Kanche (2015) | ගමක් එක්කල ආදරයක් , අනාගතය වෙනුවෙන් යුධ වැදි සෙන්පතියෙක්…!

චිත්‍රපටය තමයි Kanche(2015). IMDB අගය 8.2/10ක් ලබාගන තියනවා. නරකම නෑ නේද. ඒ වගේම දෙවන ලෝක යුද්ධය පදනම් කරගන නිපද වූ ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය තමයි මේක. ප්‍රධාන නළුවා තමයි Varun Tej.මෙයාගේ චිත්‍රපටයකට බයිස්කෝප් එකේ පලවෙන ප්‍රථම උපසිරැසිය තමයි මේ. ඒ උනාට තෙලුගු බලන අය නම් මෙයාව නොදැන ඉන්න විදියක් නෑ. ඒ නිසා නළුවා ගැන හැදින්වීමක් කරන්න ඕන නෑ කියල හිතනවා. කෙටියෙන්ම කියනවා නම් හොඳ අනාගතයක් තියන දක්ෂ නළුවෙක් කියල කියන්න පුළුවන්. ප්‍රධාන නිළිය Pragya Jaiswal. මෙයාගේ මම බලපු එකම චිත්‍රපටය තමයි මේක. ඒත් ඉතින් හිත බැඳුනා. ඊට අමතරව Nikitin Dheer රංගනයෙන් දායක වෙලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Krish විසින්. Vedam(2010)Gabbar is Back(2015)Krishnam Vande Jagadgurum(2012) වගේ චිත්‍රපට බලලා තියන කට්ටියට මෙයා ගැන අමුතුවෙන් කියන්න ඕන කරන එකක් නෑ. ඒ වගේම මෙම චිත්‍රපටය 63rd National Film Awards වලදී Best Feature Film in Telugu සම්මානය දිනා ගැනීමට සමත් වෙලා තියනවා.

මෙම සලරුවට සෑහෙන කාලයක් කොහෙවත් කිසිම භාෂාවක උපසිරසියක් හොයාගන්න තිබුනේ නෑ. ළඟදී තමයි අන්තර්ජාලයට උපසිරසියක් දාලා තිබුනේ. කතාව නම් කියන්නේ නෑ. ඒක ඔයාලම බලාගන්න. මේක තෙලුගු බලන අයට නම් අනිවා සෙට් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ අපි දැකල තියන තෙලුගු අනන්‍යතාවය 100% ක්ම තියනවා. ඒ වගේම මේක ඔයාල බලපු හොඳම තෙලුගු චිත්‍රපට වලින් එකක් වෙයි කියල මම හිතනවා. ඒක එහෙම උනා නම් ඒක අපිට කියල යන්නත් අමතක කරන්නෙපා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 1.7GB |  

bd9d7228845e9d032b82f5a690a7d0ce324878c4

Direct Download

| HDRip | x264 | 720p | 822MB |                     

| HDRip | x264 | 720p | 1.7GB |                    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Kanche (2015) | ගමක් එක්කල ආදරයක් , අනාගතය වෙනුවෙන් යුධ වැදි සෙන්පතියෙක්…!

  • August 14, 2017 at 2:00 pm
    Permalink

    අය්යෝ එකක් බෑව සද්දේ විතරයි අප්පා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *