Moondraam Ullaga Por (2016) | තුන් වන ලෝක යුද්ධය ද මේ?

2016 වර්ෂයේ අඩු මුදලකින් ලොකු වැඩක් කරන්න උත්සාහ කරපු චිත්‍රපටයක් කිව්වොත් මම නිවැරදී. මොකද මේ චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නේ ඉතාමත් අඩු මුදලකට. හැබැයි තාක්ෂණය අතින් මෙයාල පොඩ්ඩක් ඉහලට යන්න උත්සාහ කරල තියෙනවා. මට නම් හැබැයි ඒක මදි වගේ. එ නිසාමදෝ කොහෙද IMDB වල අඩු අගයක් අරගෙන තියෙන්නෙ. ඉන්දියාවෙ චිත්‍රපටය තියේටර් වල පෙන්නුවත් තුන් වෙනි දවසෙ ඉදල මේ චිත්‍රපටය පෙන්වන එක නවත්වල, ඒකට හේතුව තමයි චිත්‍රපටය සාර්ථක මදි වීම. මම නම් කියන්නෙ ඒක සහතික බොරුවක්. මට හිතෙන විදියට මේ ෆිල්ම් යම්තාක් දුරට දෙයක් කරන්න උත්සාහ කරල තියෙනවා. අඩු මුදලක් වැය කරල මේ වගේ චිත්‍රපටයක් කරපු එකට මම අධ්‍යක්ෂකවරයාට ආචාරය කරනව. ඒ නිසා වෙන්න ඇති මේ චිත්‍රපටය කවුරුත් අතරේ ජනප්‍රිය වුන් නැත්තෙ. හරි එහෙනම් කතාව පැත්තට යමු.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම කතාවත් ලියල තියෙන්නෙ Sugan Kartthi. මේ එයාගෙ පළවෙනි චිත්‍රපටය. නළු නිළියන් දිහා බැලුවොත් මෙයාලනම් අලුත් අය. ප්‍රධාන චරිතයෙන් Sunil Kumar ද ප්‍රධාන නිළියගෙ චරිතයට Akhila Kishore ද රංගනයෙන් දායක වෙනවා.

2022 අගෝස්තු 7 වැනිදා චීනය විසින් ඉන්දියාවට දැනුම් දීමකින් තොරව යුද්ධයක් ආරම්භ කරනවා. ඉන්දියාවයි, චීනයයි අතර සිද්ද වෙන මේ උණුසුම් යුද්ධයෙන් තුන්වන ලෝක යුද්ධයක් ඇති වෙයි කියල අනික් රටවල් බය වෙලා ඇමරිකා, රුසියා, ජර්මනිය, ෆ්රෑන්ස් කියන රටවල් වල දැඩි උත්සාහයෙන් යුද්ධය අවසානයකට පැමිණෙනවා. ඊට පස්සෙ කතාව පටන් ගන්නෙ මේ යුද්ධයෙන් අවුරුදු කිහිපයකට පස්සෙ. ඒ 2025 නොවැම්බර් 8 වැනිදා චීනයේ ලන්ගවු වල තියෙන භූගත සිර මැදිරියකින්. මේජර් සරවනන් චීනයේ සිරකරුවෙක් වෙන්නේ ඔහුගේ මුළු කණ්ඩායමත් අහිමි කරගෙන. ඉතින් මේ සිරගෙදර චීනය පවත්වාගෙන යන්නේ ලෝකයට හොරෙන්. ඉන්දියාවට පහර දීමට චීනය විසින් සොල්දාදුවන් 100 දෙනෙක්ව ඔවුන්ගේ රටට යවනවා. හැබැයි චීනයට කිසිම ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබෙන්නෙ නෑ. ඒ හේතුව නිසාම මේජර් සරවනන්ව චීනයෙන් පැහරගෙන සිර මැදිරියක් තුළ තියාගෙන ප්‍රශ්න කරනවා. ඔහුගෙන් අහන්නෙ එකම එක දෙයයි. ඒ චීන සොල්දාදුවන් 100 දෙනාට මොකද වුනේ කියලා. හැබැයි සරවනන් ඒ ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. එයාගෙ පවුලෙ අයයි, හමුදාවයි හිතන්නෙ එයා මැරිල කියල. ඉතින් මේජර් සරවනන්ට ඒ හිර ගෙදරින් පැන ගන්න පුලුවන් වෙයිද? චීන සොල්දාදුවන් 100 දෙනාට මොකද වුනේ? චීනය ඉන්දියාවෙන් පළිගන්නේ කොහොමද? නවීන යුද්ධයක ආරම්භය මෙය ද?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 900 MB |    

ba192394816503513ee37d831f41750eb4eb7849

| HDRip | x264 | 1080p | 3.9 GB |

49CB7E53A244F186A7AC3C61DEC2F8AD62C62932

Direct Download

| HDRip | x264 | 480p | 280 MB |        

| HDRip | x264 | 480p | 420 MB |          

| HDRip | x264 | 720p | 690 MB |         

| HDRip | x264 | 1080p | 1.4 GB |        

| HDRip | x264 | 1080p | 3.9 GB |        

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *