Ghost House (2017) | සිරුර ඩැහැගත් අවතාරය… (18+)

තායිලන්තය කියන්නේ ඈත අතීතයේ ඉඳලම අවතාර, ප්‍රේතාත්ම යන සංකල්ප දෙවියන්ට හා සමානව අදහපු ජාතිකයන් වර්ගයක්. ඒ භක්තිය වගේම බිය අදටත් තායි ජනයා අතර ප්‍රචලිතයි. තායි බෞද්ධ ජනතාව අතර ඉතිහාසයේ ඉඳලම විශ්වාසයක් තියෙනවා බුදු දහමයි මේ අවතාර සංකල්පයයි මිශ්‍ර වූවක් කියලා. ඒ සංකල්ප දැනටත් පවතින්නේ, පෞරාණික චිත්‍ර, පොත් පත් ආශ්‍රයෙන් ගොඩනැගුනු තායි චිත්‍රපට සහ ප්‍රචලිත වෙමින් යන රූපවාහිනී වැඩසටහන් නිසයි.

සමහර තායි සංස්කෘතයේ එන අවතාර අසල්වැසි සංස්කෘති සමගත් බෙදාහදාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට තායි සංස්කෘතියේ එන “krasue” යන නාමය බෙදාගෙන තියෙනවා කැම්ඩෝබියන්, ලාඕ සහ මැලේ සංස්කෘතීන් සමග. තායි ප්‍රේතආත්ම, අවතාර පොදුවේ හඳුන්වන්නේphi කියලා. ජනයා අතර ප්‍රසිද්ධ pret කියන විශේශට හැර අනෙක් අවතාර වැඩිහරියක්ම සැළකෙන්නේ නිශාචරයන් හැටියට. වැඩිප්‍රමාණයක් සිතුවම්, පොත් පත් වලින් නොපෙනුනනත් ඒවා ජන කටකතා අතර ප්‍රසිද්ධියක් උසුලනවා. අවතාර අරක්ගෙන ඉන්නවා කියලා විශ්වාස කරන්නේ තෝරාගත් ගස් වල, අතහැරලා දාපු ඉඩම් වල සහ විශේශයෙන්ම අතහැරලා දාලා තියෙන්නෙ ගෙවල් වලයි. කඳුඅතර සහ වනාන්තර වල ගැවසෙන අවතාර පොදුවේ හඳුන්වන්නේ Phi khao සහ phi pa කියලා. භූගෝලීය වශයෙන් ගත්තොත්, Phi Pan Nam Range “ජලය දෙබෑ කල හැකි කඳුවැටි වලට අරක්ගත්” Phae Mueang Phi යන නම් පටබැඳ තියෙන්නේ පැරණි අවතාර කඳුකර, වනාන්තර ආසන්නේ සැරිසරන නිසයි. ගැහැණු අවතාර නැත්තම් සුරංගනාවියන් සම්බන්ධ වෙලාතියෙන්නේ වෘක්ෂ වලට, තායි බෞද්ධයන් අතර ප්‍රසිද්ධ Nang Ta khian සහ Nang Tani යන අය පොදුවේ හඳුන්වන්නේ Nang mai (lady of the tree)කියලා.

හරි එහෙනම් ඔය කිව්වේ තායිලන්තයේ ගොඩනැගිලා තියෙන අවතාර සම්බන්ධ පොඩි විස්තරයක්. අපි කතාව පැත්තට ආවොත්, විදේශිකයන් යුවලක් නිවාඩුවට තායිලන්තයේ සවාරියක් එනවා. තායිලන්තයේ සිරිනරඹන්න. ගෝගෝ කියන මගපෙන්වන්නෙක් ගේ මාර්ගයෙන් ඔවුන් තායිලන්තයේ ඇවිදින්න යනවා. මගපෙන්වන්නෙක්ගේ අවශ්‍යතාව මුලදී එච්චර ඕනි නොවුනත්, අවසානයේදී ඔවුන්ගේ දිවි රැකගන්න පවා උදව් වෙන්නේ මගපෙන්වන්නා. ඔවුන් නැවතිලා ඉන්න හෝටලයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙක් ඉන්නවා. ආසියාවේ රටක ඉංග්‍රීසී ජාතිකයන් දෙදෙනෙක්ට තවත් දෙදෙනෙක් හමුවුනාම පොඩි හරි කතාවක් දානවනේ. මේ බ්‍රිතාන්‍යය ජාතිකයන් දෙන්නත් යුවල සමග සුහදශීලීත්වයක් ගොඩනාගන්නවා. ඒකේ යටි අරමුණ පැහැදිලිවෙන්නේ මේ දෙන්නට අනතුරේ වැටුනමයි. බ්‍රිතාන්‍යය ජාතිකයන් දෙදෙනා මේයුවලට එයාලා ඉන්න නගරයේ තැන් පෙන්නනවා. එහෙම විශේශ තැනක් තියනවා කියලා මේ අලුතින් ආපු යුවලව කැලෑවකට එක්කන් යනවා, එතන තියෙනවලු පුරාණ, අතහැරලා දාලා තියෙන නටබුන්. ඒවා පෙන්වන්න කියලා තමයි එක්කන් යන්නේ. එතනින් තමයි මුලු කතාවම කණපිට ගැහෙන්නේ…GHOST HOUSE චිත්‍රපටය නිකුත් වුනේ අගෝස්තු මස විසිපස් වෙනිදා Horror සහ Thriller යන කාණ්ඩයටයි අයත්වෙන්නේ. ප්‍රේක්ශක ප්‍රතිචාර හොඳ වුනත්IMDB 4.7ක අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. පොදුවේ ගත්තොත් මේවට වැඩිය ලොකු අගයක් ලැබෙන්නේ නැහැනේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | FGT | 860MB |    

b7f103b96956528153099e33590a685364b1d4de

| WEB-DL | x264 | FGT | 1.2GB |    

b7f103b96956528153099e33590a685364b1d4de

| WEB-DL | x265 | 720p | 638MB |    

a83a88b85619071e5da1ff4682f5d255b9056949

Direct Download

      | WEB-DL | x264 | 480p | 280MB |         

| WEB-DL | x264 | 480p | 375MB |         

| WEB-DL | x264 | FGT | 860MB |             

| WEB-DL | x264 | FGT | 1.2GB |               

               | WEB-DL | x264 | 720 | 530MB |           

| WEB-DL | x265 | 720p | 638MB |           

               | WEB-DL | x265 | 1080p | 937MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *