Dhilluku Dhuddu (2016) | පාළු බන්ගලාවට අරක්ගත් යක්සණියක්, දෛවයේ නාමයෙන් එක්වු පෙම්වතුන් යුවලක්

දමිල සිනමා රසිකයෙක්නම් අනිවාර්යෙන්ම සන්තානම්ව නොදැන ඉන්න විදිහක් නැහැ. මොකද විකට චරිත වලට පන පොවමින් ප්‍රේක්ෂකයාට උපරිම වින්දනයක් ලබාදුන් කෙනෙක් තමයි සන්තානම් කියන්නේ. සන්තානම්ව අපිට ටික කාලයක් චිත්‍රපටිවල දැකගන්න ලැබුනේ නැහැ. ඒකට හේතුවනම් මම දන්නේ නැහැ ඒත් කාලෙකට පස්සේ ඔන්න එයා ප්‍රධාන චරිතයට පනපොවන අළුත්ම චිත්‍රපටියක් අරන් තමයි මම මේ ඇවිත් ඉන්නේ. මේක ගැන කියනවානම් මේක විකාශණය ආරම්බ වෙලා තියෙන්නේ2016 ජූලි වල. මේක අයිති වෙන්නේ Horror,Comedy ගනයට. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේRambala,ඒවගේම මේකට 5.3ක Imdb අගයක් ලැබිලා තියනවා(සමහර ජනප්‍රිය ඉංග්‍රිසි Horror චිත්‍රපටිවලවත් එච්චර අගයක් නැහැ) ඉතින් මේ ඊයේ පෙරේදා තමයි හොද කොපියක් අන්තර් ජාලයට නිකුත් වුනේ, ඉතින් හොරර් ෆිල්ම් වලට තියන ඇල්මයි, සන්තානම් මගේ ආසම නළුවෙකුයි වෙන නිසාමම මේක බරගෙන කරන්න හිතුවා, ඉතින් මේක මට බාර දුන්න සිසිල අයියටත් මම මේ වෙලාවේ ස්තූති කරනවා,

එත් ලැබිලා තිබුන ඉංග්‍රිසි සබ් එකනම් අන්තිම සවුත්තුයි, ඉතින් ගොඩක් අමාරැ වුනා වැඩේ අහවරක් කරන්න, ඉතින් මම ටැමිල් දන්නේ නැති නිසා සමහර තැන් වල මතුවුන ගැටළු අපේ ඉමේෂ් මලයා නැත්තම් “Snake RaJ”ට කියලා තමයි නිරාකරනය කරගත්තේ. එයාටත් මෙතනදි ස්තූති කරන්න ඔනි, එහෙනම් වැඩි කතා ඔනි නැහැ චිත්‍රපටියට යමු.

කාජල් සහ කුමාර්. මේ දෙන්නා ඉස්කෝලේ යන කාලේ ඉදලම හොදම යාළුවෝ, පුංචි කාලේ ඉදන්ම කාජල් කුමාර්ට ආදරේ කරනවා ඒත් අවාසනාවන්ත සිදුවීමක් නිසා දෙන්නට පුංචි කාලයේදිම වෙන්වෙන්න සිද්ද වෙනවා, කුමාර් වෙන ඉස්කෝලෙකට යනවා.. කාජල් උසස් අධ්‍යාපනයට ඇමරිකාවට යනවා. ඉතින් කාජල් ලොකු වෙන්න ලොකු වෙන්න කුමාර්ට තියන ආදරේ වැඩිවෙනවා ඉතින් එයා කුමාර්ව හොයාගෙන ඉන්දියාවට එනවා,..

ඉතින් කුමාර් කියන්නේ දුප්පත්.. දෙවියන්ට ලැදි ශක්තිවන්ත ඉලන්දාරියෙක්, එත් කාජල් ලොකු පව්ලක පෝසත් පට්ට ලස්සන කෙල්ලෙක්.. ඉතින් කාජල්ගේ ගෙදරින් මේ සම්බන්දෙට කැමති වෙන්නේ නැහැ. එත් කාජල් කුමාර් නැතිවුනොත් මැරෙනවා කියනවා.. එතනදි අසරන වෙන කාජල්ගේ තාත්තා කුමාර්ව මර්න්න තීරනය කරනවා. එයා ඒකට මණී කියන මිණීමරැවා ලගට යනවා… අවසානෙදි මණි තීරණය කරනවා.. කසාදේ ගැන කියලා කුමාර්ව රවට්ටලා පාළු බංගලාවකට ගිහින් දවස් 3ක් ඇතුලත කාටවත් කිසිම සාක්සියක් නැතිවෙන්න මරලා දාන්න. ඉතින් මනි මේකට සුපිරි සැලසුමක් හදනවා. එයාලා ඒකට තෝරගන්න බංගලාව එසේ මෙසේ එකක් නෙමෙයි. ඉතින් කුමාර්ට මොනවා වෙයිද, එයා කාජල්ම විවාහ කරගනියිද,කව්ද මේ බංගලාවේ ඉන්න යක්ෂනිය, කොහොමද එයා මැරැනේ, කුමාර්ලට බංගලාවට අරක්ගත් යක්ෂනියගෙන් බේරෙන්න පුළුවන් වෙයිද, මණි කොහොමද කුමාර්ව මරන්න හදන්නේ. මේවට උත්තර හොයන්නනම් මේක බලන්නම වෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කඑක චුට්ටක්වත් කම්මැලි නැතිව එක හුස්මට රසවිදින්න පුවවන් චිත්‍රපටියක් මේක…

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 400MB |

dbea3c76112abc4e0353bff24784eeb9186badc2

| HDRip | x264 | 1CD | 700MB |

c3c2e10dd8c5e19e85358a0361f6da1674a8eb86

 Direct Download

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | 1CD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Dhilluku Dhuddu (2016) | පාළු බන්ගලාවට අරක්ගත් යක්සණියක්, දෛවයේ නාමයෙන් එක්වු පෙම්වතුන් යුවලක්

  • October 3, 2017 at 7:29 am
    Permalink

    download karanna puluwan site ehekata mewa upload karahan ban

    Reply
    • October 3, 2017 at 10:05 am
      Permalink

      තේරුනේ නෑ ඔයා කියපු එක.

      Reply
  • October 5, 2017 at 8:59 am
    Permalink

    400mb eka download kra but veda nehene hema player ekaktama demma weda ne.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *