My War (2016) | ඇමරිකන් ග්‍රහණයෙන් චීනය මුදවාගත් ස්වේච්චා සේවක යුධභටයා!

හරි මුලින්ම මේකේ විස්තර ටිකක් කියන්නම්. මේක 2016 සැප්තැම්බර් 15 චීනයේදි නිකුත්වුණ චිත්‍රපටයක්. IMDB දර්ශකයේ ඡන්ද 72කින් 5.9ක් ගත්ත චිත්‍රපටයක්. මේකෙ ඡන්ද ගණන අඩු මේ චිත්‍රපටය එතරම් ජනප්‍රිය වුණ චිත්‍රපටයක් නෙමේද කොහෙද. ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Oxide Pang Chun මහත්මයයි. මොහු චිනයේ හොඳ අධ්‍යක්ෂකවරයෙකි. ඒ මන්ද මොහ චිත්‍රපටි ගණනාවක් නිර්මාණය කරලා තියනවා. උදාහරණ ලෙස කිව්වොත් Detective Gui (2015)Out of Inferno (2013), Conspirators (2013). මොහුගේ ජනප්‍රියම චිත්‍රපටි ලෙස The Eye (2002),Bangkok Dangerous (2008) පෙන්වාදිය හැක.

හි ප්‍රධාන චරිතය ලෙස Liu Ye රඟදක්වනවා. මොහුගේත් අලුත් චිත්‍රපටි දෙකකුයි ජනප්‍රිය දෙකකුයි මම සඳහන් කරන්නම්. The Founding of an Army (2017), The Bombing (2016) අලුත් චිත්‍රපටි දෙක ලෙසත් Lan Yu (2001), Curse of the Golden Flower (2006) ජනප්‍රිය චිත්‍රපටි දෙක ලෙසත් දැක්වේ.

Wang Luodan මෙහි ප්‍රධාන කාන්තා චරිතය ලෙස රඟදක්වයි. ඇය The Secret (2015), To the Fore (2015), Rise of the Legend (2014) යන චිත්‍රපටිවල රඟපා ඇත.

Tony Yang මෙහි ප්‍රධාන උප චරිතයක් ලෙස රඟදක්වනවා. මොහු ලුවෝඩොන්ග් චරිතයට පණපොවයි. මොහුත් චීනයේ ජනප්‍රිය නළුවෙකි. 2017 වසර තුළ චිත්‍රපට 4ක් එලිදැක්වීමට නියමිතව ඇත. Cold War 2 (2016)Phantom of the Theater (2016) දැක්විය හැක.

දැන් වීඩියෝ එක පැත්තට පොඩ්ඩක් හැරෙමු. මෙම චිත්‍රපටයේ කතාව‍ ගෙතිලා තියෙන්නෙ ඇමරිකාව විසින් චිනය අල්ලාගනියි. අනතුරුව චීනයේ ස්වේච්චා සේවක හමුදාව ‍ඒ සඳහා යොදවයි. චිත්‍රපටයේ තාත්ත්වික බව ඒ අයුරින්ම රැකගෙන නිර්මාණය කළ චිත්‍රපටයක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ මොකද පැරණි බව කාලයට අනුව මැනවින් නිර්මාණ කර ඇති නිසායි. ඉතින් ඔය යුද්ධය අතරේ මේ ස්වේච්චා සේවක කණ්ඩායමේ නායකත්වය හොබවන්නේ Liu Ye ය. මොහු හිතවත්ම කිහිපදෙනෙක් මේ යුද්ධය අතරේදී නැතිවෙනවා. අන්තිමේදි ඉතුරු වන්නේ මොහු හා ලුවෝඩොන්ග් පමණයි. තවද චිත්‍රපටය අතරේ පෙම් හබ, ඒ හින්දා ඇතිවන ආරවුල් හිත් අමනාපකම් එහෙම ඇතිවෙන අවස්ථා මේ චිත්‍රපටයේ තියනවා. යුධ, ආදර යන වර්ග දෙක එයින් සම්පූර්ණ වෙලා තියනවා. නමුත් මේක අයිතිවෙන්නේ ඉතිහාස හා යුධ යන ගණයටයි. ඉතින් චිත්‍රපටය අවසානය දක්වා නොනවත්වා බැලිය හැකි චිත්‍රපටයක්. අවසානයේ දුක්ඛදායි අවස්ථා බොහොමයක් ගැබ්ව තිබෙනවා. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නෙ කියලා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HC WEBRip | x264 | FGT | 900MB|

51a0cec292820d5c31736076e39422fd1b9d3b7f

Direct Download

| HC WEBRip | x264 | 720p |900MB |           

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *