Cult of Chucky (2017) | හොල්මන් බෝනික්කා නැවතත්..

Cult of Chucky (2017) නොහොත් Chucky චිත්‍රපට මාලාවේ හත්වැනි චිත්‍රපටය අරගෙන. මේක බාර අරගෙන කරන්න ගත්තට මොකද ලේසි වුණේ නෑ. මාරම කට්ටක් තමයි කන්න වුණේ. මොකද සබයි ලිපියයි ඉවර කරලා සෝදුපත් බලන්න ලෑස්ති වෙද්දී තමයි බ්ලුරේ වලටයි හොද උපසිරැසියකුයි නිකුත් වෙලා තිබුණේ. ආපු පළවෙනි ඉංග්‍රීසි උපසිරැසියට තමයි සබ කලේ. ආපු පලවෙනි උපසිරැසිය නිසා සම්පුර්ණයෙන්ම නිවැරදි නැහැ. 90%ක්ම වගේ තිබුනේ චිත්‍රපටියේ කියන දේ නෙවෙයි. ඒ නිසා ඉතින් මේක කරන්න ගත්ත වෙලාවේ ඉදන් හෑන්ඩ් ෆ්‍රී එක ගහගෙන එකම ලයින් එක සෑහෙන්න වතාවක් අහලා තමයි සබ කලේ. චකීගේ හිනාව තාමත් මගේ ඔලුවේ නිකනුත් ඇහෙනවා ඇහෙනවා වගේ දැන් නම්. බොරු නම් අරන් බලන්න මේක වෙනත් භාෂාවක් යොදාගෙන නිකන්ම මෘදුකාංග හරහා පරිවර්තනය කරපු ඉංග්‍රීසි උපසිරැසියක්. අනික මේ චිත්‍රපටය නිකුත් වෙන්න කලින් නිකුත් වුන පිටපතක්. එහෙම දේවල් නම් ඕන තරම් වෙනවා. මුලින්ම නිකුත් වුණේ Unrated DVD කොපියක්. දැන් අහන්න එපා කැමරා කොපිද කියලා. කෑලි හැලිලා නැහැ. සම්පුර්ණ කොටස් ඔක්කොම ඇතුලත් කරපු එකක්.මුලින් ඩිවිඩි පිටපත් ගත්ත අය දුක් වෙන්න එපා. මොකද ඒ අයටයි අගහරුවදා උදේ නිකුත් වුනු බ්ලුරේ වලට හරි යන්නයි උපසිරැසි දෙකක්ම මං අමුණලා එවනවා ඔන්න.

Chucky කිව්වම නොදන්නා කවුරුත් ඉන්න විදිහක් නැහැ. මං නම් පොඩි කාලේ ඉදන් කිව්වේ හොල්මන් බෝනික්කා කියලා. මට නම් තාමත් මහකයි 2010 කාලයේදී චකීගේ චිත්‍රපට පහ බලන්න මාර කට්ටක් කෑවා. මොකද මේක හොයාගන්න ලේසි වුණේ නෑ. 4 IN 1 කලෙක්ෂන් වුනත් හොයාගන්න සැහෙන්න අමාරු කාලයක්. යාලුවෙක්ගෙන් ඉල්ලන් තමයි බැලුවේ. දැනට කලින් චිත්‍රපට 6 ක් නිකුත් වුණා. Child’s Play (1988)Child’s Play 2 (1990)Child’s Play 3 (1991)Bride of Chucky (1998)Seed of Chucky (2004) වගේම Curse of Chucky (2013). අවුරූදු හතරකට පස්සේ තමයි අධ්‍යක්ෂණ කටයුතු මෙන්ම පිටපතේ වැඩ කටයුතුත් Don Mancini අතින්ම සිදු කරලා චකී නොහොත් හොල්මන් බෝනික්කා ආයේ තිරයට ආවේ Cult of Chucky (2017) නමින්.අවුරුදු ගානක චිත්‍රපට පහට පස්සේ පොඩි පසුබැස්මක් කලින් චිත්‍රපටයේ සිදු වුණා. නමුත් ඒවා නිරාකරණය කරමින් ආයේ පොඩි වැඩි දියුණුවක් මේ චිත්‍රපටයෙන් දැකගන්න ලැබුනා මට නම්. චකීගේ මිනි මැරිල්ල නම් මේ චිත්‍රපටිය තුලින් සුපුරුදු පරිදි දැකගන්න පුලුවන්. IMDb දර්ශකයේ මේ වෙද්දී 6.2/10 අගයක් ලබාගෙන තියෙනවා. තරුණ ඇන්ඩි සදහා Alex Vincent තමයි දායක වුණේ. Curse of Chucky චිත්‍රපටයේ පෝස්ට් ක්‍රෙඩිට් වල එහෙම හිටියා. ඒවගේම පහුගිය චිත්‍රපට දෙකකම රංගනයෙන් දායක වූJennifer Tilly මේ කතාවේ ටිෆිනි විදිහට දැකගන්න පුලුවන්. මිට පෙර චිත්‍රපටයේ දැකගන්න ලැබුණුFiona Dourif මේ චිත්‍රපටිය තුලිනුත් නීකාගේ චරිතයෙන් දැකගන්න හැකියාව ලැබෙනවා. චිත්‍රපටය නිකුත් වීමට නියමිත දිනය වෙලා තියෙන්නේ 2017 ඔක්තෝබර් 24 වැනිදා. සුපුරුදු ආකාරයෙන්Horror, Thriller කියන කැටගරි වලට අයත් වෙනවා. පැයකුත් විනාඩි තිහකුත් පුරාවටම සුපිරි ත්‍රාසජනක අත්දැකීමක් දැකගන්න හැකියාවක් ලැබෙනවා. ඒවගේම හුගක් ස්තුතිවන්ත වෙන්න ඕන හසා අයියට මට මේ චිත්‍රපටය ලබා දීම සම්බන්ධයෙන්.

කලින් වෙච්ච සිදුවීම් එක්ක නිකා ඉන්නේ ලොක්මෝර් කියන මානසික රෝහලේ. නමුත් දිගින් දිගටම ප්‍රතිකාර කිරීමත් එක්ක පසුව එයාව හැරෝගේට් කියන මානසික රෝහලට මාරු කිරීමක් කරනවා. එයාට තාමත් ඇවිදින්න බැහැ. නිකාගේ මුළු පවුලම ඝාතනය කරලා දැම්මේ නම් චකී. ඒත් නිකා කියන්නේ හිනෝත්මාදයෙන් පෙලෙන කෙනෙක් නිසා කිසිම කෙනෙක් එයා කියන දෙයක් විශ්වාස කරන්නේ නැහැ. නීතියට අනුව එයා වැරදිකරු වෙලා ඉවරයි. කලින් චිත්‍රපටියේ ඔයාලට පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක මතකද දන්නෙත් නෑ. අන්තිමට ඇන්ඩිගේ උපන්දිනේ දවසට එයාගෙම ගෙදරට ටිෆිනි එවලා තිබුනා චකීව පෙට්ටියක දාලා ඇන්ඩිව මරලා දාන අදහසින්. ඒත්`එයාට ඒක කරන්න ලැබුනේ නැහැ ඇන්ඩි ඉස්සර වුන නිසා. එතනින් එහාට මුකුත් පෙන්නුවේ නෑනේ. ඒත් මේ චිත්‍රපටයේ ඔයාලට දැකගන්න පුලුවන් වේවි අර අපි දන්න පරණ චකී. ඇන්ඩි එයාව අල්ලගෙන කදෙන් ඔලුව වෙන් කරලා, ඔළුව වෙනම ලී කුට්ටියක තියලා ගැට ගහලා. ඒත් තාමත් පණ තියෙනවා. ඇන්ඩි කියන්නේ හුගක් අදුරු ඉතිහාසයක් තියෙන හුග දෙනෙක් එයාට වෙච්චි දේ දන්න කෙනෙක්. මේ නිසාම ඇන්ඩිගේ ආදර සම්බන්ධතා නම් හරියන පාටක් නැහැ. මොකද පෙම්හමුට එන කෙනා පවා මෙයා ගැන කලින් ගූගල් කරලා බලලා තමයි එන්නේ. කොහොම හරි මෙතෙක් කාලෙකට වෙච්ච හැම සිදුවීමකට පස්සේ මිනිස්සු විශ්වාස කරන්නේ චකී කියලා සෙල්ලම් බඩු කිහිපයයි ඉතිරි වෙලා තියෙන්නේ කියලා. ඒත් එහෙම නැහැ. මොකද තවත් හුගක් චකීලා මේ චිත්‍රපටය තුලින් දැකගන්න පුලුවන්. චකී එන්නේ එයාගේ එකම ගොදුර වෙච්ච නීකාව හොයාගෙන. ඒ මොකට වෙන්න පුළුවන්ද? එතකොට චකීලා ගොඩක් ඉන්නේ කොහොමද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

 | Bluray | x264 | 480p | 309MB |

48AB9DA3F75CA28349EC04A0E5668C730D347127

| Bluray | x264 | 720p | 1.1GB |

42932B52572AEA1ACEE76BB51CC25C73617EE017

| Bluray | x264 | 1080p | RARBG | 2.2 GB |

CC7617547360E932FBC1546600DA45333CFAC501

Direct Download

| Bluray | x264 | 480p | 309MB |

| Bluray | x264 | 720p | 850MB |

| Bluray | x264 | 720p | 1.1GB |

| Bluray | x264 | 720p | 580 MB |

| Bluray | x265 | 720p | 457 MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Cult of Chucky (2017) | හොල්මන් බෝනික්කා නැවතත්..

  • September 27, 2017 at 5:22 am
    Permalink

    Direct link walin adds open wenawa witarai..purudu widiyata torrent walinma gannam..

    Reply
  • September 29, 2017 at 8:02 pm
    Permalink

    | Bluray | x264 | 1080p | RARBG | 2.2 GB |

    CC7617547360E932FBC1546600DA45333CFAC501

    මේක baby driver 1 torrent එක බන්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *