Saansein: The Last Breath (2016) | තෘෂ්ණාවෙන් පිරි ආත්මය

Rajiv S Ruia අධ්‍යක්ෂණය කර Vivek Kar විසින් සංගිතවත් කල මේ චිත්‍රපටය විනාඩි 101 ක කාලයක් ධාවනය වෙනවා. 2016 නොවැම්බර් 25 වෙනිදා නිකුත් වු මේ ෆිල්ම් එකේ Rajneesh Duggal (අබේ), Sonarika Bhadoria(ෂෙරින්), Hiten Tejwani (සි.කේ. බිර්), Neetha Shetty (ටානියා), Amir Dalvi (ශුබ්රට්) රංගනයෙන් දායක වෙනවා. මේ ෆිල්ම් එකේ ලස්සන සිංදු කිහිපයකුත් තියෙනවා. එවායින් “Tum Jo Mile” , “Tum Ho Mere” , “Royi” යන ගිත වලට මම පුළුවන් විදිහට උපසිරැසි කලා. අඩු පඩුවක් තිබ්බොත් එ ගැන සමාවෙන්න. Romance/Horror වර්ගිකරණයට අයත් වන මේ චිත්‍රපටය IDMb අගය 4/10 ක් විදිහට සටහන් වෙනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්,

හාසාලි කියන්නේ මුරුසියේ තියෙන අංක එකේ ක්ලබ් එකක්. ෂෙරින් කියන ගයිකාව තමයි ඒ ක්ලබ් එකේ සිංදු කියන්නේ. ඇයගේ සිංදු අහන්න වගේම ඇයව බලන්නත් හාසාලි ක්ලබ් එකට මිනිස්සු එනවා. ඇය නිසාම ක්ලබ් එකට මිනිස්සු ගොඩක් එනවා. ඒත් ඇයට වැඩිය යළුවෝ නැ. ඇය කාවවත් ඇ‍යගේ ජිවිතේට ලං කර ගන්නැ. ඇය ක්ලබ් එක‍ට උනත් වෙලාවට ඇවිත් සිංදු කියලා ඉක්මනට ගෙදර යනවා. ඇයට ලං වෙන්න හදන අයව අද්භූත විදිහට මැරෙන නිසා ෂෙරින්ට තනියම ජිවත් වෙන්න වෙලා තියෙනවා. ෂෙරින්ට ඉන්නේ ඇයගේ නංගි (අදිති) විතරයි. ඇයට යළුවෙක් කියන්න ඉන්නේ ටනියා කියන ක්ලබ් එකේ අයිතිකාරිය විතරයි.

කතාවේ විරයා අබේ මුරුසියට එන්නේ ව්‍යාපාර වැඩකට. අබේ ෂෙරින්ව දැකලා ඇය ගැන කැමැත්තක් ඇති වෙලා ටනියාව හමු වෙනවා ෂෙරින් ගැන දැනගන්න. ටනියා ඔහුට ෂෙරින්ගේ තත්වය ගැන ඇයගේ අද්භූත රහස ගැන ඔහුට හොදින් තේරුම් කරලා දුන්නාට පස්සේත් ඔහු තිරණය කරනවා ෂෙරින්ට ආදරය කරන්න ඇයට උදව් කරන්න. ටනියා ෂෙරින්ට අබේ ගැන කිව්වත් ඇය ඔහුට ඇයගේ කැමැත්ත දෙන්නැ මොකද ඇය හිතනවා ඔහු‍ගේ ජිවිතයක් අද්භුත විදිහට නැති වෙයි කියලා. එත් අබේ ඇයට තේරුම් කරලා දුන්නාට පස්සේ ඇය ඔහුට කැමැත්ත දෙනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.5GB |

1e276eb707b7eaf7768f455324358d138065e82f

 Direct Download

| HDRip | x264 | 1CD | 665MB |

| HDRip | x264 | 720p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *