The Ticket (2016) | නැවත ලැබුනු අවස්තාව!

අප්‍රේල් 7වෙනිදා නිකුත්වූ චිත්‍රපටියටimdb අගය 5.3 ක් තමා ලැබිලා තියෙන්නේ. මගේ අදහස අනුවනම් මේක එතරම් අවදානයට ලක් නොවුන, නමුත් යම්කිසි අවදානයකට ලක්වෙන්නට තිබූ චිත්‍රපටියක්. ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Dan Stevens.මං චිත්‍රපටිය තෝරගන්න හේතුවත් Dan Stevens ම තමා. ඊට අමතරව Malin Akerman,Kerry Bishe,Oliver Platt ආදී නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව ගැන කෙටි විස්තරයක් කරන්නම්.

ජේම්ස් (Dan)කියන්නේ අන්ධ පුද්ගලයෙක්. පොඩි කාලෙදිම තමයි එයාට පෙනීම අහිමිවෙලා තියෙන්නේ. හැබැයි එයා දැන් විවාහක කෙනෙක්. බිරිද සහ පුතත් එක්ක තමයි ජීවත්වෙන්නේ. එක දවසක් උදේ නැගිටිද්දී මෙයාට මෙයාගේ පෙනීම නැවත ලැබිලා. හාස්කමකින් වගේ සිද්ධවුන මේ දේ දොස්තරලා කියන්නේ දුර්ලභ දෙයක් කියලා. කොහොමවුනත් මෙච්චර කාලයක් ඇස් පේන්නේ නැතිව හිටපු මෙයාට එකපාරටම පෙනීම ලැබුනා කියන්නේ එයාටත්, එයාගේ බිරිදටත්, පුතාටත් ගොඩක් සතුටුවෙන්න කාරණයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් ඒක මෙයාලටත් එහෙමයි. හැබැයි මිනිස්සු වෙනස්වෙන්න ගතවෙන්නේ සුළු මොහොතයිනේ. ජේම්සුත් පෙනීම ලැබුනායින් පස්සේ ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්නවා. මෙච්චර කාලයක් එයාව ආදරෙන් රැකබලාගත්ත බිරිදගේ සෙනෙහසත් කරදරයක් වෙන්න පටන්ගන්නවා. හිතුමනාපෙට වැඩ කරනවා වගේම තවත් කෙනෙක්ගේ උණුහුම හොයාගෙන යනවා. අන්ධ කාලෙදී හිටපු පුද්ගලයා වෙනත් කෙනෙක් වෙන්න පටන්ගන්නේ ඔන්න ඔහොමයි. එහෙනම් මං මෙතන ඉදන් ජේම්ස්ගේ කතාව ඔයාලටම බාර කරන්නම්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 728MB |  

e1cd4e3d6d0f9aa86b263af06eb8496de16c4418

| BluRay | x264 | 1080p | YTS | 1.5GB |  

7930d83aeed692ce808b982e310a54b8ef4ecefb

| BluRay | x265 | 720p | 271MB |  

96a75d8d8958ce233b966e657d235f8d5a9eb4ff

Direct Download

| BluRay | x264 | 480p | 400MB |                    

| BluRay | x264 | 720p | YTS | 724MB |            

| BluRay | x264 | 1080p | YTS | 1.5GB |           

| BluRay | x264 | 720p | 274MB |                         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *