Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 01] | පළවෙනි මකරා

මේ කතාව 2014 වර්ශයේ විකාශය වුණ කොරියානු ඉතිහාස කතාවක්. ඇත්තටම මේ කතාව තවත් කතා මාලාවක පිවිසුම් (Prequel) කතාවක් කිව්වොත් නිවැරදියි. Tree with deep root කියලා කතාමාළාවක් 2011 වසරේ විකාශනය වෙනවා. ඒ කතාව ප්රසිද්ධ නවකතාවක් ඇසුරෙන් තමා නිශ්පාදනය වෙන්නෙ. මහා සේජොන්ග් රජු නැත්නම් ලී දෝ කුමාරයා කොරියානු අක්ශර මාලාව නිර්මාණය කිරීම අලලා සිදුවෙන ඓතිහාසික කාරනාත් ඇතුළත් මනඃ කල්පිත පුරාවෘතයක් තමා ඒ කතාවට පාදක වෙන්නෙ. ඒකත් බොහොම ලස්සන කතාවක්.ඉතිං ඔයාලා බලනවා ඇති කතාව Six flying dragons වුණාට කියන්නෙ වෙන දෙයක් ගැනනේ කියලා. ඉතින් සෙජොන්ග් රජතුමාට ඒකට උදව් කරනවා “සැඟවුණු මූලය” (Hidden root) කියලා සාමාන්ය වැසියන්ගෙන් හැදුණු රහස් සංවිධානයක්. ඒ කතාවෙ හැටියට සැම්බොන්ග් හෙවත් ජන්දු ජොන් කියන විද්වතා තමයි එය ආරම්භ කරන්නෙ. මේ කතාවෙ එන සමහර චරිත six flying dragons කියන කතාවෙත් සඳහන් වෙනවා. ලීදෝ කුමරු, තේජොන්ග් රජතුමා, මූහ්යල්, ලී ශින්ජොක්, මල්සේන්ග් තමයි ඒ චරිත.Tree with deep roots කතාව කොරියානු අක්ශර කලාව නිර්මාණය වුණ හැටි ගැන කියනකොට, Six flying dragons කතාව කියන්නෙ ගොර්යෝ රාජ්යය බිඳ දමමින් නව චෝසන් රාජ්යය බිහි වුණ ආකාරය. මේ කතා 2ම බොහොම ලස්සන කතා දෙකක්. නමුත් මේ කතා මාළාව දීර්ඝ කතා මාලාවක්. එහෙමත් නැත්නම් මේක කොටස් 50ක කතවක්. ඒත් ඔයාලට තේරේවි මේ කතාව කිසි කම්මැලිකමක් නැතුව බලන්ඩ පුළුවන් එකක් කියලා. එක හුස්මට බලන්ඩ පුලුවන් කිව්වොත් හරි. හැබෙයි කියන්ඩ ඕනෙ මේක ටිකක් ගැඹුරු විදිහෙ කතාවක්. ලයිට් රොමෑන්ටික් කතාවක් නම් නෙමේ. ඉතිහාස කතා කොහොමත් එහෙමනේ. ඒත් මේක ඊටත් තරමක් වෙනස් මට්ටමේ ඉතිහාස කතාවක් කිව්වොත් හරි. මොකද අපි හැම ඉතිහාස කතාවකම දකින්නෙ වීරයෙක්, නැත්නම් හොඳ රජකෙනෙක්, හොඳ රජ බිසවක් කොහොමහරි කොහෙත් හොඳනෙ තියෙන්නෙ. නරක මිනිස්සු හැමවෙලේම පරදිනවනේ. ඒත් මේ කතාවෙ කවුරුත් කළු සුදු කියලා වෙන්කරන්ඩ බැහැ. සමහර වෙලාවට සමහරු කළු චරිත වෙන එක සාධාරණයි කියල හිතෙන්ඩ පුලුවන්. ඒ වගේම සමහර වෙලාවට සමහර අය හොඳ හිත නොපෙන්නුව නම් මීට හොඳයි කියලා ඔයාලට හිතෙන්ඩ පුලුවන්.සමාජය ගැන හොඳ විග්රහයක් මේ කතාවෙ තියෙනවා කියලා මට හිතෙනවා.

මේ කතාවෙ ප්රධාන චරිත 6ක් තියෙනවා. සැම්බොන්ග් ජන්දු ජොන්, සෙනෙවි යී සොන්ග්යේ (චෝසන් රාජ්යයේ පළමු රජු වන තේජෝ රජු), යී බැන්ග්වොන් හෙවත් ජොන්ගැන් කුමාරයා (පසුව තේජොන්ග් රජු), බූන්යී, ඩැන්ග්සේ හෙවත් යී බැන්ග් ජි, මූහ්යල් තමයි ඒ 6 දෙනා. මේ 6 දෙනාගෙන් 3 දෙනෙක් ඉතිහාස ගත සත්ය පුද්ගලයින්. සැම්බොන්ග්, සෙනෙවි යී සහ යී බැන්ග්වොන් තමයි ඒ 3 දෙනා. බූන්යි, මූහ්යල්, ලී බැන්ග් ජි කියන අය මනඃකල්පිත චරිත. ප්රධාන චරිත වලට අමතරව මින් ඩාග්යුන්, පෝයූන් ගුරුතුමා, හාර්යුන් ගුරුතුමා වගේ අය ඇත්තටම අතීතයේ සිටි බවට සඳහන් කරන්ඩ ඕනෙ. කතාව දිගටම බලාගෙන යනකොට එයාලා කවුද කියලා ඔයාලට තේරේවි.

හොඳයි කතාවෙ මුල් කොටසෙ මොකද වෙන්නෙ කියලා මම කියන්නම්. කතාව පටන් ගන්නෙ අවස්ථා 3 කින්. 8 අවුරුද්දක් පිටුවහල් වෙලා හිටපු මනුස්සයෙක් ගේග්යොන් වලට එනවා. ඔහු සාමාන්ය මනුස්සයෙකුගේ බත් ගුලියක් හොරකම් කරනවා. ඒක අහු වුණහම මේ මනුස්සයා ඒ සංචාරක වෙළෙන්දට කැත ලී බෝනික්කෙක්ව දෙනවා, නැවත එයත් රැගෙන ඇවිත් තමන්ව හම්බ වුණොත් හොරා ගත්තු බත් ගුලියට බත් ගුලි 10 දෙන්නම් කියලා. එහෙම කියලා ඔහු සැඟවුණු රහස් ගල් ගුහාවකට ඇතුළු වෙනවා. එය තමයි ඔහුගෙ පොත්ගුල. පසුව එය තමා ඔහුගෙ රහස් මෙහෙයුම් මූලස්ථානය. මේ පුද්ගලයා තමා සැම්බොන්ග් ජන්දු ජොන්. ඉතිං මේ ගුහාවට ඇතුළ් වෙන ඔහුට ඔහු කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙන්නෙක්ව මුණ ගැහෙනවා. එක්කෙනෙක් තමයි යි බැන්ග්වොන්. අනෙක් කෙනා තමයි ඩැන්ග්සේ.

මේ දෙන්නම සැම්බොන්ග්ව අඳුරනවා. ඒත් සැම්බොන්ග් ඒ දෙන්නවම අඳුරන්නෙ නැහැ. මේ අයගෙන් ඩැන්ග්සේ කියන්නෙ සැම්බොන්ග් එයාගෙ මුළු ජීවිතේම විනාස කළා කියලා. එතකොට බැන්ග්වොන් කියන්නේ සැම්බොන්ග් එයාගෙ ගුරුතුමා කියලා. ඒත් සැම්බොන්ග්ට මේ අයව මුණගැහුණ පළවෙනි වතාව තමයි මේ. එක්කෙනෙක් සැම්බොන්ග්ගෙ හතුරෙක් වෙන්නෙත්, අනෙක් එක්කෙනා සැම්බොන්ග්ගෙ ගෝලයෙක් වෙන්නෙත් මීට 8 අවුරුද්දකට කලින් සිදු වුණ සිදුවීමක් නිසා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

  | HDTV | x264 | 450p | 186MB |      

     | HDTV | x264 | 540p | 267MB |            

     | HDTV | x264 | 720p | 579MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *