The Condemned (2007) | මරණය නියතයි

කු සල්ලිකාරයෙක් ඉන්නවා. මෙයාට ඕන කරලා තියෙනවා ගහ මරාගන්න සජීවි දර්ශන ටිකක් අන්තර්ජාලය හරහා පෙන්වලා සල්ලි හොයාගන්න. ඉතින් මේකට ඇත්තටම ගහමරාගන්න අයව ඕන කරනවා. මේ සල්ලි කාරයා මොකද කරන්නේ ලෝකයේ විවිධ හිරගෙවල්වල හිරබත් කන මිනීමරපු, ස්ත්‍රී දූෂණ කරපු, මංකොල්ල කාපු, ගෙවල් ගිනිතියපු අය වගේ අති බිහිසුණුම වාර්තා තිබෙන සිරකරුවන් දහදෙනෙක් ව නිදහස් කරගන්නවා. මේ සිරකරුවෝ දහදෙනාම මරණයට තීන්දු වෙලා ඉන්න අය. ඉතින් හැබෑ නිදහස නිකම් ගන්න බෑනේ. තමන්ගේ මේ සල්ලි හොයන වැඩේට උවමනා නිසා ඉහල නිලදාරින්ට පගාව දීමෙන් තමයි නිදහස් කරගන්නේ. මේ අය අතර කාන්තාවන් දෙදෙනෙකුත් ඉන්නවා. වැඩේ සිද්ධ වෙන්නේ දූපතකයි. දූපත වටේම කැමරා බර ගානක් හයි කරනවා. පොකුරු කැමරා, සෙන්සර් තියෙන ඔටෝමේටඩ් කැමරා, රේලින් කැමරා වගේ ඒවා. ඉතින් මුලු දූපතම වගේ මේ කැමරා වලින් ආවරණය වෙලා තියෙන නිසා කොන්ට්‍රෝලින් රූම් එකේ ඉන්න මේකේ ලොක්කට ඇහැ නොගැටී කිසිම දෙයක් කරන්න බෑ.

මේ සිරකරුවෝ දහදෙනා මරා ගන්න හැටි, ඔවුන්ගේ කපටි කම්, ජීවත් වෙන්න තියෙන ආශාවට කරන දේවල් ආදී සියලු දේ මේ කැමරා හරහා සජිවීව අන්තර්ජාලය හරහා විකාශය කරනවා. මේ වැඩසටහන මිලියන ගණනින් මිනිස්සු අන්තර්ජාලය හරහා නරඹනවා. එහෙම බලන අය තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරලා ගෙවීමක් කරන්න ඕන. එහෙම තමයි සල්ලි මේකේ ලොක්කට සල්ලි ලැබෙන්නේ. ඉතින් මේ සිරකරුවෝ දහදෙනාගෙම කකුල්වල බෝම්බ ගැටගහලා හෙලිකොප්ටරයකින් මේ කියපු දූපතේ විවිධ තැන්වලට ගෙනත් දානවා. පැය 30ක කාලයක් තියෙනවා. මේ 10න් එක්කෙනයි ඉතුරු වෙන්න ඕන.එහෙම දිනන කෙනාට විතරයි සල්ලි සමඟ නිදහස ලැබෙන්නේ. මේ අයගේ කකුල්වල ගැටගහලා තියෙනවා බෝම්බයක්. පැය 30ක් ඇතුලත ස්වයංක්‍රියව පිපිරෙන විදිහටයි නිර්මානය කරලා තියෙන්නේ. මේ බෝම්බය කකුලෙන් ගලව ගෙන නිදහස් වෙන්න හැදුවොත් එයාට ලැබෙන්නේ ක්ෂණික මරණය. ඉතින් ඒ මේ තරගෙයෙන් ජයග්‍රහණය කරන්න නම් අනිත් කෙනාව ප්‍රතිවාදියා ලෙසින් සලකලා මරන්න වෙනවා. මොකද එක්කෙනාටයි නිදහස ලැබෙන්නේ. තරඟයේ නීති රීති මුකුත්ම නෑ. ඕනම හැටියට මරන්න පුලුවන්. ඉතින් සියළු දෙනා එකිනෙකාව මරා ගන්නවා. මේක ඇතුලේ ඛේදනීය ආදරයකුත් තියෙනවා. අවසානෙට මොනවා වෙයිද? ලොක්කා හිතපු විදිහට සල්ලි ටික අතට ලැබෙයිද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 842MB |    

a9bb0a0a7238beecc4841d3f194b68c0c0c43fb5

| BluRay | x264 | 1080p | YTS | 1.7GB |    

85473f490c056e4c04ef79e4d1ca3013234f6f4d

Direct Download

| BluRay | x264 | 720p | YTS | 842MB |           

  

| BluRay | x264 | 1080p | YTS | 1.7GB |          

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *