Puthan Panam (2017) | කළු සල්ලි සමඟින් අලුත් රුපියල

මේක ටිකක් විශේෂ ෆිලුමක්.මොකද ෆිලුමට ප්‍රධාන රංගනයෙන් දායකවෙන්නේ මලයාලම් සිනමාවේ ජේෂ්ඨ නළුවෙක් ඒ වගේම Mohanlal ගෙන් පස්සේ වැඩිම ජනප්‍රසාදයක් තිබෙන නළුවෙක් වන Mammootty.ඒ වගේම මේක අයිතිවෙන්නේ Action, Crime, Thriller කියන ප්‍රභේද වලට.Mammootty මේකේ ඉන්දියාවේ කාසරගොඩ් කියන ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැරයෙක්ගේ චරිතයකට තමයි පණ පොවන්නේ.ෆිලුමේ කියවෙන්නේ කළු සල්ලි හා සම්බන්ධ සිද්දියක් ගැන.

ෆිලුමේ කතාව ගෙතිලා තියෙන්නේ 2016 වර්ෂයේදී ඉන්දියාවේ සිදුවුණු මුදල් සම්බන්ධ ආන්දෝලනාත්මක සිද්දියක් පදනම් කරගෙන.කතාව ෆිලුමේ එකක් වුනාට ඒ සිද්දිය ඉන්දියාවේ ඇත්තටම සිදුවුණු දෙයක්.අපි මුලින්ම ඒක ගැන පොඩ්ඩක් දැනගමු.අපි කවුරුත් දන්න වර්තමාන ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි 2014 වසරේදී බලයට එන්නේ ඉන්දියාවේ දූෂණය සහ නාස්තිය නැති කරනවා කියන පොරොන්දුවත් එක්ක.ඒකෙ දිගුවක් විදියට 2016 නොවැම්බර් 8 වෙනිදා ඉන්දියානු අගමැති නිවේදනය කරනවා එදින මධ්‍යම රාත්‍රියේ ඉඳලා ඒ වනවිට භාවිතයේ පැවතුනු රුපියල් 1000 සහ රුපියල් 500 නෝට්ටු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරනවා කියලා.ඒකත් එක්ක ලොකු කලබලයලක් ඇති වෙනවා.ඉන්දියාවේ තියෙන කළු සල්ලි නීතියේ රැහැනට හසුකරගැනීමේ අරමුණෙන් මේ තීරණය ගත් බවක් තමයි රජයේ පාර්ශවයෙන් කියවෙන්නේ.නමුත් මේ තීරණය ඉන්දීය ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනවා.ඒ අතර සමහර ආර්ථික විශ්ලේෂකයින් කිව්වේ මෝදි පූර්ව දැනුම්දීමකින් තොරව මේ වගේ දෙයක් කරපු එක තමයි ඒ ආර්ථික බිඳවැටීමට හේතුව කියලා.ඒ වගේම ඊට පහුවෙනිදා ඉඳලා හුඟක් බැංකු වල දිගු පෝලිම් හැදිලා තියෙනවා,මේ නෝට්ටු මාරුකරගන්න එන අයගෙන්.ඒත් එක්කම මේ දේට විරෝධය පලකරලා ඉන්දියාවේ දැවැන්ත උද්ඝෝෂණ සහ වැඩවර්ජන රාශියක් ක්‍රියාත්මක වෙලත් තියෙනවා.කොහොමවුනත් මේ විදියට නෝට්ටු අවලංගු කරනවා කියලා රහසිගතව තීරණය කරත්,ඒ රහස පිටට කාන්දුවුනා කියලත් රජයට චෝදනා එල්ලවෙනවා.මේ තොරතුරු කාන්දුවම තමයි ෆිලුමෙත් එක ප්‍රවේශ කාරණයක් වෙන්නේ.

ෆිලුම පටන්ගන්නේ සිංදුවකින්.අම්මා කෙනෙක් තමන්ගේ දරුවත් අරගෙන දුම්රියෙන් කිසියම් ගමනක් යන සිද්දියක් තමයි මුලින්ම පෙන්නන්නේ.මේ දෙන්නට දුම්රියේ ඉන්න එක්තරා පුද්ගලයෙක් උදවු කරනවා.ඊටපස්සේ ඒ කෙනා මේ දෙන්නව තමන්ගේ ගෙදරටත් එක්කරගෙන එනවා.කොහොමවුනත් එදා දවසේ රෑම අපරාධකාරයෙක් කියලා මේ පුද්ගලයව පොලිසියෙන් අල්ලාගෙන යනවා.මේ සිද්දිය වෙන්නේ ෆිලුමේ වර්තමානයෙන් අවුරුදු 10කට කලින්.ඊටපස්සේ තමයි ෆිලුම කලින් කිව්ව මුදල් අවලංගු කිරීමේ සිද්දියට එන්නේ.ඒ වගේම එතනදී තමයි මේ කාසරගොඩ් වල කුප්‍රකට මැරයෙක් වන නිත්‍යානන්ද ෂෙනෝයි කරලියට එන්නේ.ඉතින් මේ ගොඩනැගෙමින් තියෙන අබිරහස විසඳගන්න ඔයාලට අනිවාර්යෙන්ම ෆිලුම අරන් බලන්න වෙනවා!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 480p | 500MB |    

5d0d645646b7a515f6ea723b8e7440fd7eb9316c

| DVDRip | x264 | 1CD | 700MB |    

332e11b260ba04bce2d8ddf52521d2c0a44cb742

| DVDRip | x264 | 1CD | 950MB |    

9846953c32a47135fa3a151472286aada7658075

Direct Download

 | DVDRip | x264 | 480p | 500MB |          

| DVDRip | x264 | 1CD | 700MB |             

| DVDRip | x264 | 1CD | 950MB |             

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *