Narcos [S01 : E01] | මම පැබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවිරියා! [18+]

අහල තියනවද පැබ්ලෝ එස්කොබාර් කියල කෙනෙක් ගැන. ඇත්තටම කවුද මේ පැබ්ලෝ එස්කොබාර්? කෙටියෙන්ම කීවොත් 1949 දෙසැ.01 දින මෙලොව එලිය දැක 1993 දෙසැ.02 දින මිය ගිය කොකේන් මත්ද්‍රව්‍ය ලොවේ අධිරාජ්‍යායි තමයි මේ. කොලොම්බියාවේ Rionegro හි දී හත්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා ලෙස උපත ලැබූ ඔහු තරුණයෙකු ලෙස මුල දී කොලොම්බියාවෙ මෙඩෙලින් නගරයේ වීදි වල සුළු සොරකම් හා ජාවාරම් කරමින් ඔහු සිය සාපරාධී ජීවිතය ආරම්භ කළා. පැබ්ලෝ අවසානයේ ඔස්කාර් බර්නල් අගියුරේ සමග බොහෝ සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ වුණා. ඒ කොච්චර ද කියනව නම් යන්තම් වයස 22 වන විට ඔහු ප්‍රකෝටිපතියෙකු බවට පත්වුණා.

80 දශකයේ දී එක්සත් ජනපදයේ භාවිතා කරන ලද කොකේන් වලින් 80%ක අපනයන හිමිකරුවා වුණේ මොහුයි. කොලොම්බියාවෙන් බිහි වූ ධනවත්ම සහ භයානකම අපරාධකරු වන්නේ ද මේ පැබ්ලෝ මයි. එක්සත් ජනපද ඇස්තමේන්තු වලට අනූව ඔහුගේ ශුද්ධ වත්කම ඇ.ඩො. බිලියන 30ක් සහ 90 සශකයේ මුල් භාගය වන විට කොලොම්බියාව පුරා විවිධ ස්ථාන වල සඟවා තැබූ මුදල් ද එක්ව එය ආසන්න වශයෙන් බිලියන 100$ ක් විතර කියල ගණන් බලල තියනවා (අද වෙනකොට බිල් ගේට්ස් ගෙ වත්කමත් ඇ.ඩො.බිලියන 90ක් විතර. හිතාගන්න පුළුවන්ද සල්ලි කන්දෙ තරම) . ඒ වන විට ඔහු ලෝකයේ ධනවත්ම පුද්ගලයින් දස දෙනාගෙන් කෙනෙක් ද වුණා.අද සිට ඔබ මේ නැරඹීමට ලක ලැහැස්ති වෙන්නේ ලොව මෙතෙක් බිහි වූ ධනවත්ම සහ බලවත්ම සහ කුප්‍රකටම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ හොරා පොලිස් සෙල්ලමයි. මත්ද්‍රව්‍ය ජාවාරම් ලොවේ රජු වන මේ කුප්‍රකට පැබ්ලෝ එස්කොබාර් නීතියේ රැහැනට හසු කරගැනීම් බර කර මතට ගන්නෙ ඇමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නියෝජිත ස්ටීව් මර්ෆි යි.

සත්‍ය සිදුවීම් සහ චරිත පාදක කොටගෙන, සිදුවීම් වලට පාදක වූ සත්‍ය ස්ථාන වලම රූගත කිරීම් කරන ලද මෙම ඇමරිකානු රූපවාහිනී කතා මාලාව විකාශය ආරම්භ කලේ 2015 අගෝස්තු 15 දිනයි. ඒ වගේම සමහර සිදුවීම් වලට අදාල සත්‍ය වීඩියෝ දර්ශන ද මේ කතා මාලාව නිර්මාණය කරන කොට ඇතුලත් කරල තියනවා.ඒ කියන්නෙ නළුවට අමතරව ඇත්තම පැබ්ලෝ එස්කොබරුත් ඉන්නවා. IMDb දර්ශකයේ 9/10 ප්‍රතිචාර ප්‍රමාණයක් ලබාගැනීමට මෙම කතාමාලාව සමත් වී ඇත. ඒ වගේම ඔබ නැරඹිය යුතුම ගණයේ කතාවක් ලෙසට ද මෙය ඉහලින්ම නිර්දේශ කිරීමට හැකිය. ඒ වගේම මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු (18+) බවත් මතක් කරන්න ඕනෙ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TASTETV | 507MB |    

23a27f2f9a6cc9fcf71414b94002f76c7ff8a3d3

| WEBRip | x264 | 720p | 1.7GB |    

c207c1d97d45d1ad2fbbfb619c112307bc95ee81

| WEBRip | x265 | 720p | 341MB |    

e3a613bc4686168204ccfb8c7d0de3db7c5df591

Direct Download  

| HDTV | x264 | 480p | 200MB |            

| HDTV  | x264 | SVA | 507MB |            

| HDTV  | x264 | 720p | 1.7GB |            

| HDTV  | x265 | 720p | 341MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Narcos [S01 : E01] | මම පැබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවිරියා! [18+]

  • September 15, 2017 at 2:46 pm
    Permalink

    Sub eka download denne nane

    Reply
  • September 15, 2017 at 11:40 pm
    Permalink

    Yako me pake baiscope ekata thama bari una hariyata search bar eka hada ganna.
    Ekata gihin Narcos kiyala search kalama nothing found kiyala watenawa.
    Yako ethakota kohomada meke sub eka ganne?.

    Reply
  • September 19, 2017 at 12:30 am
    Permalink

    Narcos kiyala search kalama nothing found kiyala watenawa,,,mokada ehema wenne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *