Sathriyan (2017) | රක්ත වර්ණ රුධිරයෙන් සිත්තම් කළ ආදර අන්දරය!

තිචී. මලකොට්ටයි වල සුන්දර කඳු යායක් අතර තමයි පිහිටා තියෙන්නෙ. මේ කන්ද මුදුනේ වැඩ වසන්නා වූ මහානුභාවසම්පන්න ගණ දෙවිඳුන් තමයි මේ ත්‍රිචී ප්‍රදේශය පාලනය කරනු ලැබුවේ. හැම ආගමකම වගේ මිනිස්සු මේ නගරයේ ජීවත් වුණා. නමුත්, මෙම ප්‍රදේශය පුරාවටම නිරන්තරයෙන් භක්තිය සහ විනය රඳා පැවතුණා. හැම ආගමකම මිනිස්සු කිසිම රණ්ඩු සරුවලක් නැතුව සමාදානයෙන් ජීවත් වුණා. ඒ වගේම, ත්‍රිචි කියන්නෙ බුද්ධිමතුන් සහ දර්ශනවාදීන් රාශියක් භාරත මාතාවට දායාද කරපු භූමියක්. හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහත්මයා අධ්‍යාපනය ලැබුවෙත් මේ ත්‍රිචි නගරයෙන් තමයි. බොහොම ලස්සනට සහ සංසුන් විදියට පේන්න තියෙන මේ ත්‍රිචි පුරවරය බොහොම උෂ්ණාධික ප්‍රදේශයක්. ඒ නිසාමද, නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියලා නම් කියන්න දන්නේ නැහැ, මැරයන්ගේ ප්‍රශ්න බොහොම දරුණු විදියට මේ ප්‍රදේශය පුරාවට මුල් බැසගෙන තිබුණා. මූලිකවම මේක මැර කල්ලි දෙකක් අතර යුද්ධයක් කියලා කිව්වොත් හරි. මේ නිසාම ත්‍රිචි මිනිස්සුන්ට රුධිරය කියන දේ කොච්චර සාමාන්‍ය දෙයක් වෙලාද කියනවා නම්, මැරයින්ගේ තියුණු ආයුධ වලින් ගලා යන්නා වූ රුධිරය තවදුරටත් මිනිසුන්ගේ ඇස් වලට වේදනාවක් ගෙනදුන්නේ නැහැ. නමුත්, මේ රුධිරය නිසාවෙන් හැම තැනකම නොමැකෙන පැල්ලම් ඇති වුණා. මේ කියන්න හදන්නෙත් කෝලාහලයක් දක්වාම දුර දිග ගියපු, රුධිර පැල්ලම් වලින් සිත්තම් වූ ආදර අන්දරයක් පිළිබඳවයි.

සමුද්‍රම්! වෙනත් විදියකින් කියනවා නම් “ත්‍රිචි නගරයේ මැර රජා” විදියට තමයි සමුද්‍රම්ව හඳුන්වන්නෙ. කිසිම කෙනෙකුගේ අණසකට අවනත නොවෙන, මරණයට වූවත් නොබියව පා තබන්නා වූ මේ සමුද්‍රම් පිළිබඳව මිනිසුන් තුල පැවතියේ අති මහත් භීතියක්. නමුත්, කිසිම පොත පතක හෝ, පුවත් පතක ජායාරූපයක් හෝ සමුද්‍රම් මෙන්න මේ වගේ කෙනෙක් යැයි හරියාකාරව කිවහැකි පුද්ගලයෙක් හිටියෙ නැහැ. ලොවෙන් වසන්වී, සමස්ත ත්‍රිචි නගරය පුරාවටම සිය අණසක පැතිරවූ අදෘෂ්‍යමාන රජෙකු ලෙස තමයි මේ සමුද්‍රම් සැලකුවේ. නමුත්, සමුද්‍රම්ගේ දියණියට කළහකාරී තරුණයින් පිරිසකගෙන් සිදුවන්නා වූ කරදර හිංසාවන් නිසාවෙන් ඇයගේ මව විසින් තම දියණියගේ ආරක්ෂාව පිණිස පෞද්ගලික ආරක්ෂකයෙකු යොදවනවා.

ගුණා! කිසිම හිතක් පපුවක් නැති දරුණු අපරාධකාරයෙක්. මිනිහෙක්ගේ ජීවිතය නැති කරලා දාන එක බොහොම සුළු දෙයක් වෙච්ච පුද්ගලයෙක්. වෙනත් වචන වලින් කියනවා නම්, හදවත ගලක් බඳු වූ, අතිශය දරුණු ඝනයේ මිනීමරු අපරාධකාරයෙක්. නමුත්, කතාවක් තියෙනවා ගින්දර සහ පුළුන් කවදාවත් එක ලඟින් තියන්න එපා කියලා. මොකද, ලං වෙච්ච ගමන්ම ගිණි ගන්නවා. සමුද්‍රම්ගේ දියණිය ගින්දර නම්, මේ ගුණා තමයි පුළුන්. නිකන්ම නිකන් පුළුන් නෙමෙයි. “තෙත පුළුන්”. තෙත පුළුන්  වලට කොච්චර ගින්දර ලං වුනත් ගිණි ගන්නේ නැහැ. නමුත්, සමුද්‍රම්ගේ දියණියගේ ආදරය හමුවේ ගුණාගේ යකඩ හදවත මෙලෙක් වුණා. මෙතෙක් කාලයක් පුරාවට හදවතේ ලැගුම් ගෙන සිටි දරුණු යක්ෂයා පිටව ගියා. වෙනත් වචන වලින් කියනවා නම්, “තෙත පුළුන් වේලුනා”. මොකද වුනේ? ගිණිගත්තා!

ත්‍රිචි නගරයම හොල්ලගෙන හිටපු සමුද්‍රම්ට තමන්ගේ දියණිය වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂකයෙකු යෙදවීමට තරම් සිදුවූ විනාශය කුමක්ද? සමුද්‍රම්ගේ දියණියට සහ ගුණාට ඔවුන්ගේ ආදරය කරදර බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකියාව ලැබේද? අවසානයේ කුමක් වේවිද?

ඔන්න එහෙනම් ඉක්මණටම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. 2017 වර්ෂයේ ජුනි මස 9 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම සිනමා සිත්තම Action, Romance යන කාණ්ඩ සඳහා අයත් වෙනවා. ඒ වගේම, Imdb දර්ශකය තුල 5.0 ක අගයකින් සමන්විත වෙනවා. චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ, Kumki (2012) චිත්‍රපටය තුලින් දමිල සිනමා ක්ෂේත්‍රය වෙත පා තබමින්, Ivan Veramaathiri (2013), Arima Nambi (2014), Vellaikaara Durai (2014), Idhu Enna Maayam (2015)Wagah (2016), Veera Sivaji (2016) ආදී චිත්‍රපට තුලින් අති සාර්ථක ගමනක් පැමිණි, මේ වන විට දමිල සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රියම රංගන තාරකාවක් වන, Vikram Prabhu විසිනි. ප්‍රධාන නිළිය ලෙස, Aaradhu Sinam (2016), Paayum Puli (2015) සහ Press 1 for Tamil (2015) යනාදී චිත්‍රපට තුලින් ප්‍රේක්ෂක ජනාදරයට පත්වූ Aishwarya Dutta රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ මියුරු ගීත සඳහා සංගීත අධ්‍යක්ෂණය සපයනු ලබන්නේ Yuvan Shankar Raja විසිනි.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 1CD | 707MB | 

140e598fd8f82922ca7db33e6b7fc9866cd14387

| HDRip | x264 | 720p | 1.5GB | 

faee99e312ff189a74c00620febd40e32f699137

Direct Download

| HDRip | x264 | 1CD | 707MB |

| HDRip | x264 | 720p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Sathriyan (2017) | රක්ත වර්ණ රුධිරයෙන් සිත්තම් කළ ආදර අන්දරය!

  • October 11, 2017 at 8:22 am
    Permalink

    sinhala sub ganne kohende?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *