Taramani (2017) | සමනළියකගෙන් පාර ඇසූවෙමි… (18+)

අනිත් පැත්තෙන් මේ ලෝකේ තනිවුණු කාන්තාවක් මොන මොන ප්‍ර‍ශ්ණ වලට මුහුණ දෙයිද..ඒ ප්‍ර‍ශ්ණ කොයි විදියට නිරාකරණය කර ගනියිද කියන ඉතා තීව්‍ර‍ චරිතයක් තමයි ඇන්ඩ්‍රියා රඟපාන්නේ. ඒ චරිතය හරියටම අඳුනාගෙන සුපිරි රඟපෑමක් කරනවා ඇන්ඩ්‍රියා. ඒ වගේම ප්‍ර‍ධාන නළුවා වසන්ත් රවී කියලා අළුත් කොල්ලෙක්. තමුන්ගේ චරිතය හොඳට රඟපෑවා. චිත්‍ර‍පටියේ ඉන්ටවල් එක හරියෙදි වසන්ත්ගෙයි ඇන්ඩ්‍රියාගෙයි සීන් එකක් තියනවා. හුඟක් දිගට යන ඒ සීන් එක සින්ගල් ෂොට් එක්කින් තමයි ඇරන් තියෙන්නේ. ඒ සිදුවීමේ රඟපෑම වේවා..දෙබස් වේවා..රූගත කරපු විදිය වේවා සුපිරියටම ඇරගෙන තියෙනවා. ඔය වගේ හුඟක් සීන් චිත්‍ර‍පටය පුරාවටම තියෙනවා. ඒ වගේම මේ චිත්‍ර‍පටය ගොනාගෙයි මීමාගෙයි කතාවක් කිය කිය පසුබිමින් අධ්‍යක්ෂක රාම් විටින් විට පසුබිම් කථනයක් සිදු කරනවා. ඒක චිත්‍ර‍පටියට අදාළ වුණත් නැතත්..බලන් ඉන්න අපිට නම් හොඳ ආස්වාදයක් ලබා දෙනවා. ඒ දෙබස් හිංදා සිනමා ශාලාව ඇතුලේ විසිල් සද්ද එහෙමත් ඇහුණා කියලා මට බලපු කෙනෙක් කිවුවා. ඔයාලා මේ චිත්‍ර‍පටය බැලුවොත් ඔයාලටත් ඒක දැනෙයි කියලා හිතෙනවා.ෆිලුමට සංගීතය සපයලා තියෙන්නේයුවන් ෂංකර් රාජා.

චිත්‍ර‍පටයේ අඩුපාඩුවක් කියලා කිවුවොත්..චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන නිළියගේ මට්ටමටම නළුවා හිටියාද කියලත් මට හිතුණා. දෙවෙනි භාගයේ නළුවා ෆෝන් එකක් ඇරන් අරයාට මෙයාට කතා කර කර ඉන්නවා, පොලිසිය එයාව ෆලෝ කරනවා වගේ සීන් ටිකක් හින්දා කතාවෙන් පිට පැන්නා වගෙත් දැනුණා. නමුත් සාරාංශයක් විදියට මේ චිත්‍ර‍පටය කොහොමද කියලා ඔයාලා ඇහුවොත්.. මේ චිත්‍ර‍පටයට බලන කෙනාගේ මානසිකත්වය අනුව විවිධ අර්ථකතන දිය හැකියි. හැබැයි ඒ කිසි කෙනෙක් මේ චිත්‍ර‍පටය හොඳ නෑ කියලා නම් කියන එකක් නෑ. මේක හුඟක් වෙනස් කතාවක්..සහ මේ වගේ කතා ඉදිරියටත් ගෙන ආ යුතුයි. ඔබට මම අනිවාර්යෙන්ම මේ කතාව බලන්න කියලා ආරාධනා කරනවා..ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ආරාධනා කරනවා. නිසැකවම ඔබට අමුතුම අත්දැකීමක් ලබා දෙනවා ඇති.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 426MB | 

508e8a6e7860bdf12b0ac2354113bbad80e8d55b

| HDRip | x264 | 1CD | 700MB | 

009fcf7de0b256015523f8089ac55fb2e1cadab0

| HDRip | x264 | 720p | 1.5GB | 

8b7962c4ac51a9e6119f10eb10c3b847d68a6528

Direct Download

| HDRip | x264 | SD | 426MB |

| HDRip | x264 | 1CD | 700MB |

| HDRip | x264 | 720p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *