My Annoying Brother (2016) AKA Hyeong | මගේ කරදරකාර අයියා

ගෝ දෝ යොන්ග් දක්ෂ ජූඩෝ ක්‍රීඩකයෙක්. දවසක් ජූඩෝ තරගයක් අතරතුරදී සිදුවන අනතුරක් හේතුවෙන් එයාගෙ ඇස් පෙනීම නැතිවෙලා යනවා. අම්මා, තාත්තා නැති දෝ යොන්ග් ඊට පස්සෙ දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. මෙයාගෙ දුක සැප හොයලා බලන්නෙ ජූඩෝ කෝච් විතරයි. එයා හරිම ලස්සන කෝච් කෙල්ලක්.

දෝ යොන්ග් කියන්නෙ දෝ යොන්ග්ගෙ තාත්තාගේ දෙවන විවාහයෙන් පස්සෙ ලැබෙන පුතා. පළමු විවාහයෙන් ලැබෙන පුතා වන ගෝ ඩූ සික් ඉන්නේ හිරගෙදර. මේ ඩූ සික් මාර කපටියෙක්. ඒ කපටිකම නිසාම දෝ යොන්ග් ගැන කියලා මෙයා හිරගෙදරින් නිදහස් වෙලා එනවා. දෝ යොන්ග් හා ඩූ සික් කොහොමත් සහයෝගයෙන් ඉන්න දෙන්නෙක් නෙවෙයි. මේ දෙන්නා එකතු වෙලා හරි හරි වැඩ කරනවා. ඒ වගේම කතාව අවසානයේදී මේ දෙන්නගේ ජීවිත වලට ලොකු ලොකු වෙනස්කම් වෙනවා.

සහෝදර බැඳීම ගැන ලොකු දෙයක් කියවෙන චිත්‍රපටයක් වන මෙය කොරියාවේ තිරගත වෙලා තියෙන්නේ 2016 නොවැම්බර් 23. තිරගත වෙලා දවස් හතරක් ඇතුළතදී මිලියන එකකට වඩා පිරිසක් මේ චිත්‍රපටය නරඹලා තියනවා. මෙහි IMDb අගය 7.4ක්. කරදරකාර අයියා විදියට රඟපාන්නෙ Jo Jung- suk. ජූඩෝ ක්‍රීඩක දෝ යොන්ග් විදියට රඟපාන්නෙ Do Kyung- soo. ඒ වගේම ලස්සන කෝච්

විදියට රඟපාන්නෙ කොරියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය Park Shin- hye. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kwon Soo- kyung. මෙහි අන්ධ චරිතය රඟපාන Do Kyung- sooට එම චරිතය සඳහා සම්මාන කිහිපයක්ම ලැබිලා තියනවා. ඇමරිකානු ඩොලර් මිලියන 20.6ක ආදායමක් උපයපු මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 2.8GB |    

7e454d8684c2c8da758c37a4f7f6f6b7bb4044b7

Direct Download

| HDRip | x264 | 360p | 200MB |         

| HDRip | x264 | 480p | 476MB |          

| HDRip | x264 | 720p | 682MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *