Das Boot (1981) | සමුදුරු ගැබුරේ කළ මෙහෙයුම්

ඉතින් දෙවැනි ලෝක යුද්දේ කියන්නේ පුරා අවුරුදු 6 ක් පවති සටන් මාලාවක්. මෙකෙදී ගොඩබිමෙන්,අහසින්, වතුරෙන් වගේම වතුර යටිනුත් සටන් සිද්ද උනා. ඒ සබ්මැරින් වලින්. ඒ කාලේ ජර්මන් සබ්මැරින් වලට කිව්වේ U-බෝට්ටු කියලා. ඒ එව්වා හැම එකකම නම් පටන් ගත්තේ U අකුරෙන් හින්දා. තව මේ U-බෝට්ටු වලට මුහුදු වෘකයා කියලත් කියලා තියනවා. ඉතින් යුරෝපයට විතරක් සීමා උන යුද්දය ලෝක යුද්දයක් බවට පත් වෙන්නත් මේ U-බෝට්ටු එක හේතුවක් උනා. ඒ ඇමෙරිකාවට අයත් උන “ලුසිටානියා” කියන මගී නැව U-බෝට්ටුවකින් ගිල්ලා දැමීම නිසා. මේ U-බෝට්ටු ලෝක යුද්දය ආරම්බයේ සිට අවසානයෙන් පස්සෙත් ක්‍රියාකාරී උනා. මොකද කියනවා නම් ගොඩක් නාසිනායකයෝ මෙව්වගෙ ආදාරයෙන් ලතින් ඇමරිකා රටවල් වලට පලා ගියා. ඉතින් මේ U-බෝට්ටු වලට විශේෂ තැනක් හිමි වෙන්නේ මේ වගේ හේතු හින්දා.

Das Boot කියන්නේ ජර්මන් වචනයක් ඉංග්‍රිසි තේරුම තමා ” The Boat” කියන එක. මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ බටහිර ජර්මනියේ 1981 දී. දෙවැනි ලෝක යුද්දයේ ජර්මානු සබ්මැරින් මුහුණදුන් සැබෑ සිද්දි අනුසාරයෙන් තමා මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ. මේක Wolfgang Petersen කියන අධ්‍යක්ෂවරයාගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙනවා. IMDB වර්ගීකරණය අනුව මේක 71 වෙනි ස්ථානයේ පසුවෙනවා. ඒ වගේම මේකට IMDB රේටින්ග්ස් 8.4/10 තියනවා.ඒ වගේම මේක ඔස්කාර් සම්මාන 2ක් සදහා නිර්දේශ වෙලා තියනවා වගේම ඇකඩමි සම්මාන 7ක් දිනාගෙන තියනවා.මේක ජර්මන් චිත්‍රපටියක් හින්දා චිත්‍රපටිය පුරාම අන්තර්ගත වෙන්නේ ජර්මන් භාශාව. ඒ උනාට ඒක රසවින්දනයට බාධාවක් වෙන්නේ නම් නෑ.

ගොඩක් දෙවැනි ලෝක යුද්දය සම්බන්ද චිත්‍රපටි වල නිමාව සනිටුහන් වෙන්නේ ඇමරිකාව ප්‍රමුක මිත්‍ර පාර්ශවයෙන් උනාට, මේ චිත්‍රපටිය වෙනස්ම ආරක ච්ත්‍රපටයක්මේ චිත්‍රපටිය පදනම් වෙන්නේ u-96 කියන සබ්මැරිනය හා එහි කාර්යමණ්ඩලය වටා.ඔව්න්ට ලැබෙන මෙහෙයුම් හා ඒ මෙහෙයුම් වලදී ඔව්න් ඇත් විදින දුක් කම්කටලු මේ චිත්‍රපටියෙන් මනාව නිරූපණය කරලා තියනවා. හමුදා නිළධාරියෙක්ගෙ වගකීම යනු මෙහෙයුම පමණක් නොව අනෙක් නාවිකයන් හා සෙසු නිලදාරීගෙ ජීවිත ආරක්ෂාවත් වැදගත් බව හා යුතුකම තමාගෙන් ඔබ්බට යන්නක් බව හගවන සුපිරි නිර්මාණයක් විදිහට මේ චිත්‍රපටය දක්වන්න පුළුවන්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 1.5GB |  

859187a8ab16513f7540fd75dfc824e209fcbe37

| BluRay | x264 | 1080p | YTS | 3.2GB |  

5f0d1b0bdf415962649f4036c99d5a10d69d669a

Direct Download

| BluRay | x264 | 480p | 360 MB |         

| BluRay | x264 | 720p | 1.5GB |              

| BluRay | x264 | 1080p | 3.2GB |           

 | BluRay | x265 | 1080p | 1013 MB |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *