Revolt (2017) | සක්වල සතුරන්ට එරෙහිව!

මේ වතාවෙ අරගෙන අවෙ මේ මේ අවුරුද්දෙ ඒ කියන්නෙ 2017 වසරේදි තිරගතවුණු සලරුවක්. Sci-Fi ගණයට අයිතිවෙන මේ සලරුව තිරගත කිරීම ආරම්භ කළේ 2017 ජූලි පළවෙනිදා ජපානයේදි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Joe Miale විසින්. තිරපිටපත නිර්මාණය කරල තියෙන්නෙ Rowan Athale සහ Joe Miale විසින්. Guardians of the Galaxy (2014) චිත්‍රපටයේ ”Ronan” ලෙසත්, The Hobbit: An Unexpected Journey (2012)The Hobbit: The Desolation of Smaug (2013) යන චිත්‍රපට ද්විත්වයේ”Thranduil’‘ ලෙසත් රංගනයෙන් දායක වුණු Lee Pace මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන අතර Skyfall (2012) චිත්‍රපටයේ ”Severine” ලෙස රංගනයෙන් දායක වුණු Bérénice Marlohe, Amy Louise Wilson, Kenneth Fok, Tom Fairfoot, සහ Alan Santini යන නළු නිළියනුත් තම රංගන දායකත්වය ලබාදෙනවා. Voltage Pictures42Automatik Entertainment යන සමාගම් විසින් නිෂ්පාදන දායකත්වය ලබාදීපු මේ චිත්‍රපටයේ රූගතකිරීම් සිදුකරල තියෙන්නෙ දකුණු අප්‍රිකාවේදී. ඉතින් මිනිත්තු 87ක කාලයක් පුරාවට ගලායන මේ චිත්‍රපටයට 5.4/10ක IMDb අගයකුත් ලැබිල තියනවා.

ඉතින් කතාව ගැන කෙටියෙන් කියනව නම් කතාව පටන් ගන්නෙ ලොකු කළබලයක් මැද්දෙන්… පහරදීමකට ලක්වුණු කෙන්යාවේ එක්තරා ප්‍රදේශයක ජනතාව ඉවත් කරන්න ඇමෙරිකානු විශේෂ බළකායෙ හමුදා සෙබළුන් කණ්ඩායමක් උත්සහ කරනවා. මේ පහරදීම කරන්නෙ කැරලිකාරයෝවත්, ත්‍රස්තවාදීන්වත් නෙවෙයි. ස්වයං පාලනයෙන් යුත් රොබෝ යන්ත්‍ර වලින්. ඉතින් මේ මෙහෙයුමේදි හමුදා සෙබළුන්ටත් දරුණු විදිහට ප්‍රහාර එල්ලවෙනවා. මේ සිද්දියෙන් පස්සෙ එක විශේෂ බළකා සෙබලෙක් කිසිම මතකයක් නැතුව නයිරෝබි කිට්ටුව හිර කූඩුවක් ඇතුළෙදි තමයි ඇහැරෙන්නෙ. මේ සෙබළට අඩුම තරමෙ තමන්ගෙ නම මොකක්ද කියලවත්, සිද්දවෙන්නෙ මොනවද කියලවත් මතකයක් නැහැ. ඉතින් හාදයා ඉන්න කූඩුවට එහා පැත්තෙ කූඩුවේ ඉන්න ප්‍රංශ වෛද්‍යවරියක් තමයි සිද්දවෙන දේවල් මෙයාට පැහැදිලි කරල දෙන්නෙ. දරුණු පිටසක්වල ආක්‍රමණයක් සිද්දවෙලා ලෝකයේ ප්‍රධාන නගර හැම එකක්ම වගේ මේ වෙද්දි බිඳ වැටිලයි තියෙන්නෙ. ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ව පාලනය කරන්නෙ, මරල දාන්නෙ රොබෝ යන්ත්‍ර වලින්. මේ දේවල් දැනගත්තට පස්සෙ මේ සොල්දාදුවා තීරණය කරනවා එයාගෙ කඳවුර හොයාගෙන යන්න. ඉතින් මේ සොල්දාදුවයි වෛද්‍යවරියයි මේ පිටසක්වල ආක්‍රමණයට මුහුණදෙන්නෙ කොහොමද… එයාලට කඳවුරට යන්න ලැබෙයිද… ඔවුන්ට මේ ආක්‍රමණය නවත්තන්න පුළුවන් වෙයිද…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | FGT | 750MB |  

ff666bb723fb926cda3128751cdcceb455d46c39

| WEB-DL | x264 | FGT | 1.2GB |  

b4c3a00d93dbdb4caf5cd791f1b5331e4730808a

| WEB-DL | x264 | 720p | 2.5GB |  

f602a4c301f5e136f20934184ec2b52a09dd4d5d

| WEB-DL | x264 | 1080p | 3GB |  

a5810a546f52a2b6393ece00bd9452650c32207c

Direct Download

| WEB-DL | x264 | 480p | 370MB |         

| WEB-DL | x264 | FGT | 750MB |            

| WEB-DL | x264 | FGT | 1.2GB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *