Dangal (2016) | හීනයක් සමඟ පොරබදින්න… BluRay Update

ඉතින් මහාවීර් පෝගට්  සිං, ගීතා පෝගට් සිං සහ බබීතා පෝගට් සිං කියන තාත්තලා දූලාගේ ජවයෙන් සපිරුණු අමරණීය මල්ලවපොර අරගලය ඔහොමයි ආරම්භ වෙන්නේ. ඉන්දියාව මල්ලව පොර කාන්තා ඉසව්වකින් ලද පළමු ජාත්‍යන්තර රන් පදක්කමට හිමිකම් කිව් ඇය ගීතා පෝගට් සිං. මහාවීර් සිං කියන දිරිය පියාණන්ට දාව ඉපදුනු වැඩිමහල් දියණිය. දෙවැනි දියණිය බබීතා පෝගට් සිං. 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේදී කිලෝ 55 බර පන්තියෙන් ගීතා රන් පදක්කම දිනා ගනිද්දී බබීතා 51 බර පන්තියෙන් රිදී පදක්කම දිනාගන්නවා. එතැන් සිට ඔවුන්ගේ ජාත්‍යන්තර ගමනට අභියෝග කරන්න කාටවත්ම බැරිවුණා.

ගීතා පෝගට් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම වරට මල්ලවපොර ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකාවද වෙන්න වරම් ලබාගන්නවා. ඒ වගේම මහාවීර්ගේ එක් අන්තර්ජාතික පදක්කමක් වෙනුවෙන් තිබූ සිහිනය මේ වෙද්දී ගීතා සහ බබීතා එක්ව පදක්කම් 29ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ දෙන්නා විතරක් නෙමේ, මෙයාලගේ බාල සහෝදර සහෝදරියොත් මේ පාරෙම යන ගමන්. තවත් බාල සහෝදරියක් වෙන රීතු පෝගට් සිං පහුගිය අවුරුද්දේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ 48 බර පන්තියෙන් රන් පදක්කම දිනාගන්නත් සමත් වුණා. ඉතින් මේ ගුස්ති අල්ලන පවුල ගැන තවත් කතා මොකටද නේද?

පිය සෙනෙහස, සහෝදර ප්‍රේමයත් ලේ රත් වෙන ජවයත් එක්කම පදමට කලවම් වෙච්ච පෝගට් පවුලේ ගුස්ති ඇල්ලිල්ල නිතේෂ් තිවාරි මහත්තයා 2016දී හරිම අපූරු සිනමා නිර්මාණයක් විදිහට එලි දැක්වූවා Dangalනමින්. ලෝකේ පුරාම කීදෙනෙක් නම් බලන් ඉන්න ඇද්ද මේ සලරුව එළිදකිනකම්? අපිත් ඒ අතරින් කිහිපදෙනෙක්. විශේෂම හේතුව තමා මේක ආමීර් ඛාන්ගේ චිත්‍රපටියක් වීම. 2014 අවුරුද්දෙදි PK තියපු ආදායම් වාර්තා Dangal ආක්‍රමණය කරයිදෝ නොකරයිදෝ කියලා දෙගිඩියාවක් හැමෝගෙම හිතේ තිබ්බා. ආමීර් ඛාන් මෙවරත් දෙවැනි වුණේ නැහැ. කෝටි 385ක් ඉන්දියාව තුළ පමණක් උපයමින් එදා මෙදාතුර ඉන්දියාව වැඩිම ආදායමක් ලද චිත්‍රපටිය විදිහට PK තියපු වාර්තාව Dangal හරිම පහසුවෙන් සුන්නද්දුලි කරලා දැම්මා. හැබැයි සමස්ත ලෝක ආදායම එක්ක බලද්දී නම් PK පහු කරලා යන්න Dangal අසමත් වෙන්නේ ආසන්න වශයෙන් කෝටි 60ක හිඟයක් තියාගෙන. ඉතින් ආමීර් ඛාන් ගැනම විතරක් කතා කරලා මදි. තව දැවැන්ත චරිත දෙකක් ඉන්නවා. හැබැයි දැකලා පුරුදු අය නම් නෙමේ. ගීතා පෝගට් විදිහට ෆාතිමා ෂානා ෂෙයික් සහ සයිරා වසීම් එක්කම බබීතා විදිහට සාන්‍යා මල්හෝත්‍රා එක්ක සුහානි භාට්නගර් කියන මේ කෙල්ලෝ ටික ඔයාලගේ හිත් හොරකම් කරනවා දෙකක් නැහැ. ප්‍රීතම්ගේ හිත නැළවෙන, ඇඩ්රිනලින් පොම්ප කරන සංගීතයත් එක්ක ඔයාලටත් ගුස්ති පිටියට බහින්න හිතෙයි.

හැබැයි පාලනය කරන් ඉන්න. වෙලාවකට ඇස් වලට කඳුළු එයි, හුරේ කියලා කෑ ගහන්න හිතෙයි. සමහරවිට හුස්ම හිර වෙන්නත් පුළුවන්. එකී මෙකි හැමදේම පාලනය කරගන්න එක ඔයාලට බාරයි. කවුරුහරි නීරස විදිහට මේ චිත්‍රපටිය මායිම් කරනවා නම් මේකත් කියලම යන්නම්. IMDb අනුව ලෝකයේ හොඳම සිනමාපට 250 අතරDangal මේ වෙද්දී ඉන්නේ 91 වන ස්ථානයේ ලකුණු 8.9ක් අත්පත් කරගෙන. ඒ වගේම හොඳම ඉන්දියානු සිනමාපට අතරේ 2වන ස්ථානයට හිමිකම් කියලා අවසන්. තවත් කියනවා නම් පහුගිය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා කියන සම්මාන තුන්කට්ටුවම තමන්ගේ නමට අහුරගන්න Dangal සමත් වුණා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 896MB |    

027920AE08AAA824615723B6CEAD3D7401CBD883

| BluRay | x264 | 720p | 1.5GB |    

2a0830c49e3cd103933e6aa66d11b20bbc4ea093

| BluRay | x264 | 1080p | 3.1GB |    

958e01bdfa94331ea2ff9821ff07214fe69705d3

| BluRay | x265 | 720p | 1GB |    

3b49b1608d59385e8eae2f2e7630711e92e41247

Direct Download

            | BluRay | x264 | 480p | 550MB |                 

 | BluRay | x264 | 720p | 1.2GB |                   

 | BluRay | x264 | 720p | 969GB |                  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

15 thoughts on “Dangal (2016) | හීනයක් සමඟ පොරබදින්න… BluRay Update

Leave a Reply

Your email address will not be published. Required fields are marked *