Breathless (2008) AKA Ddongpari | අපාගතවන ජීවිත

මේකට තක්කාලි අගය 84% ක් වගේම imdb 7.6 අගේකුත් ලැබිලා තියෙනවා.2009 අප්‍රේල් 16 තමයි තිරගත වෙලා තියෙන්නෙ.crime/drama ගනයට වැටිල තියෙන මේ චිත්‍රපටියෙ සංවේදි දර්ශන තියෙන නිසා 18 ට වැඩි අය විතරක් බැලුවොත් හොඳයි කියල තමයි මම හිතන්නෙ.ඒ වගේම සල්ලි පොලියට දුන්නට පස්සෙ ඒවා එකතු කරන්න යන මැරයෙක්ගෙ ජීවිතයක් වටා තමයි මේ චිත්‍රපටියෙ කතාව ගලාගෙන යන්නෙ.මැරයෙක් කිව්වම ඒකත් අපි දැකල තියෙන වර්ගෙ එකෙක් නම් නෙමෙයි.ඒ වගේම තමයි මේ වගේ සිද්දි ඇත්තටම අදටත් කොරියාවෙ සිද්ද වෙනවා.රොමෑන්ටික් පැත්ත විතරක් දකින, කොරියාවෙ ලස්සන පැත්ත විතරක් දැකල තියෙන අය මේ කතාව බැලුවොත් යථාර්තෙ තේරුම් ගනීවි.ඉතින් වැඩි විස්තර නැතුව මම සාරාංශෙ ගැන කියන්නම්.

සන්ග් හුන් කියන්නෙ හැකර කටක් තියෙන කොයි වෙලෙත් තරහෙන් ඉන්න නීති විරෝධීව සල්ලි පොළියට දෙන යාළුවෙක් ලග වැඩ කරන  මැරයෙක්.මූ එතන වැඩ කරන අනිත් කොල්ලන්ට පවා ගහනවා.කියන දෙයක් අහන්නෙම නෑ. මේ සන්ග් හුන්ට බෑනෙක් ඉන්නවා.එයාගෙ අක්කගෙ පුතා.අක්කා වුනාට එක තාත්තගෙ විතරයි.අම්මලා වෙනස්.මොනව වුණත් මෙයා බෑනට ආදරෙයි.සන්ග් හුන් බෑනට කැමති වුණාට අක්කට වැඩි කැමැත්තක් නෑ.එයා නැති වෙලාවෙ හොරෙන් ඇවිත් තමයි පොඩි එකාව බලල යන්නෙ.මේකට හේතුව තමයි මේ සන්ග් හුන් පොඩි කාලෙ එයාගෙ තාත්තා බීලා ඇවිත් අම්මත් එක්ක රණ්ඩු කරනවා.ඒ අතරෙදි තාත්තා අතින් මෙයාගෙ නංගි මැරෙණවා.නංගිව ඉස්පිරිතාලෙට අරන් යද්දි අම්මවත් වාහනේකට හැප්පිලා මැරෙණවා.ඊට පස්සෙ තාත්තා හිරේ යනවා.තාත්තට තවත් කසාදයක් තිබිලත් තියෙනවා.ඒ කසාදෙ ළමය තමයි මේ අක්කා.මේ සේරම නිසා සන්ග් හුන් තාත්තට නොසෑහෙන්න වෛර කරනවා.තාත්තා දැන් හිරේ ගිහින් නිදහස් වෙලා ඇවිත් ඉන්නෙ.

දවසක් මෙයා පොඩි එකාව බලල එද්දි වැරදීමකින් ඉස්කෝලෙ කෙල්ලෙක්ගෙ ඇගට කෙල ගහනවා.කෙල්ලටත් හැකර කටක් තියෙන්නෙ,ඒකි සන්ග් හුන් එක්ක රණ්ඩුවට එනවා.ඒ වගේම තමයි සන්ග් හුන් මේ කෙල්ලට ගහපු පාරකට සිහි නැති වෙනවා. කෙල්ලට සිහිය එද්දිත් මූ ගිහින් නෑ.කෙල්ලට ගැහුවට කෙල්ල වන්දියක් ඉල්ලනවා..කෙල්ලටත් මැර ගතියක් තියෙන හින්දා මේ දෙන්න ටිකක් හිතවත් වෙනවා.නිතරම හම්බෙනවා.යාළුවො වෙනවා. මේ කෙල්ලගෙ හැසිරීම හින්දා සන්ග් හුන් හිතන්නෙ  කෙල්ල පෝසත් කියලා.ඒත් ඇත්තටම කෙල්ලගෙ අම්මත් මැරිලා.අම්මා තාමත් ජීවත් වෙනව කියලා හිතාගෙන ඉන්න බාගෙට පිස්සු හැදුන තාත්තයි අයාලෙ යන මල්ලියි එක්ක හුඟක් වදකාර ජීවිතයක්ත මයි මෙයා ගත කරන්නෙ.මල්ලිත් සල්ලි ඉල්ලලා කොයි වෙලෙත් රණ්ඩු වෙනවා.හොරකමෙත් ගිහින් තියෙනවා.

මේ මල්ලිගෙ යාළුවෙක් සන්ග් හුන් වැඩ කරන තැනම වැඩ කරනවා.ඒ කියන්නෙ මැරකමේ යනවා.මේ යාළුවා අර කෙල්ලගෙ මල්ලිව එතන්ට බන්දව ගන්නවා.දැන් සන්ග් හුන් ඒ කෙල්ලගෙ මල්ලි කියල දන් නැතුව උටත් ගහනවා අනිත් කොල්ලන්ට වගේ සළකනවා. කොල්ලටත් සන්ග් හුන් ගැන පැහැදීමක් නෑ..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 950MB |    

fdbe42a53359ca3f9e5b53753f8bf41325197722

Direct Download

| BluRay | x264 | 720p | 800MB |          

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *