Sea Fog (2014) AKA Haemoo | මූසල මීදුම

මේ චිත්‍රපටිය 2014 තිරගත වුණු drama/thriller ගනයට අයත් වෙන imdb 6.9 ඉහළ අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියක්.මේකට 63% ක ටොමෑටෝ අගයකුත් ලැබිල තියෙනවා.මං කපිතාන්ගෙ පැත්තෙන් කතාව කිව්වට ප්‍රධානම චරිතෙ තමයි මේකෙ බාලයා.ඒ කියන්නෙ දොන්ග් සික්.දොන්ග් සික්ට ඉන්නෙ the girl who sees smells,three days,missing you වගේ ඩ්‍රාමා වල රඟපාපු පාක් යූචන්.එතකොට කපිතාන් හැටියට the chaseryellow seathe priest,the thieves වගේ සුපිරි චිත්‍රපටිවල රඟපාපු කිම් යුන් සොක් තමයි රඟපාන්නෙ.

මගෙ නම චොල් ජූ.. මම නාවිකයෙක්, ධීවරයෙක්.”ජන්ජුන්” තමයි මගෙ බෝට්ටුව.දැන් ඉස්සර වගේ මේ ව්‍යාපාරෙ සරු නෑ.බෝට්ටුවත් අබලන්.මගෙ කණ්ඩායමේ ඉන්නෙත් මෝඩයො රැළක්.ඒත් මං උන්ට ආදරෙයි.ඒ අස්සෙ ගෙදර ඉන්න මගෙ ගෑණි වෙන උන් එක්ක බුදියනවා. ලාබයක් නැති නිසා බෝට්ටුවෙ අයිතිකාරයා බෝට්ටුවත් විකුණන්න හදන්නෙ.අවුරුදු ගාණක් මං රජකරපු බෝට්ටුව විකුණන්න දෙන්න බැරි නිසයි මං මේක සල්ලි වලට ගන්න හදන්නෙ.ඒත් වත්කම් නැති නිසා කවුරුත් ණය දෙන් නෑ.ඒ නිසයි මම හොර ජාවාරම් කරන මිනිහෙක් ළඟට ගියෙ.මිනිහ කරන්නෙ චීනෙන් හොර රත්‍රං ඔරලෝසු ගෙන්නන එක.ඒත් මූ මට දුන්නෙ වෙනමම වැඩක්.ඒ තමයි චීන-කොරියානු සම්භවයක් තියෙන උන්ව චීනෙන් එන නැවකින් මෙහාට පටවන් එන එක.කොටින්ම කිව්වොත් සංක්‍රමණික ජාවාරම.ජීවිතේට මේවා කරලත් නෑ.. ඒත් සල්ලි ඕනෙ නිසා මේක කරනවා.ගොඩ යන්නත් එපැයි.

කොහොම හරි චීනෙන් එන මිනිස්සු ටික බෝට්ටුවට පටව ගත්තා කියමුකො..එතනත් එකෙක් දෙන්නෙක් නෙවෙයි තිහකටත් වැඩියි.මේ සේරම ආම්බාන් කරන එක ලේසි වෙන් නෑ.බැරි වෙලාවත් මුර සංචාරක බෝට්ටුවකටවත් අහු වුණොත් එහෙම,වෙන බෝට්ටුවක් දැකල පැමිණිලි කරොත් එහෙම, සේරටම හිරේ යන්නයි වෙන්නෙ.ඒ නිසයි බෝට්ටුවක් දකින හැමවෙලේකම මුන් ටිකව බෝට්ටුවෙ මාළු ගබඩාවට දාන්නෙ.ඒත් මේ අබලං බෝට්ටුවෙ මාළු ගබඩාව අස්සෙ ගෑස් කාන්දුවක් වෙයි කියල කවුද හිතුවෙ?නොදකින්.. ගබඩාවෙ දොර ඇරල බැලුවම හැම එකාම මැරිලා.. එකා උඩ එකා.මිනී 35 ක් විතර.. දැන් මං මොකද කරන්නෙ?මිනී ගොඩක් මුහුදට දැම්මොත් වෙරළට පාවෙලා යනවා.එක මිනියක් හරි අහු වුණොත් අපි ඉවරයි.වෙන කරන්න දෙයක් නෑ.. සේරම ටික පෙති ගහල මුහුදට දානව ඇරෙන්න.මේ අස්සෙ මුහුදු මීදුමත් බාලා.කිසිම දෙයක් පේන් නෑ.මූසලකම විතරයි.. මේක තමයි වැඩේ කරන්න හොඳම වෙලාව.. කෑලි කපල දැම්මම ලේ වලට මාළු ඇවිත් කාලා දායි.. ලොකු කෑලි දැම්මොත් එහෙම පාවෙලා වෙරළට යන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මගෙ කණ්ඩායමට මිනී පෙති ගහන්න නියෝග කරේ.එක අතකට සේරම එක වැර මැරුණු එකත් හොඳයි.නැත්තත් ප්‍රශ්න වැඩි වෙන්න ඉඩ තිබුණා.අඩුගාණෙ එහෙමයි මං හිතුවෙ.

ඒත් මේ සිද්දියට පස්සෙ කණ්ඩායමේ උන්ට පිස්සු විකාර වෙලා.එකෙක් එක එක එව්ව කියවනවා.තව එකෙක් කෙල්ලෙක් හොයනවා.. එක විකාරයයි.සේරම මැරුණ කියලයි මං හිතාගෙන හිටියෙ.ඒත් කවුද දන්නෙ නැවේ බාලම එකා කෙල්ලෙක්ව අරන් එංජින් කාමරේ හංගගෙන ඉදල කියලා.මූ කියනව ගියාම කසාද බදිනවලු.පිස්සු පෙරේතයා.. ඕකිගෙ කටින් වචනයක් හරි එළියට ගියොත් එහෙම අපි ඉවරයි.දැන් ඉතින් වෙන මොනව කරන්නද?මේකිවත් මරල දානව ඇරෙන්න.ඒත් ඊට කලින් මේ බාලයා අපිව මරණ්න හදනවා..

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 832MB | 

d75f1986ad1e624548b2fbe79044f073923310a4

| BluRay | x264 | 1080p | 1.6GB | 

18960e66d1a01314f536f72b146e62836d9fb0c4

Direct Download

| BluRay | x264 | 720p | 750MB |

| BluRay | x264 | 720p | 832MB |


| BluRay | x264 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *