Ottaal (2014) | ළමාවිය අහිමි වූ කුට්ටප්පායි..!

Ottaal(2014). IMDB අගය 8.2/10ක් ලබාගැනීමට මේකට හැකිවෙලා තියනවා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jayaraj කියන විශිෂ්ට මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින්. මලයාලම් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම නිර්මාණය වූ මෙම චිත්‍රපටයට Ashanth K. Sha කුට්ටප්පායි ලෙසත්, Kumarakaom Vasudevan කුට්ටප්පායිගේ සීයා ලෙසත් රංගනයෙන් දායක වෙලා තියනවා. කතාව සහ තිර රචනය සඳහා Joshi Mangalath සහ සංගීතය සඳහා Kavalam Narayana සහ  Panicker දායක වෙලා තියනවා. මෙය නිර්මාණය වෙලා තියෙන්නේ Anton Chekhov නම් රුසියානු රචකයා විසින් රචිත “Vanka” නම් කෙටිකතාව ඇසුරෙන්.

කතාව ගැනත් පොඩ්ඩක් කියනවනම්, මේක ප්‍රධාන චරිතය තමයි කුට්ටප්පායි කියන ළමයා. කුඩා අවදියේ දීම දෙමව්පියන් අහිමි වීම නිසා කුට්ටප්පායි ජීවත් වෙන්නේ එයාගේ සීයත් එක්ක. සුන්දර පරිසරයක් තුළ පරිසරයත් සමඟම ජීවත් වෙන මේ පුංචි කුට්ටප්පායිගේ එකම අරමුණ වෙන්නේ ඉගනගන්න එක. ඒත් කුට්ටප්පයිට තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නෑ. කතාව වැඩිය කියන්න ගියොත් බලන්න දෙයක් නැති වෙන නිසා ඉතුරු ටික ඔයාලට බාරයි. මේක පැය 1යි මිනිත්තු 20ක් වගේ කෙටි කාලයක් තියන ෆිලුමක් නිසා, කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ෆිලුමේ පරිසර පසුබිම් එහෙමත් ගොඩක් ලස්සනයි. ඒ නිසා හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 480p | 400MB |    

fccb5168ca7aeaeb1c30fea65210bd52005f8389

| DVDRip | x264 | 1CD | 700MB |    

8c5a09a2dd95f7fe8b20dd7d538d7120d0704bf4

Direct Download

| DVDRip | x264 | 480p | 400MB |     

| DVDRip | x264 | 1CD | 700MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *