Tubelight (2017) | පමා නොවී දැල්වුනු ටියුබ් ලයිට් එක HDRip Update

ම තමයි ලක්ශ්මන්. ලක්ශ්මන් සිං බිශ්ත්. ඒත් හැමෝම මට කියන්නෙ ටියුබ් ලයිට් කියල. ඒ ඇයි දන්නවද? මං පොඩි කාලෙ ඕං ඔය කොහෙදෝ මන්දා තියෙනවයි කියන ලන්ඩන් කියන නගරෙන් හෙනම දිග බල්බ් එකක් ගෙනාවා අපේ ඉස්කෝලෙට. හැම උදේම ඒක පත්තු වෙන්න හෙනම වෙලාවක් ගියා. මේ ටියුබ් ලයිට් එක එක පාරින් පත්තු උනෙත් නෑ. මගෙන් ප්‍රශ්නයක් ඇහුවම එක පාර උත්තරේ ඔලුවට ආවෙත් නෑ. මගෙ අම්ම නම් කිව්වෙ ඉංග්‍රීසි ටියුබ් ලයිට් එක වගේම මගෙ මොලෙත් හෙන පරක්කුයි කියල. හෙමින් හෙමින් පත්තු වෙන්නෙ.හැබැයි අනිවාර්යෙන් පත්තු වෙනවා.

රාම් ලීලාවෙ දවසෙ මම දෙවියන්ගෙන් දෙයක් ඉල්ලුවා. වැඩේ කියන්නෙ දෙවියො මන් කියපු දේ ඇහුවනෙ. ඊටත් මාස නවයකට පස්සෙ මගෙ ඇත්ත කතාව පටන් ගත්තෙ. ඊට පස්සෙ තමයි මගෙ ළඟට ආවෙ මේ පුංචි මල්ලි. භරත්. මට එකම යාලුවයි හිටියෙ. මගෙ සහෝදරයා. එයා මන් කියන හැම දෙයක්ම ඇහුවා. හැමෝටම මම ටියුබ්ලයිට් එකක් උනා. ඒත් මගෙ මල්ලිට මම එයාගෙ කපිතාන් උනා.

එක දවසක් බොහොම ලොකු මනුස්සයෙක් අපේ ඉස්කෝලෙට ආවා. එයා තමයි මට කිව්වෙ මට විශ්වාසය තියෙනව නම් ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියල. එදා ඉඳන්ම ඒ කියමන අපේ ආදර්ශ පාඨය වුනා. ඊට පස්සෙ ලෝකෙ කොච්චර නම් වෙනස් උනාද ඒත් අපි, සහෝදරයො දෙන්නා හැමදාම එකටම හිටියා. මේ අස්සෙ ඉන්දියාව චීනෙත් එක්ක යුද්දෙ පටන් ගත්තා. හැම ගමකම ඉන්න තරුණ අය හමුදාවට බඳව ගත්තා. මගෙ මල්ලිත් යුද්දෙට ගියා. මම ගමට වෙලා ගම ආරක්ශා කලා. මොකද චීන්නු දේශ සීමාවෙන් පැනල ඇවිත් අපේ ගමට ආවොත් එහෙම.

හැමෝම කිව්වා මගෙ මල්ලි ආපහු එන එකක් නෑ කියල. ඒත් මං මගෙ මල්ලිව ආපහු ගෙන්න ගන්න පුලුවන් හැම දෙයක්ම කලා. චීන්නුත් එක්ක යාලු වුනා. ගල් පාරවල් කෑවා. ඉස්සර කරපු නරක වැඩ වලට සමාව ගත්තා. කඳු හෙල්ලුවා. ඉතින් මම මගෙ විශ්වාසයෙන් මල්ලිව ආපහු ගෙන්න ගත්තු කතාව තමයි ඕගොල්ලො මේ බලන්න යන්නෙ.

2017 ජූනි මාසෙ 23 වෙනිදා ලොව පුරා තිර ගත වීම ආරම්බ කල අයිය මලෝ දෙන්නගෙ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ Kabir Khan. Salman Khan,Sohail Khan, Matin Rey Tangu,Zhu Zhu, Isha Talwar,Mohammed Zeeshan Ayyub, Om Puri, Yashpal Sharma වගේම Shah Rukh Khan ත් මේ චිත්‍රපටියෙ රඟපානවා. දැනට 2017 වසරේ තිරගත වූ චිත්‍රපටි අතරින් කෝටි 22ක ආදායමකින් හය වන ස්ථානයේ රැඳී තියෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 1CD | 700MB |    

8BC91F02E085D43836653AA33EF7C7D51012B81C

Direct Download

| HDRip | x264 | 1CD | 700MB |   

  

| HDRip | x264 | 720p | 1.1GB |    

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

6 thoughts on “Tubelight (2017) | පමා නොවී දැල්වුනු ටියුබ් ලයිට් එක HDRip Update

  • July 7, 2017 at 2:09 am
    Permalink

    Thanks !!!!!!!!!!!!!!!!!!

    Reply
  • August 23, 2017 at 3:04 pm
    Permalink

    meke dvd rip update dennakooo…

    Reply
  • September 2, 2017 at 6:56 pm
    Permalink

    HD update akak dennako

    Reply
  • October 4, 2017 at 10:33 am
    Permalink

    thank you very much for the HD update. but subtitles are still available for the earlier copy & it is not match with this update. so could you pls update the correct subtitles to match on this HD update.

    Reply
    • October 5, 2017 at 7:52 am
      Permalink

      thanks for the subtitle updates for HD. great work!!!

      Reply
  • October 4, 2017 at 10:43 am
    Permalink

    Sub File eka Update karala Dennako..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *