමිනිට කියල මාමගෙ වාහනේ ලාවන්‍යව හොයාගෙන යනවා. වාහනේ යන අතරෙ ජෙමිනි එයාගෙ කතාව කියන්න පටන් ගන්නවා. ජෙමිනි කියන්නෙ එක කෙල්ලෙකුට වැඩි කාලයක් ආදරය කරන්න කැමති නැති දකින දකින ලස්සන කෙල්ලොත් එක්ක යාළු වෙන අමුතු කෙනෙක්. හැබැයි ඒ කවුරු හරි විවාහය ගැන කතා කළොත් ඔක්කොම වැඩ පැත්තකට දාල එයා හදන්නෙ ඒකෙන් බේරෙන්න. ඉතින් ඒ විදියට ජෙමිනි ගෑන් ළමයි හතර දෙනෙක් එක්ක යාළු වෙනවා. ඔය අතරෙ එයාට මාර ප්‍රශ්න වගයකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. එයා කොහොමද ගෑන් ළමයින්ව යාළු කරගන්නේ, එපා වුනාම එයාලගෙන් කොහොමද අයින් වෙන්නේ, විවාහයට අකමැති ජෙමිනි කාත් එක්කද මේ විවාහ වෙන්න යන්නේ, සුරුලිට මොනා වෙයිද ජෙමිනිත් එක්ක මේ යන ගමනෙන්. ඉතින් මේ ඔක්කොටම උත්තරේ ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 415MB |    

e65dca6d072c88b68963dc20ee1b306bcf2cbfd8

| HDRip | x264 | 1CD | 700MB |    

b9b56808e95a2238d4f5935c8eae8580cbc331cb

| HDRip | x264 | 720p | 1.4GB |    

1d840a0cd77f444eca9ac1bea85d6e7dc4ce2cf7

Direct Download

| HDRip | x264 | SD | 415MB |   

  

| HDRip | x264 | 1CD | 700MB |    

 

| HDRip | x264 | 720p | 1.4GB |    

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *