The Girl Who Sees Smells (2015) [E01] | සුවඳ පෙනෙන අමුතු කෙල්ල!

”මගේ ඇස් ඇරල බලද්දී, මං පුදුමෙනුත් පුදුමයට පත් වුනා. ඒ මොකද කියනවනම්, පුදුමාකාර දේවල් තුනක් මට වෙලා තිබුනා. දොස්තර කිව්වේ, මං කෝමා එකෙන් නැගිටියි කියලා කවුරුවත් හිතුවේ නැතිලු. එයා කියනවා, මගේ වම් ඇහැ නිල් පාටට හැරෙන එකට කිසිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැතිලු. දවස් 193ක් ඉස්පිරිතාලේ ඇඳේ ඉන්න තරම් මට වුනේ මොකක්ද? ඒක මතක් කරගන්න මං ගොඩක් උත්සහ කරා, ඒත් මට මතක නෑ. ඒ මදිවට, මගේ නාහෙන් මට දැනෙන සුවඳ, මගේ ඇස් වලින් පේනව… වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි, මින්ට්, අඹ, චෙරි, පීච්, ලෙමන්.”

මාත් ඔය කතාව අහපු ගමන් විශ්වාස කරේ නෑ, ඔහ් චෝ රිම් කියන්නේ බොරුවක් වෙන්න බැරිද? අන්න එහෙමයි මට හිතුනේ. ඒත්….. එක මොහොතක් ආවා, මායාවයි ඇත්තයි අතර වෙනසක් හොයා ගන්න බැරි. ඒ වෙලාවේ ඉදන් මම ඔහ් චෝ රිම්ගේ කතාව විශ්වාස කරන්න ගත්තා.මේ ඇගේ කතාවේ පළමු දිගහැරුමයි. ඒ කතාව අහන්න, දකින්න කැමති හැමෝම දිගටම රැදී ඉන්න.

හැමදාම එකම විදියට ලිපි ලියන්නත් බෑනේ. අද පොඩි වෙනසක් කරා. මොකද, අද මම ගෙනාවෙත් වෙනස් කතාවක්නේ. Sensory couple 2015 කොරියානු මිනි සීරිස් එක පදනම් වෙලා තියෙන්නේ The girl who sees smells කියන වෙබ්ටූන් එකෙන්. මේ කතාවේ ප්‍රධාන චරිත විදියට රගපානවා Park Yoochun, Shin Se-kyung, Kim So-hyun වගේ ජනප්‍රිය නළු, නිළියෝ ටිකක්. මීට වඩා කියවන්න මං බලාපොරොත්තු වෙන්නේ නෑ. බලලා හොදද, නරකද කියන්නකෝ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 276MB |             

     | HDTV | x264 | 720p | 622MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Girl Who Sees Smells (2015) [E01] | සුවඳ පෙනෙන අමුතු කෙල්ල!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *