Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 01] | හෙට ඔයා එක්ක

ඒක තමයි ඔයාලා බලපු Goblin කතා මාලාවෙන් පස්සේ Tvn ආයතනය විකාශණය කරපු  Tomorrow With You කතා මාලාවයි. කොටස් 16කින් යුත් මේ කතා මාලාව විකාශය වෙන කාලෙදිම දෙන්න බාර ගත්තත් Hwarang: The Poet Warrior Youth කතා මාලවට උපසිරැසි දෙන්න පටන් ගත්ත නිසා ඒක ටිකක් පස්සට ගියා. ඉතින් එහෙනම් දැන් අපි ඒ කතා මාලාව බලමු නේද……

මේ කතා මාලාවෙන් කියවෙන්නේ සාර්ථක දේපල වෙළඳාම් සමාගමක ප්‍රධාන විධායක නිළධාරියෙක් සහ ඔහුගේ ආදරණීය බිරිඳ වටා ගෙතුන සිද්ධි මාලාවකුයි.

1 කොටස

යූ සෝ ජූන් කියන්නේ සාර්ථක දේපල වෙළඳාම් සමාගමක ප්‍රධාන විධායක නිළධාරියෙක්. දුම්රිය උමං මාර්ගයක සිදුවන හදිසි අනතුරකින් ඔහුට ඔහුගේ දෙමව්පියන් අහිමි වෙනවා. මේ දුකින් කල් ගෙවන සෝජූන් තමන්ගේ දෙමව්පියන්ට සමුදෙන්න නැවතත් අනතුර සිදුවුන ස්ථානයට ගිය විට දැනගන්න ලැබෙන්නේ තමන්ට ඒ දුම්රිය මාර්ගය හරහා අනාගතයට යා හැකි බවයි. ඉතින් ඒ අරුම පුදුම ලැබීමෙන් ඔහු අනාගතයත් වර්තමානයත් අතර යමින් බාල වයසෙදිම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා. මෙසේ අනාගතයට යන ගමනෙදි ඔහුට හමුවෙනවා ඔහුගේ වගේම අනාගතයට යෑමට හැකියාව තිබෙන කෙනෙක්. ඔහු තමයි ඩූ සික්. තමන්ගේ හැකියාවෙන් පුදුම වෙලා ඉන්න සෝ ජූන්ට උපදෙස් ලබා දෙන්නේ මොහුයි. දිනක් අනාගතයට යන සෝ ජූන් දකින්නේ තමන් අනතුරකින් මිය යන බවයි. එහි ඔහුත් සමග ඒ අනතුරින් තවත් කාන්තාවකුත් මිය ගොස් සිටිනවා. මෙය දුටු සෝ ජූන් ලොකු කම්පනයකට ලක් වෙනවා. ඉතින් ඔහුගේ ගුරුතුමා මෙන් සිටින ඩූ සික් පවසන්නේ එහි ඔහු සමග ගිය ගිය කාන්තාව සොයා ගත්තොත් ඒ දෛවය වෙනස් කර ගත හැකි වන බවයි. ඉතින් දැන් සෝ ජූන්ගේ උත්සහය ඇයව හඳුන ගන්නයි…..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

| HDTV | x264 | 360p | 100MB |           

   | HDTV | x264 | 480p | 165MB |       

  | HDTV | x264 | 540p | 200MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 01] | හෙට ඔයා එක්ක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *