Undercover Grandpa (2017) | මහදැන මුත්තයි ගෝල මුණුබුරයි

“ඔයාලා හිතනවටත් වඩා ලෝකය තර්ජන වලට මූණ දෙනවා.ඒත් රජය සතුව රහස් ආයුධයක් තියෙනවා”. ඔන්න ඔහොමයි මේකේ Trailer එක පටන් ගන්නේ.ඉතින් මේ රජය සතු රහස් ආයුධය වෙන මොකක්වත් නෙමේ.මෙයා රහසිගත නියෝජිතයෙක්.නිකන්ම කෙනෙකුත් නෙමෙයි ඉතින්..Going in Style වගේම තමයි.Never Gets Old.මේකේ පූර්ව ප්‍රචාරක පටය බලද්දි නම් කම්මැලි හිතුණට ෆිල්ම් එක ටික ටික බලද්දි තමයි කුතුහලේ දනවන සුපිරි සුපිරි වැඩ ටික වෙන්නේ.

රජයේ රහස් නියෝජිතයෙක් ඉන්නවා නමෙන් ‘ලූ’.. රාජකාරි නමෙන් ‘මේජර් ක්‍රෝෆුඩ්’.. ඉතින් මෙයා ගැන පෙර විස්තරයක් විදියට කිව්වොත් මෙයා දිවිත්ව නියෝජිතයෙක් විදියට 90 ගණන් වලදී රජයට මහත් සේවයක් කළ,සොම්බී වසංගතයකට එරෙහිව සටන වැදී,යක්කුත් සමග ගණුදෙනු කරපූ කෙනෙක්.හිට්ලර්ට විරුද්ධවත් සටන් කරපු කෙනෙක්.කතාවේ කියවෙන හැටියට හිට්ලර්ට සොම්බී හමුදාවකුත් ඉදලා තියෙනවා.ඉතින් මෙයා තමන්ගේ හතුරන්ගෙන් බේරිලා ඉන්න බොරුවට මැරුණා වගේ සැගවී ජිවත් වෙනවා.හැබැයි මෙයා තමන්ගේ පවුල අමතක කරලා නෑ.සතියකට දෙවතාවක් මෙයා රෑ කෑම ගනිමින් තම පවුලත් සමග කාලය ගත කරනවා.(කතාවේ හැටියට පොර KFC එකේ රහස් වට්ටෝරුව ගැනත් දන්නවා වගේ) එයා ඒ වෙලාවට තමන් රජය වෙනුවෙන් කරපු හිතාගත නොහැකි මෙහෙයුම් මෙයාලට ඇහෙන්න කියනවා.ඉතින් මෙයාගේ මේ එක කතාවක්වත් එයාගේ මුණුබුරා ‘ජෙකී’ නම් පිළිගන්නේ නෑ. ඒත් ඔහොම යද්දි අන්තිමේට ජේකීට සීයාව විස්වාස කරන්න වෙනවා.මොකද ජෙකීගේ කෙල්ලව පැහැර ගැනීමකට ලක් වෙනවා.ඉතින් එයා ඉන්න තැන හොයාගන්න ජෙකීගේ යාලුවා වෙන්ඩර් Goverment 911 system එක Hack කරනවා.තනියම ගේමට බහින්න බැරි හින්දා තවත් නාකි ඩයල් සෙට් එකක් ගේමට බහිනවා.ඉතින් එක එක්කෙනා ගැන විස්තර චිත්‍රපටියේ තියෙනවා මෙතන කියන්න ඕන නෑනේ.

මේ කතාව කැනඩා මූවී එකක්.ඉතින් ඇමරිකන් හොලිවුඩ් වලට නම් ළං කරන්නවත් බෑ.ඉතින් කැමති අයට අරන් බලන්න පුලුවන්.මෙහෙම දේකුත් කියන්න ඕන.FB එකේ පොස්ට් එකක් දැම්මත් කමෙන්ට් 50ක්වත් අඩුමගාණේ අපිට ගන්න පුලුවන්.හැබැයි අපිට ඒක දාන්න විනාඩියක්වත් යන්නේ නෑ.හැබැයි දවස් ගණන් මහන්සි වෙලා අමාරුවෙන් හදලා පළ කරන උපසිරැසියට ලැබෙන කමෙන්ට්….. 🙁 ඉතින් ඒක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. පොඩ්ඩක් අපි ගැනත් හිතන්න.මාත් මනුස්සයෙක් උපසිරැසි කරන අනික් අයත් මිනිස්සු.අත තියෙනවා,ගත තියෙනවා,හිත තියෙනවා,යතුරු පුවරුව තියෙනවා ඉතින් යටින් කමෙන්ට් කරන්න.ඉස්සර වගේ නම් කමක් නෑ.කමෙන්ට් කරන්න මැසේජ් කරන්න බෑනේ.ඔන්න ලියුමක් ලියන්න ඕන.ඊට පස්සේ ලියුම් කවරෙක ඒක දාලා,මුද්දර ගහලා, ඉතුරු වැඩත් කරලා ගිහින් post කරන්න ඕන.ඉතින් ඒ එක්ක බලද්දි දැන් මොකක්ද..(මගේ හැම ලිපියකදිම මම මෙහෙම කියනවා.එහෙම කරන්න හේතුව තමා එහෙම කරපු හැම වතාවේම වගේ කවුරුහරි කෙනෙක් යටින් කමෙන්ට් එකක් දානවා ‘මේ මගේ පලවෙනි කමෙන්ට් එක’ කියලා..ඉතින් මෙහෙම කියලා කියලා තමයි කමෙන්ට් නොදාන අයට Motivate එකක් දෙන්නේ)

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | FRAGMENT | 582MB | 

5ef89b3e6713c4158b7522c2c01868797505a0dd

| DVDRip | x264 | XviD | 705MB | 

ea1b91550eb49805cf34d47649daa7b3bf1d085a

| DVDRip | x264 | 720p | 1.6GB | 

29dbf78ac85c2d39439bffaf38d9e465d803e3a6

Direct Download

| DVDRip | x264 | FRAGMENT | 576MB |

| DVDRip | x264 | XviD | 700MB |

| DVDRip | x264 | 720p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Undercover Grandpa (2017) | මහදැන මුත්තයි ගෝල මුණුබුරයි

  • September 10, 2017 at 9:37 pm
    Permalink

    ela ela macho….. me Web site dekama link karan naththe ai yaluwe……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *