Jagte Raho (1956) | අවදියෙන් ඉන්න

මං ආපහු ඔයාලට 50 දශකයේ, එනම් හින්දි සිනමාවේ ස්වර්ණමය යුගයේ නිමවූ ඉතාමත් ජනප්‍රිය පැරණි හින්දි සිනමාපටයක් අරගෙනයි ආවෙ. මේකෙ නම “ජග්ටේ රාහෝ”. ඒකෙ සිංහල තේරුම “අවදියෙන් ඉන්න”කියන එක. මේ සිනමාපටය ගැන කියන්න නම් ගොඩක් දේවල් තියෙනව. මේක ඉන්දියාවේ රාජ් කපූර්ගේ මහා සිනමාවේදියාගේ විශිෂ්ට සිනමා නිර්මාණයක්. අති විශිෂ්ටයි කිව්වත් වරදක් නෑ. මොකද මේකට ලැබිල තියෙන IMDb අගය 8.4 ක්.

මෙහි සංගීතය ද ඉතාම විශිෂ්ටයි. ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ, මොහොමඩ් රාෆි ආදී හින්දි සිනමාවේ ගීත කෝකිල කෝකිලාවන් රැසකගේ මධුර මනෝහර ගායනයන්ගෙන් “ජග්ටේ රාහෝ” සිනමා කෘතිය වර්ණවත් වී තිබෙනවා. මොහිදින් බෙග් කලාකරුවානන් විසින් ගායනා කරන ලද “අන්දරේ මැරිල නෑ” ගීතයට පාදක වූ තනුව මෙහි හින්දි ගීයක් ආශ්‍රයෙන් නිර්මාණය කරලා තිබෙන්නේ. එසේම සිනමාපටයේ අඩංගු සියළුම ගීත එදා මෙන්ම අදත් හින්දි සිනමා රසිකයන් අතර අතිශය ජනප්‍රියවීම ද කැපී පෙනෙනවා.

මෙහි කතා සාරාංශය වන්නේ, රැකියාවක් සොයාගෙන ගමෙන් නගරයට පැමිණෙන දුප්පත් ගමක ගොවියෙකුගේ තරුණ පුතෙකුට නගරෙයේදී මුහුණපෑමට සිදුවූ ඇබැද්දියක් පිළිබඳව තමා මුළු චිත්‍රපටයෙන්ම ගෙනහැර දැක්වෙන්නේ. ඔහු නගරයට පැමිණි පසුව ඔහුට දැඩි පිපාසයක් දැනෙනවා. බොන්න වතුර ටිකක් හොයාගෙන ඔහු නගරයේ වීදියක තිබෙන පයිප්පයකින් වතුර බොන්න උත්සාහ කළත් එහි වතුර නැහැ. මේ ක්‍රියාව දකින නගරයේ වීදි සංචාරක ආරක්ෂක භටයෙකු මොහුව රස්තියාදුකාරයෙකු ලෙස සලකා එතැනින් පන්නා දමනවා. ඉන් අනතුරුව මොහු නගරයේ මහල් නිවාස සංකීර්ණයක තිබෙන පයිප්පයකින් වතුර බීමට සැරසෙන විට එතැන සිටි ආරක්ෂක භටයෙක් ඔහුව දැක “හොරෙක් හොරෙක්” යැයි කෑගසමින් පන්නා දමනවා. එම ශබ්දයෙන් කලබල වූ මහල් නිවාස සංකීර්ණයේ වෙසෙන නගර වැසියන්ද අර ගැමි තරුණයා පසුපස ලුහුබඳිනවා. එතැන් සිට එම තරුණයා “හොරෙකු” ලෙස සමාජය තුළ හංවඩු ගැහෙනවා. මේ ජරමර අතරතුරේ ඔහු එම මහල් නිවාස සංකීර්ණය තුළට ඇතුළු වෙනවා. ඉන් අනතුරුව ඔහුට කුමක් සිදුවූවාද? ඔහුට පානය කිරීම සඳහා ජලය ලැබුණාද? මහල් නිවාසයේ වෙසෙන්නන්ගෙන් බේරී සිටීමට ඔහුට හැකිවූවාද? ඔහු ඇත්තටම හොරෙක්ද? කවුද හොරු? මේ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු දැනගැනීමට නම් ඔබට මෙම සිනමාපටය නැරඹීමට සිදුවෙනවා. රාජ් කපූර්ට අමතරව මෙහි ප්‍රදීප් කුමාර්, සුමිත්‍රා දේවී, නර්ගීස් ඇතුළු එවකට සිටි ඉතාමත් ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම මං බොහොම වගකීමෙන් කියනවා මේ සිනමා නිර්මාණය කිසිම වෙහෙසකින් තොරව බොහොම විනෝදයෙන් රසවිඳිය හැකි නිර්මාණයක් බව.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

| DVDRip | x264 | 720p | 1.2GB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *