Master (2016) AKA Ma-seu-teo | සක්විති මෙහෙයුම

මේක ඇවිල්ලා 2016 දෙසැම්බර් 21 තිරගත කරලා ඇමරිකානු ඩොලර් මිලියන 50 ඉක්මවූ බොක්ස් ඔෆිස් වාර්තාගත, අපරාද සහ ක්‍රියාදාම ගණයට අයත් වෙන imdb 6.6 ක අගයක් ගත්තු චිත්‍රපටියක්.මේ චිත්‍රපටියෙ අන්තරගත වෙන්නෙ මහපරිමාණ විදියට මිනිස්සුන්ගෙ සල්ලි වලට විදින ආයතනයක ප්‍රධාන මොළකරු අල්ලගන්න තැත් කරන මෙහෙයුමක් ගැන.ලංකාවෙ වුණ සක්විති සිද්දිය හැමෝටම මතක ඇතිනෙ.වැඩි පොළියක් ගන්න සල්ලි වැඩි වැඩියෙන් ආයෝජනය කරපු මිනිස්සුන්ගෙ සල්ලි වලට විදලා පැනලා ගියා.මේකෙ වෙන්නෙත් හරියටම ඔය සිද්දිය තමයි.

ඔක්කොටම කලින් ”පිරමීඩ ව්‍යාපාර සහ අලෙවිකරණය” කියන්නෙ මොකක්ද කියලා සරලවම හදුන්වලා ඉන්නම්.එතකොට කතාව බලද්දි තේරුම් ගන්න ලේසි වේවි.. හොඳයි.. මූල්‍යම ආයතනයක් තියෙනවා..මම ඕකට වැඩි පොළියක් බලාගෙන යම්කිසි මුදලක් ආයෝජනය කරනවා.ඒ වගේම මම මගෙ යාළුවාවත් මේකට ගෙන්න ගන්නවා.එතකොට මට ඒ වෙනුවෙනුත් කොමිස් මුදලක් ලැබෙනවා.ඒ යාළුවත් තව කට්ටියව මේ ආයතනයට අරගෙන ආවොත් ඒ අයගෙන් පවා මට කොමිස් මුදල් හම්බෙනවා.මෙන්න මේ විදියට එකිනෙකාට සම්බන්ධ වුණු ජාලයක් තමයි පිරමීඩ ව්‍යාපාර කියන්නෙ.මේ වගේ ආයතන හොද ඒවත් තියෙනවා නරක ඒවත් තියෙනවා.ඉතින් මේ පිරමීඩෙ යටම ඉන්න අයට තමයි වැඩි වාසි තියෙන්නෙ.. වැඩි ලාභ ලැබෙන්නෙ.

ජින් හ්යොන් පිල් (Lee Byung-hun)–> one network හි අධ්‍යක්ෂක.
පාක් ජන්ග් ගුන් (kim woo bin)–> one netowrk හි තාක්ෂණික අංශ ප්‍රධානී.
කිම් අම්මා (Jin Kyung)–> one network හි අලෙවිකරණ අධ්‍යක්ෂක.
කිම් ජේ ම්යොන්ග් (Kang Dong-won) විශේෂ අපරාද විමර්ශන ඒකක කණ්ඩායම් නායක.

මේ තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත සහ චරිත වලට පණපොවන නළු නිලියෝ.කොරියානු චිත්‍රපටි වලට හුරු කෙනෙක්ට නම් මේ අය හොදට දැකල පුරුදු ඇති. ඉතින් මේ විදියට ජාල ගත වුණු මූල්‍ය ආයතනයක් තමයි ”one network” කියන්නෙ.මේකෙ මිලියන ගානක සාමාජිකයො ඉන්නවා.. තමන්ගෙ හීන සහ බලාපොරොත්තු හැබෑ කරල දෙයි කියල තමයි මේ සාමාජිකයො හිතන්නෙ.ඉතින් දුප්පත් පෝසත් හැමෝම මේකට ආයෝජනය කරනවා.මේ ගැන දන්න පොලිස් විමර්ශන ඒකකේ කිම් ජේ ම්යොන්ග්.. one network ආයතනේ ප්‍රධානියවයි එයාට උදව් කරන, පගාව ගන්න රජයෙ නිලදාරින්වයි අල්ලගන්න තමයි ප්ලෑන් කරන්නෙ.මේ අයගෙ නම් තියෙන, ගනුදෙනු තියෙන ගිණුම් පොතක් ජින් හ්යොන් පිල් ලග තියෙනවා.ඒ වගේම තමයි මේ හැම දෙයක්ම පාලනය කරන රහස් පරිඝණක කුටියකුත් තියෙනවා.මේ දෙක හොයාගන්න ඕනෙවට පොලිසිය විසින් one network ආයතනෙ පාක් ජන්ග් ගුන්ව අල්ලගෙන තර්ජනය කරලා, අදාල අයව හිරේට ගත්තම දඬුවමෙන් ලිහිල් කරන්න පොරොන්දු වෙලා ඔත්තු බලන්න යවනවා.ඉතින් පාක් ජන්ග් ගුන්ගෙ උදව්වෙන් ජින් හ්යොන් පිල්ව අල්ලගන්න සේරම ලෑස්ති වෙලා තියෙද්දි ජින් හ්යොන් පිල් සේරම සල්ලිත් අරගෙන පැනල යනවා.මිලියන ගානක අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි එහෙම් පිටින්ම නැති වෙනවා.මෙයා පැනල ගිහින් මාස කීපයකින් මෙයයි කිම් අම්මයි මැරුණා කියලා ආරංචියක් එනවා.. මිනිස්සුන්ගෙ සල්ලි සහ බලාපොරොත්තු නැත්තටම නැති වෙනවා.

ඒත් අනිවාර්යෙන්ම ඒක බොරු මරණයක්.වෙන නමකින් මෙයා පිලිපීනෙන් මතු වෙනවා.ඊළඟ පාර ලෑස්ති වෙන්නෙ පිලිපීන රජයෙන් බිලියන 3 ක් ගලවගන්න.ඒකට වෙනම කපටි ප්ලෑනක් ගහනවා..ඒත් මේකට එයාගෙ පැත්තෙන් පිලිපීන රජයට බිලියන 3ක් පෙන්නන්න ඕනෙ.. අන්න එතකොට බිලියන 3 ක් අරන් එයා ලගට යන්නෙ වෙන කවුරුත් නෙවෙයි අපරාද විමර්ශන ඒකකේ නායක කිම් ජේ ම්යොන්..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 750MB |    

f0b2b4e957b1835ed72161867575d9efff938a43

| HDRip | x264 | 720p | 1.8GB |    

e358852d6faa80e7e5cae15c019ad2e34a7b4f18

Direct Download

| HDRip | x264 | 480p | 455MB |    

| HDRip | x264 | 720p | 974MB |    

| HDRip | x264 | 720p | 1.8GB |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Master (2016) AKA Ma-seu-teo | සක්විති මෙහෙයුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *