Spider-Man: Homecoming (2017) | සිවිල් යුද්ධයකට පස්සේ.. – Bluray Updated . . . !

මේ සෑම චිත්‍රපටයකම මාවල් මුද්‍රාව දැකගන්න ලැබුනත් මාවල් චිත්‍රපටයක් (මාවල් විශ්වය) සහ මාවල් ස්ටුඩියෝ (මාවල් සිනමා විශ්වය) චිත්‍රපටයක් කියන එක දෙකක් බව ඔයාල දන්නවා ඇති. මාවල් සතු සියලුම චරිත වලට මාවල් සලකුණ ලැබුනත් මාවල් පුර්ණ හිමිකාරිත්වය නොමැති චරිත සහිත චිත්‍රපට මාවල් චිත්‍රපටයක් පමණයි. එතකොට මාවල් සිනමා විශ්වය තුල නිර්මාණය උන අයන් මෑන්, කැප්ටන් ඇමෙරිකා, තෝර් සහ ඇවෙන්ජර්ස් චිත්‍රපට  අයිති වෙන්නේ මාවල් ස්ටුඩියෝ හෙවත් මාවල් සිනමා විශ්වයටයි. දැන් මම කියන්නම් ස්පයිඩිට මොකෝ වෙන්නේ කියල. හැමෝම දන්නවා නේ  Kevin Feige ගැන ඒ තමයි මාවල් ස්ටුඩියෝහි වර්තමාන සභාපති හෙවත් මාවල් සිනමා විශ්වයේ නිර්මාතෘවරයා. ඔහු තමයි අපි අද මේ විවිධ මට්ටම් (Phases) ඔස්සේ දකින මාවල් සිනමා විශ්වයේ විවිධ චරිත එකිනෙකට අමුණමින් චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා වලින් සමන්විත මාවල් ජාලයක් නිර්මාණය කරන්න මූලික උන පුද්ගලයා. ඉතින් ඔහු තමයි මේ  ස්පයිඩර් මෑන් චරිතය මාවල් සිනමා විශ්වය තුල ඇති චරිත සමඟින් සම්බන්ධ කරන්න මූලික වෙන්නෙත්. සෝනි සමාගමේ අධ්‍යක්ෂකවරයෙක්  වන Amy Pascalගේ අදහසක් අනූව ස්පයිඩර්මෑන් චරිතය නැවතත් මාවල් ස්ටුඩියෝ එකටම හිමිවෙන්නේ. ඒ හිමිකාරිත්වය  හමුවේ ඔයාලට මාවල් සිනමා විශ්වය තුල මුලින්ම Captain America: Civil War හරහා ස්පයිඩර්මෑන් දකින්න ලැබෙනවා. ඒ තමයි මේ චරිතය මාවල් සිනමා විශ්වයට  ඇමිණු ආකාරය.

ඒ වගේම හිමිකාරිත්වය කිව්වට ලැබෙන්නේ චරිතයේ අයිතිය පමණක් කියල හැමෝම දන්නේ නැතුව ඇති. මේ චිත්‍රපටයට පවා මුදල් යෙදවීම සිදු කරන්නේ සෝනි සමාගම විසින්. ඉතින් මීයක් කඩන්නේ අතලෙවකන්න නෙමේ වගේම සෝනි සමාගමට තමයි මේ චිත්‍රපටයේ සියලුම බෙදාහැරීමේ අයිතිය හිමිවන්නේත්. ඒ කියන්නේ මාවල් ස්ටුඩියෝ එකෙන් වගා කලාට අස්වැන්න නෙලන්නේ සෝනි සමාගම මගින්.  කොටින්ම මෙහි ආදායම මුළුමනින්ම ලබාගන්නේ සෝනි සමාගම විසින්. මාවල් සමාගමට ලැබෙන එකම ප්‍රතිලාභය තමයි එයාලට අවශ්‍ය විදිහට නළු නිලියන් තෝරාගෙන එහි නිර්මාණ දායකත්වය 100% ක්ම එයාලට අවශ්‍ය පරිදි කරගන්න එක. ලැබෙන එකම මූල්‍ය ප්‍රතිලාභය තමයි කලින් වගේ ඩිස්නි සමාගම කරපු කෙලි බාන්ඩ  නිෂ්පාදනය සහ විකිණීම. ඒ ලැබුන අයිතිය ඔස්සේ තමයි අපිට මේ චිත්‍රපටයට අලුත් නළුවෙක් විදිහට Tom Holland දක්නට ලැබෙන්නේ. ඊට අමතරව මාවල් ස්ටුඩියෝ ප්‍රධානියා මේ චරිතය වෙනුවෙන් තවත් චිත්‍රපට පහක් වෙන් කර අවසානයි. මොන දේ කලත් ස්පයිඩර්මෑන් චරිතය සෝනි සතු වෙන තෙක් කාල් ඔවුන්ට  ලැබෙන්නේ අර   මම කලින් කියපු ප්‍රතිලාභ පමණයි.  ඊට අමතරව ලොව පුරා  ලොකු කුඩා චරිත හැමෝම ප්‍රියකරන සහ ප්‍රකට ස්පයිඩර්මෑන් මාවල් විශ්වය ගෙන ඒම තුලින් Kevin Feige වැඩි වශයෙන් බලාපොරොත්තු උනේ වර්තමානයේ මාවල් විශ්වය එලි දැක්වූ චිත්‍රපට වල ඇති වූ පසුබෑම  ස්පයිඩර්මෑන් ලවා නැවත ලබා ගැනීමයි. මෑත කාලිනව  එළිදක්වපු Ant Man සහ Doctor Strange ඊට කදිම නිදසුන්. ක්‍රමවේදය බළලුන් ලවා කොස් ඇට බෑවීම උනත් ප්‍රතිපල සාර්ථකයි කියල කියන්න ඕනේ. ඒ බව මේ චිත්‍රපටය තිරගතවී  පළමු  දින තුන අවසානයේදී සනාථ උනා.   ස්පයිඩර්මෑන් නවතම චිත්‍රපටය ඩොලර් මිලියන 175ක් යොදවා නිර්මාණය කලාට අදදින වනවිට සෝනි සමාගම මේ චිත්‍රපටය තුලින් පමණක් ඩොලර් මිලියන 874කට හිමිකම් කියනවා. පසුගිය සතිය වනතෙක් 2017 වසර තුල තිරගත වූ කොමික් චිත්‍රපට වල පළමු ස්ථානය දිනාගෙන සිටි Wonder Women චිත්‍රපටය දෙවන ස්ථානයට දමමින් දැනට ස්පයිඩර් මෑන් පළමු ස්ථානයේ රැඳී සිටිනවා. දැනට කියල කිව්වේ නොවැම්බර් මාසය වැදගත් වන නිසාThor: Ragnarok සහ Justice League තවම  මේ තරඟයට අවතීර්ණ නොවුන නිසයි.

කරුණු කාරණා එහෙම උනත් සෝනි සමාගම තාමත් මාවල් චරිත වලට තිත තියල නැහැ. එයාල තවමත් හදන්නේ මේ චරිතවල ඇති හිමිකාරිත්වය ඔස්සේ තවත් ලාභ ලබන්නටයි. සෝනි සමාගම දැනටමත් ඒ වෙනුවෙන් පිඹුරුපත් සකස් කරලා  අවසන්. ඉදිරියේ  කටයුතු අරඹන්නට සූදානම්ව ඇති Tom Hardy රංගනයෙන් දායකවන Venom චිත්‍රපටය ඊට කදිම නිදසුනක්. ඒ වගේම Black Cat & Silver Sable කියන්නේ එවැනි සෝනි බලාපොරොත්තුවක්. Venom  කියන්නේ ස්පයිඩර්මෑන්ගේ ප්‍රධාන සතුරෙක්. නමුත් Amy Pascal සහ Kevin Feige දෙදෙනාම තහවුරු කර තිබෙනවා සෝනි නිපදවන්නට ඉන්න R-Rated වෙනොම් චිත්‍රපටය සඳහා Tom Holland හෝ මාවල් සිනමා විශ්වයේ කිසිඳු සහභාගිත්වයක් නොමැති බව.  ස්පයිඩර්මෑන් නොමැති  වෙනොම් කෙනෙක් විතරක් ඉන්න චිත්‍රපටයක් කොයි තරම් සාර්ථක වෙයිද කියන එක ප්‍රේක්ෂක  අපිට තියෙන තව ගැටළුවක්. මාවල් සිනමා විශ්වය එක්ක බැඳිලා ඉන්න අලුත් ස්පයිඩර්මෑන් තරුවට Venom වෙනුවෙන් ඉඩකඩ ලබාගන්න එක තවත් ගැටළුවක්. ඉතින් මේ චරිතය බෙදා ගන්න බැරුව ගැටළුවක් ඇති උනොත් අලුත් ස්පයිඩර්මෑන් නැවතත් අතුරු දහන් වෙන්න ඇති ඉඩකඩත් වැඩි කමක් තියෙනවා. ඔන්න ඕකයි සෝනි සහ මාවල් සිනමා විශ්වය අතර ඇති ගිවිසුමේ තත්වය.

දැන් කියන්නම් මොකද්ද මේ හෝම්කමින් එක  කියලා. වෙඩින්  එකක් නැති මේ හෝම්කමින්  එකට තේරුම් දෙකක් තියෙනවා එත් ආසන්නතම අදහස කියල ගන්න පුළුවන් වෙන්නේ Captain America: Civil War තත්වයෙන් පසු නිවස බලා එන ස්පයිඩර්මෑන් කොහොමද සමාජය එක්ක ගැටෙන්නේ කියන කාරණය. දෙවෙනි අදහස වෙන්නේ මේ චිත්‍රපටය තුල ඇති හෝම්කමින් නම්වූ නර්තනයක්. මුල තේරුම ඔස්සේ ගියොත් තවමත් තරුණ වයසේ ඉන්න පීටර්ට ඇවෙන්ජර්ස් කණ්ඩායම එක්ක සටන් කරන්න ලැබුනා. ඉතින් දැන් හිතන් ඉන්නේ තමන් වැඩකාරයෙක් කියල. මෙයාට ඕනවෙලා තියෙන්නේ දිගටම මේවගේ දේවල් වලට එකතුවෙන්න. එහෙම ආසාවකින් පෙලෙන ස්පයිඩර්මෑන්ට  ජිවත් වන නගරයේ සිදුවන අකටයුත්තක් දකින්න  ලැබෙනවා. ටෝනි ස්ටාක්ගේ මග යටතේ ඉන්න පීටර්ව ටෝනි තවමත් ආධුනිකයෙක් විදිහටයි දකින්නේ. පීටර්ට ඕන ඒ අදහස වෙනස් කරලා තමන්ට යමක් කරන්න පුළුවන් බව පෙන්වන්න. හැබැයි සෙල්ලම් පෙන්නන්න ගිහින් හදා ගන්න සතුරා වුල්චර් ලෙසින් ආරුඪ නමකින් තමන්ව හඳුන්වාගන්න බලවත් සතුරෙක්. එහෙනම් මෙතැන් සිට චිත්‍රපටය ඔබට භාරයි.   තව දෙයක්, ජවනිකාව (Post Credit Scene) එක බලන්න. මේ  කෙනා නමින් Mac Gargan. මෙයා කවුද කියල දැනගන්න ටිකක් ගූගල්  කරලා  බලන්න. ඊළඟ ස්පයිඩර්මෑන් චිත්‍රපටයේ ප්‍රධාන හතුරා වෙන්න ඉඩකඩ බොහොම වැඩි. එහෙනම් මීට වඩා නොකිය ඉන්නම් මෙතැන් සිට කතාව ඔබට  භාරයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

 | Bluray | x264 | SD | SPARKS | 848 MB |

6C5EBDB4253A3C030F3E2B444BF9477EDB895D58

 | Bluray | x264 | 720p | YTS | 985 MB |

D64DB6C8AEAE8D2AC53E88B83DE8C54FEDC45317

 | Bluray | x264 | 1080p | YTS | 2 GB |

D8AB603B98B5F10D7CBA5E54A986B653EF49163B

Direct Download

| Bluray | x264 | 480p | 368 MB |

| Bluray | x264 | 720p | 985 MB |

| Bluray | x264 | 1080p | 2 GB |

| Bluray | x265 | 720p | 505 MB |

| Bluray | x265 | 720p | 780 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

11 thoughts on “Spider-Man: Homecoming (2017) | සිවිල් යුද්ධයකට පස්සේ.. – Bluray Updated . . . !

  • September 26, 2017 at 2:25 pm
    Permalink

    sub eka ko bro….

    Reply
  • September 26, 2017 at 2:43 pm
    Permalink

    ඒක තමා මමත් හෙව්වේ bro

    Reply
  • September 26, 2017 at 7:59 pm
    Permalink

    samahara link wala ewaga audio witharai thiyenne film eke 🙁

    Reply
    • September 26, 2017 at 10:21 pm
      Permalink

      Player eka aluth karaganna MPC HC ( K-Lite Mega Codec Pack ) eka daganna

      Reply
  • September 26, 2017 at 9:25 pm
    Permalink

    බ්‍රෝ.. 720p ඩිරෙක්ට් ලින්ක් එකේ timing අවුල්.. fix කරන්න පුලුවන්ද?

    Reply
  • September 26, 2017 at 9:29 pm
    Permalink

    Meka copy ekak nmei ndaaa

    Reply
    • September 26, 2017 at 10:22 pm
      Permalink

      WEB-DL Cam Copy newe

      Reply
  • October 3, 2017 at 11:50 am
    Permalink

    1080p 10bit BluRay එක තාම නෑ නෙ..??

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *