The Prison (2017) | ගිණිබත් වෙන්නට පෙර ”හිරගෙදර”

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 මාර්තු 31 ඉස්සරලම ඇමරිකාවෙදි තිරගත කිරීම ආරම්භ කරපු ඇ.ඩොලර් මිලියන 21 ක ආදයමක් ලැබීමට සමත් වුණු crime/action ගණයට අයත් වෙන imdb 6.5 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියක්. ඒ වගේම තමයි ගූගල් පරිශීලකයින්ගෙ 96% ක පිරිසක් මේ චිත්‍රපටියට කැමැත්ත දක්වලා තියෙනවා.නමේම තියෙන හැටියට මේ චිත්‍රපටිය හිරගෙයක් තුල සහ පිටත සිද්ධ වෙන අපරාද සම්බන්ධව ක්‍රියාදාම පෙළක් තමයි ගෙනහැර දක්වන්නෙ.කිසි කම්මැලිකමක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක් තමයි මේක.වැඩි අටුවා ටීකා නැතුව මම කෙළින්ම චිත්‍රපටියෙ සාරාංශෙට බහින්නම්..

සන්ග්-අන් හිරගෙදර කියන්නෙත් අනික් හිරගෙවල් වල වගේම සුළු සහ දරුණු අපරාදකාරයින්ගෙන් පිරුණු හිර ගෙයක්.මේක ඇතුලෙ කල්ලි කීපයක් තියෙනවා.මේ අතරින් ඉහළින්ම ඉන්නෙ ඉක්හෝ කියන හිරකාරයා.මෙයා තමයි මේ හිරගෙදර රජ්ජුරුවො.කොටින්ම කිව්වොත් මෙයාට ඕනෙ වෙලාවක එළියට යන්න එන්නත් පුළුවන්.ඕනෙම දෙයක් කරන්නත් පුළුවන්.අනික මේ හිරගෙදර සුළු නිලදාරින්ගෙ ඉඳන් ඉහළම ප්‍රධානියට යනකම්ම මෙයාට බයයි.මේ හිරේ වෙන ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඒවා විසඳන්නෙත් මේ ඉක්හෝ. ඒ වගේම තමයි මේ ඉක්හොට ඇතුලෙ වගේම එළියෙත් කණ්ඩායමක් ඉන්නවා.එළියෙ ඉන්න අය ලොකු ලොකු වැඩ හොයාගෙන හිරගෙදර ඉන්න ඉක්හොට දැනුම් දෙනවා.මිනී මැරුම් වගේ දේවල් තමයි.ඇතුලට එහෙම පණිවිඩයක් ආවම ඉක්හෝ ඇතුලෙන් කට්ටියක් අරගෙන එළියට ගිහින් වැඩේ ඉවරයක් කරල ආයෙම ඇතුලට එනවා.එතකොට දැනටමත් හිරේ ඉන්න උන් එළියෙ අපරාද කරන්නෙ කොහොමද කියල කවුරුත් සැක කරන්නෙ නෑ.අනික තමයි හිරේ ඉන්න අනිත් හිරකාරයොත් බලන්නෙ මේ ඉක්හෝ ලගට රිංගගන්න.ඒ මොකද කියනවනම් ඉක්හෝ ලග ඉන්නව කියන්නෙ ජීවිතේ ගොඩ තමයි කියල හැමෝම විශ්වාස කරන නිසා.

එතකොට සොන්ග් යූ ගොන් කියන්නෙ අළුතෙන් හිරේට යන පොලිස් නිලදාරියෙක්.මෙයාට තියෙන චෝදනා තමයි මිනිහෙක් හප්පලා පැනල ගිහින්, සාක්ෂි විනාශ කරලා,අල්ලස් අරගෙන වගේ අපරාද කීපයක්ම තියෙනවා.අනික තමයි මෙයා මිනිස්සු හොයන්නත් දක්ෂයි.අළුත හිරේ යන මෙයා ඇතුලෙ වෙන කිසිම දෙයක් දන් නෑ.හෙණ ලොකු සීන් එක දාගෙන තමයි ඉන්න හදන්නෙ.ඒත් පළවෙනි දවසෙම හිරේ ඉන්න උන්ගෙන් හොඳට ගුටි කනවා.ඊට පස්සෙ ඉක්හෝ මැදිහත් වෙලා මූව ආම්බාන් කරනවා. ඊට පස්සෙ හිරේ හැමෝම මේ ඉක්හො ලගට යන්න දගලන විත්තිය දැනගෙන මූත් එයාගෙ ගෝලයෙක් වෙන්න ට්‍රයි කරනවා.

ඒකෙ ප්‍රතිපලයක් විදියට ඉක්හොගෙන් පැනල ගියපු මිනිහෙක්ව අල්ලලා දෙන්න කියල මේ යූ ගොන්ට කියනවා.ඒ මිනිහව මූ අල්ලලා ආපහු හිරේට අරගෙන එනවා.ඒත් ඌව අරගෙන ආවට පස්සෙ ඒ මිනිහට කරපු දේ දැකලා මෙයා ගැස්සෙනවා.ඒත් දැන් මෙයා ඉක්හොගෙ ගෝලයෙක් වෙලා ඉවරයි.ඒ නිසා එයාටත් එක එක අපරාද වලට හවුල් වෙන්න වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | BluRay | x264 | 720p | 1GB |

828a183fa1a8accd795fc1c53a6212366cdd0ce3

| BluRay | x264 | 1080p | 1.9GB |

242dff13d60ecbb6fecb0757871337d0ea34f37a

Direct Download

           | BluRay | x264 | 480p | 470MB |           

        

               | BluRay | x264 | 720p | 1GB |     

      

              | BluRay | x264 | 1080p | 1.9GB |    

      

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *