Ramayana: The Epic (2010) | මහා වීර කාව්‍ය ත්‍රිමාණ සිත්තමක් ලෙස..

හොඳයි…චිත්‍රපටිය ගැන කියනවනම් මෙය IMDb හි 6.1/10 ක අගයක් ලබා ගෙන තිබෙනවා. ආදායම ඉන්දීය රුපියල් කෝටි 1.45 ක්. එමෙන්ම මෙහි අධ්‍යක්ෂණයෙන් Chetan Desai ත්, රචනයෙන්Riturraj Tripathii ත් සහ හඞ කවීම් ශිල්පීන් ලෙස Juhi Chawla – Sita ලෙසත්, Manoj Bajpayee – Rama ලෙසත්, Ashutosh Rana – Ravana ලෙසත්, Mukesh Rishi – Hanuman ලෙසත් එක්වී තිබෙනවා. මෙහි බෙදා හැරීම Warner Bros. India සමාගම විසින් සිදු කොට තිබෙනවා. මෙහි සජීවිකරණය ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. Maya මෘදුකාංගය යොදාගෙන තමයි මෙහිAnimation සිදු කර තිබෙන්නේ. චිත්‍රපටිය නිෂ්පාදනය වූයේ වසර 7 කට පෙර වුවත්, බටහිර චිත්‍රපටියකට නොදෙවෙනි ලෙස නිර්මාණය කොට තිබෙනවා (හැබැයි පොඩි දුකකුත් තියෙනවා, අපේ රටේ තාමත් මෙවැනි චිත්‍රපටියක් නිෂ්පාදනය නොවුණ එක ගැන). එමෙන්ම මෙහි චරිත නිර්මාණය ගැනත් යමක් කිව යුතුමයි. ඒ ඒ චරිතයේ ඇඳුම් පැළඳුම්, ආභරණ, මුහුණේ හැඟීම්, හැසිරීම් ආදිය මනාව නිරූපණය කර තිබෙනවා (සමහර සිද්ධි දුටුවම “අම්මට සිරි“ කියලත් නොසිතුණාම නොවේ.

හරි..රාමායණය කථාව ගැන ගොඩක් දෙනා දන්න හන්දා මං වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒ වුණත් රාමායණය ගැන මට හිතෙන දෙයක් කියන්න හිතුණා. ඇත්තටම රාමායණයේදී, අපේ රාවණ රජු, දුෂ්ට චරිතය වුවත්, රාවණගේ ඉතිහාසය සළකා බලද්දී නම්, රාවණ කියන්නේ ධෛර්යසම්පන්න, බලවත් දේවත්වයෙන් අදහපු රජ කෙනෙක්. එමෙන්ම විශිෂ්ට ග්‍රන්ථ රචකයෙක්, වෛද්‍යවරයෙක්. තව දෙයක් රාවණ යනු අති බලසම්පන්න පුද්ගලයෙක්. රාම කියන්නේ සාමාන්‍ය මිනිසෙක්. සමහර මූලාශු වල නම් සඳහන් වන්නේ රාම රාවණ යුද්ධයේදී, න්‍යෂ්ටික අවි,(ලේසර් අවි පවා!) භාවිතා වූ බවයි. එහෙව් එකේ රාවණ පැරදුණා කියන එක ගැන පොඩ්ඩක් හිතන්නත් වෙනවා (රාවණ මිය ගොස් නෑ, නිද්‍රාවකට පත් වූ බවත්, ඔහු යම් දිනෙක අවදිවන බවත් මත තියෙනවා). ඒ වගේම රාවණා සිටි කාලයත්, රාම සිටි කාලයත් අතර ගැළපීමකුත් නෑ කියලත් සඳහන් වෙනවා. මෙය හුදෙක්ම සෘෂි වාල්මිකිගේ කාව්‍ය සඳහා අතිශයෝක්තියෙන් යොදා ගැනීමක් බවයි පේන්නේ!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 697MB |  

d7c280965ad8166e751e61f9c98dc20d42a11766

Direct Download

 | BluRay | x264 | 480p | 400MB |               

| BluRay | x264 | 720p | 697MB |                

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *