New Trial (2017) AKA Jaesim | නව (අව) නඩුව

හිතුවට වැඩිය ටිකක් කල් ගියත් 2017 පෙබරවාරි 15 තිරගත වෙලා imdb 7.1 ක් වගේ ඉහළ අගයක් ගත්තු crime/drama ගනයට අයත්වෙන චිත්‍රපටියක් තමයි මේක.විශේෂයෙන්ම කියන්න ඕනෙ මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ චිත්‍රපටියක්.වැඩි දෙයක් නැතුව කෙලින්ම කතාවෙ සාරාංශෙට බහින්නම්..

චෝ හ්යුන් වූ (Kang Ha-neul) කියන්නෙ ටිකක් දඩබ්බර තරුණ කොල්ලෙක්.රස්තියාදු ගහන ටැටූ එකක් එහෙම ගහගෙන ටිකක් මැරය වගේ ඉන්න පොරක්.2000 අවුරුද්දෙ අගෝස්තු මාසෙ දවසක මෙයා පාන්දර බයික් එකේ ගෙදර යනකොට යක්චොන් මංසන්ධියෙදි අනතුරක් වෙනවා.එයාට මොනවත් වෙන්නෙ නම් නෑ.ඒත් ළඟ නවත්තලා තියෙන ටැක්සියක් මෙයා දකිනවා.ගිහින් බලනකොට ඒකෙ ඩ්‍රයිවර්ව මරල දාලා.කොහොම හරි පොලිසියෙන් ඇවිත් මෙතන බලනකොට මේ කොල්ලගෙ බයික් එකේ තිබිල පිහියක් හම්බෙනවා.ඒ නිසාම මෙයාව සැක කාරයෙක් වෙනවා.කෙළින්ම අවු.15 කට හිරේ යනවා.ඔය සිද්ධියෙන් තමයි චිත්‍රපටිය පටන් ගන්නෙ.

එතකොට ලී ජුන්ග් යන්ග් කියන්නෙ යන එනමන් නැතුව ඉන්න නීතීඤ්ඤයෙක්.කරපු නඩු අනාගෙන යන්න තැනක් නැතුව ඉද්දි යාළුවෙක්ගෙ මාර්ගෙන් ආයතනෙකට රිංග ගන්නවා.එතනදි මෙයාට නීතිමය උපදෙස් දෙන්න කියල ගෙදරකට යවනවා. ඒ තමයි අර කොල්ලගෙ ගෙදර.ඒ වෙනකොට මේ කොල්ලා එලියට ඇවිල්ලා.ඒත් අර මැරුණ කෙනාගෙ පවුලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ.ඒවට ගෙවන්න ණය වෙලා.. ඒ වගේම ඒ ණය ගෙවාගන්න බැරුව පොළී වැඩි වෙලා කොල්ලා එරිලා ඉන්නෙ.ඒ නිසා මේ නීතීඤ්ඤතුමා අර ඝාතන සිද්ධියෙ ඇත්තම මිනීමරුවව අල්ලගන්න ආයෙම පරීක්ෂණ කරනවා.ඒ නිසා මෙයාට ආයෙම ඒ වැහුණ නඩුව අරින්න වෙනවා.ඒ කියන්නෙ ආයෙම නඩු කියන්න වෙනවා.

මේ පරීක්ෂන කරද්දි අර කොල්ලට පොලිසියෙන් වුණ අසාධාරණකම්.. හිරිහැර වගේම හුඟක් දේවල් එළිවෙනවා.. මේ චිත්‍රපටිය සමහර තැන් විනෝදයට බරයි රසවත් වගේම තවත් තැනක සංවේදී අසාධාරණයක් දැනෙන තවත් තැනකදි තරහවක් ගෙන දෙන්න සමත් වෙන චිත්‍රපටියක්.ඒ නිසා මග ඇරගන්නෙ නැතුව බලන්න කියල මං කියනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 2.8GB |    

fd56522ebe96dce577ff5761e341f8c3da8f841f

Direct Download

| HDRip | x264 | 480p | 384MB |              

| HDRip | x264 | 720p | 809MB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “New Trial (2017) AKA Jaesim | නව (අව) නඩුව

  • August 25, 2017 at 8:24 am
    Permalink

    Ai ban meka hariyata balala nawada danna, balala dapallako film ekata sab eka set na wachana issara wanawa
    Hariyata wada karapalla apa mb aparada

    Reply
  • August 27, 2017 at 7:08 am
    Permalink

    thank you baiscope…oyala mage welawa godak ituru kala

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *