Ore Mukham (2016) | එකම මුහුණ

අද අරගන ආවේ Ore Mukham (2016) කියන ෆිල්ම් එක. මේක අබිරහස්/අපරාධ කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. ෆිලුම අවසන් මොහොත වෙනකම්ම කුතුහලයෙන් එක දිගට බලාගන යන්න පුළුවන්  ෆිලුමක් තමයි මේක. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sajith Jagandnandan විසින්. සංගීතය Bijibal විසින්.තිර රචනය Deepu S. Nair සහ Sandeep Sadanandan විසින්.  ප්‍රධාන චරිත විදියට Dhyan Sreenivasan, Prayaga Martin සහ Aju Varghese රංගනයෙන් දායක වෙලා තියනවා. ෆිලුමට IMDB අගය විදියට ලැබිලා තියෙන්නේ නම් 5.9/10 වගේ අගයක් තමයි. මට නම් හිතෙන්නේ මේකට ඊට වඩා වැඩි ගාණක් ලැබිය යුතුයි කියලයි.

කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්. කතාව සම්බන්ධ වෙන්නේ වර්ෂ 1980 ගණන්වල ශාන්ත තෝමස් කොලේජ් එකේ සිදු වූ සිදුවීම් දාමයක් වටා. ඒ වගේම වර්තමානයටත් සම්බන්ධයි. සක්කරියා පෝතන්, දාසන්, දේවන්, අරවින්දන් සහ ප්‍රකාෂන් එකම කැම්පස් එකේ එකම බැජ් එකේ කොල්ලෝ සෙට් එකක්. පට්ටම කොල්ලෝ සෙට් එකක්. ආදර කතා කිහිපයකුත් ගලාගන යනවා ඔය අතරේ. දේවන් සහ ගයත්‍රී එකිනෙකාට ආදරේ කරනවා. ඒත් ගෙදරින් අකමැති වෙන නිසා සක්කරියා පෝතන් මේ දෙන්නව ගෙදරින් එක්ක ඇවිත් කසාද බන්දනවා. ඒත් අවාසනාවට ඒ දෙන්න එදාම මරලා දානවා. මේ මිනී මැරුම සක්කරියා පෝතන් කළා කියලා තමයි පොලිසිය කියන්නේ. සක්කරියා පෝතන් පැනගොස් සැගවුන කෙනෙක් විදියට තමයි පොලිසිය විසින් කියන්නේ. ඇත්තටම සක්කරියා පෝතන්ට මොකද වුණේ, දේවන් හා ගයත්‍රී මැරුවේ කවුද, ඇයි මැරුවේ, වගේ ප්‍රශ්ණ විසඳගන්න ඕන නම් ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා. ෆිලුමේ අවසානය දක්වාම කුතුහලයෙන් එක හුස්මට බලාගන යන්න ඇහැකි.

මිත්‍රත්වය කියන්නේ මේ ලෝකේ තියන ශ්‍රේෂ්ටම දෙයක්. අපි අතර කල්‍යාන මිත්‍රයන් සේම පාප මිත්‍රයන්ද ඉන්නවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිතුරා කියලා කියන්න පුළුවන් කෙනෙක් ඔබට ඉන්නවා නම් ඔබ ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ මිතුරෙක්  නම් ඔබට ඔබ ගැනම ආඩම්බර වෙන්නත් පුළුවන්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 480p | 500MB |    

8eea9dbfc80a6b4240c9c7de69bc7f7f98657ddd

| DVDRip | x264 | 1CD | 700MB |    

8019c1b8e9becacc8119ad9461755e90bfc146ef

| DVDRip | x264 | 720p | 1.2GB |    

7e7fda3f013b4c1340efd40c08021f843580dbb7

Direct Download

| DVDRip | x264 | 480p | 500MB |         

| DVDRip | x264 | 1CD | 700MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Ore Mukham (2016) | එකම මුහුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *