Wish Upon (2017) | සංගීත නාදය අවසන් වූ විට ඔබේ පැතුම ඉටුවේවී, නමුත් එයට වන්දිය රැධිරයෙන් ගෙවීමට සිදුවේවි!

මේක ගැන කියනවනම් 2017.07.14 තමයි මේ චිත්‍රපටිය ලොව පුරා තිරගතවීම ආරම්බ කරලා තියෙන්නේ. මේක අයිති වෙන්නේ Fantasy, Horror, Thriller ගනයට. ඒවගේම මේ වනවිට මේකට 4.8ක IMDb අගයක් ලැබිලා තියනවා. Joey King, Ryan Phillippe (ශූටර් ටීවී සීරිස් එක බලන අයට නම් මෙයා ගැන අමුතුවෙන් කියන්න ඔනි නැහැනේ), Ki Hong Lee (THe Maze Runner බලපු අයනම් මෙයාව දන්නවා ඇති), වගේ හොලිවුඩ් වල දක්ෂ නළුනිලියෝ රැසක් මේකට රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් තවදුරටත් කියනවනම් අමුතුම කතාවක් යන්නේ.

ක්ලේයා.. හුගක් ලස්සන තරැණ ගැහැනු ළමයෙක්, ඇය කුඩා කාලයේදිම ඇයගේ අම්මා අවාසනාවන්ත විදිහට මිය යනවා, මවගේ වියෝවෙන් පස්සේ ක්ලේයගේ ලෝකය වෙන්නේ එයාගේ තාත්තයි මැක්ස් කියන බලු පැටියයි. ඉතින් මෙයාලට වැඩි වත්කමක් නැහැ, ඒක නිසා ක්ලේයා හැම දාම පන්තියේ ඉන්න පෝසත් ළමයින්ගේ කෙනහිලිකම් වලට ලක්වෙනවා. ක්ලේයගේ තාත්තාගේ රැකියාව පරණ යකඩ බඩු එකතු කරන එක… ඉතින් ඔයාමෙ යකඩ බඩු හොයන්න ගිය වෙලාවක එයාට පොඩි පෙට්ටියක් හම්බ වෙනවා, ඒ චීන අකුරින් කැටයම් කරලා තියන නිසා ඔහු ඒක ඔහුගේ දුව ක්ලේයට තෑගි කරනවා,ඒ පෙට්ටිය අරින්න බැහැ, ඒකේ තියෙන චීන අකුරැ වලින් ක්ලේයට කියවගන්න පුළුවන් වෙන්නේ ප්‍රාර්ථනා හතක් කියන එක විතරයි.. ඉතින් ක්ලේයා ඒක උඩ අත් දෙක තියාගෙන පැතුමක් පතනවා.. පහුවෙනිදි බලද්දි එයාගේ පළවෙනි පැතුම ඉටුවෙලා, ඒත් වැඩේ කියන්නේ එයාගේ හුරතලා මැක්ස් ආගි අතක් නැහැ, පස්සේ ගෙදර පහළ ගබඩාවේ තිබිලා මැක්ගේ මල සිරැර ක්ලේයා හොයාගන්නවා, ඉතින් මේ ගැන වැඩි අවබෝදයක් නැති ක්ලේයා තවත් ප්‍රාර්ථනාවක් කරනවා.. ඒකත් ඉටුවෙනවා.. ඉතින් ඒ ප්‍රාර්ථනාවෙන් පස්සෙත් ක්ලේයට එයාගේ සමීපම කෙනෙක් අහිමි වෙනවා…

ඉතින් පස්සේ ක්ලේයා එයාගේ යාලුවා රයන් එක්ක එකතුවෙලා මේ පෙට්ටිය ගැන හොයන්න ගන්නවා, එයා ඒක ගැන හුගක් දේවල් හොයාගන්නවා, ඒත් ඒ එකක් වත් හොද දේවල් නෙමෙයි, ප්‍රාර්ථනාවක් කලාට පස්සේ පෙට්ටිය ඇරිලා සංගීතයක් වාදනය වෙනවා, ඒක ඉවර වෙනවත් එක්කම ඒ ප්‍රාර්ථනාව ඉටුවෙනවා. හැබැයි ඒ වෙනුවෙන් එයාගේ සමීපම කෙනෙක්ට මිය යන්න සිද්ද වෙනවා. ප්‍රාර්ථනා පෙට්ටිය නිසා ක්ලේයට හැම දෙයක්ම ලැබෙනවා. එයා ඉස්කෝලේ කැපී පෙනෙන චරිතයක් වෙනවා. ඉතින් දවසක් ක්ලේයා කොහොම හරි මේ පෙට්ටියේ තියන අනිත් චීන අකුරැ වල තේරැමත් හොයාගන්නවා, ඒකේ තියන විදිහට මේ ප්‍රාර්ථනා හත අවසානයේ…….

එතනින් එහාට කියන්න යන්නේ නැහැ, ඉතින් ගොඩාක් බයානක දේවල් සිද්ද වෙනවා, කුතුහලය උපරිමයි ඇසට කදුලැලි උනන අවසානයක් තියෙන්නේ,

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 665MB |

3549148407ca28a6069380f9f91c01dd584255a7

| BluRay | x264 | 1080p | YTS | 1.4GB |

0fa39ca32b1406725191e07109309a4d9e1f801e

| BluRay | x265 | 720p | 463MB |

127f70a50a8ee7cb3ce1ecad11a4fe569831616c

 Direct Download

| BluRay | x264 | 480p | 370MB |

| BluRay | x264 | 720p | 665MB |

| BluRay | x264 | 1080p | 1.4GB |

| BluRay | x265 | 720p | 463MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Wish Upon (2017) | සංගීත නාදය අවසන් වූ විට ඔබේ පැතුම ඉටුවේවී, නමුත් එයට වන්දිය රැධිරයෙන් ගෙවීමට සිදුවේවි!

  • October 10, 2017 at 11:36 pm
    Permalink

    Thanks !!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *