Drone (2017) | යුද්ධයේ අතුරු කතාව

මේ ෆිලුම අයිතිවෙන්නේ Thriller කාණ්ඩයට.මේක යුද්ධය නිසා ඇතිවුන අතුරු බලපෑමක් අලලා නිෂ්පාදනය වුනු ෆිලුමක් කියලා කියන්න පුළුවන්.Lord of the Rings චිත්‍රපට මාලාවට රංගනයෙන් දායකවුනු Sean Bean මේකේ ප්‍රධාන චරිතයකින් දැකගන්න පුළුවන්.ඒ වගේම Godzilla (2014) චිත්‍රපටයට,The Flash රූපවාහිනී කතා මාලාවට රංගනයෙන් දායක වුනු Patrick Sabongui තවත් ප්‍රධාන චරිතයකට පණ පොවනවා.මේකේ පළමු දර්ශනවාරය තිබ්බේ අප්‍රේල් මාසේ තිබ්බ 2017 Vancouver සිනමා උළෙලදී.ඇමෙරිකාවේ තිරගතවීම් ඇරඹුවේ පසුගිය මැයි මාසේ 26වෙනිදා.මේක කැනේඩියානු චිත්‍රපටයක්.

යුද්ධය කියන්නේ ලෝක ඉතිහාසයත් එක්ක තදින්ම බැඳිලා තියෙන දෙයක්නේ.ලෝක යුද්ධ ඇතුළුව අතීතයේ සිද්දවුන විවිධ යුද්ධ ගැන අපි අහලා තියෙනවා.කාලයත් සමඟ යුද ක්‍රමෝපායනුත් විවිධ වෙනස්කම් වලට ලක්වුනා.තාක්ෂණික දියුණුවත් සමඟ යුධ ආයුධ සහ යුධ උපක්‍රම තව තවත් දියුණු වෙලා,යුද්ධයකින් සිද්දකරන්න පුළුවන් විනාශය තව තවත් වැඩි දියුණු වුනා. ඒ වගේම යුද්ධය නිසා අලුත් තාක්ෂණික ආයුධ,උපකරණ නිෂ්පාදනය වුනා.UAV-Unmanned Aerial Vehicle ඒ කියන්නේ නියමුවන් රහිත ගුවන් යානා,මේ විදියට නිෂ්පාදනය වුන ආයුධයක් කියන්න පුළුවන්.මේ වෙද්දී අපි හැමෝම දන්න Drone අයිති වෙන්නෙත් මේ UAVවලට.මේ වෙද්දී මේ Drone සාමාන්‍ය වීඩියෝකරණය සඳහා තමයි බහුලව යොදාගැනෙන්නේ.නමුත් සටන් බිමෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈතක ඉඳලා සතුරන් විනාශ කරන්න තමයි මේවා මුලින්ම භාවිතයට ගැනුනේ.මේවා අදටත් මේ කාර්යය සඳහා යොදාගැනෙනවා.2004 වර්ෂයේ ඉඳලා ඇමෙරිකාව Drone යොදාගෙන මේ විදියට පාකිස්ථානයේ හඳුනාගත්ත සතුරු ඉලක්ක වලට මිසයිල /බෝම්බ එල්ලකරනවා.මේ වෙද්දී මේවා යම් සීමාවක් දක්වා අඩු වුනත් තවම මේ මෙහෙයුම් ඇමෙරිකාව සිදු කරන බවට වාර්තා තියෙනවා.කොහොමවුනත් මේකේ ප්‍රශ්නය තියෙන්නේ ත්‍රස්තවාදීන් වෙත එල්ල කරන මෙම ප්‍රහාරවලින් අහිංසක සිවිල් වැසියනුත් නිකරුනේ මරණයට පත්වෙන එක.වාර්තා වලට අනුව 2014න් පස්සේ පාකිස්ථානයේ සිදුවුන මෙවැනි මෙහෙයුම් වලින් නම් සිවිල් වැසියන් මරණයට පත්වෙලා නෑ .ඒත් සිවිල් වැසියන් ගැවසෙන ස්ථාන වලට ගුවන් මගින් එල්ලවන මේ ප්‍රහාර අතිශයින්ම භයානක ප්‍රතිඵල ගෙන එන බවට නම් සැකයක් නෑ .ඉතින් මේ විදියට එල්ලවුණු ප්‍රහාර නිසා පාකිස්ථානයේ අහිංසක පවුලක් නිකරුනේ විනාශවෙලා යන සිද්දියක් තමයි ෆිලුමේ තියෙන්නේ.

නීල් කියන්නේ කලින් කිව්ව විදියේ මෙහෙයුම් සඳහා CIA එක වෙනුවෙන් වැඩ කරන කොන්ත්‍රාත්කරුවෙක්.මොහු Drone ක්‍රියාකරවන්නෙක්.නමුත් මේ රහසිගත මෙහෙයුම් ගැන නීල්ගේ පවුලේ අය ඒ කියන්නේ එයාගේ බිරිඳ සහ පුතා දන්නේ නෑ .එයාලා හිතන්නේ මෙයා කරන්නේ පරිගණක සම්බන්ධ සාමාන්‍ය රැකියාවක් කියලා.ඔහොම වැඩ සිද්දවෙන අතරේ තමයි ඉමීර් ඇමෙරිකාවට එන්නේ.මුලින් පේන විදියට නම් මේ ඉමීර් බොහොම අහිංසක,යටහත් පහත් පුද්ගලයෙක්.නමුත් මෙයාගේ මේ සීමාව ඉක්මවා ගිය අහිංසකකම ම යම් කුකුසක් ඇතිකරනවා.ඉතින් මේ ඉමීර්ගේ මේ අහිංසකකම ට හේතුව මොකක්ද? මෙයා ඇමෙරිකාවට ආවේ ඇයි? එයා එහෙම ආව අරමුණ මෙයාට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියලා ෆිලුම සම්පූර්ණයෙන් බැලුවාම ඔයාලට දැනගන්න පුළුවන් වෙයි.

යුද්ධයේ තවත් වෙනස්,නමුත් සත්‍ය පැතිකඩක් ගැන කතාවක් මේ ෆිලුම අපිට කියනවා.ෆිලුමේ තියෙන කුතුහලයත් ත්‍රාසයත් එක්ක මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන් වෙයි.අවසානයේ බොහොම ශෝඛාන්විත විදියට චිත්‍රපටය අවසන් වෙන්නේ යුද්ධයේ නිරර්ථකකම සහ එයින් මිනිසුන්ට ලැබෙන දුක්ඛදායක සහ කණගාටුදායක අතුරු බලපෑම් ගැන යම් පණිවිඩයක් ලබා දෙමින්.ෆිලුම බලලා ඉවරවෙලා උපසිරැසිය ගැන අදහසක් පල්ලෙහායින් කොටගෙන යන්න,මේක තවම මගේ දහසයවන උපසිරැසි ගැන්වීම හින්දා ඉදිරි උපසිරැසිකරණ කටයුතු වලදී ඒ අදහස් අනිවාර්යෙන්ම හුඟක් ප්‍රයෝජනවත් වේවි.ඒ වගේම මල් වලට වගේම ගල් වලටත් කමෙන්ට් තීරුව විවෘතයි.ඔයාලගේ විවේචනත් මේ කාර්යය ඉස්සරහට තවත් සාර්ථක කරගන්න හේතුවක් වේවි.කොහොමහරි උපසිරැසිය ගැන හිතෙන ඕනෙම දෙයක් පල්ලෙහායින් සටහන් කරගෙන යන්න කියලා ආයෙත් මතක් කරනවා,මොකද ඒ දෙයින් තමයි අවසානයේ අපි මේ වැඩේ ගැන අදහසක්,තෘප්තියක් ලබන්නේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 696MB |    

da7acd5b768ced82dad39c90a39225fe25c4afe0

| WEB-DL | x264 | 1080p | 1.3GB |    

8ba4a7716c6291339c03af468f3853a79c630b6f

| WEB-DL | x265 | 720p | 519MB |    

0cddeb9fde83a3623a8d10ab89f882f8d73d4831

Direct Download

| WEB-DL | x264 | 480p | 300MB |   

| WEB-DL | x264 | 720p | 696MB |   

| WEB-DL | x264 | 1080p | 1.3GB |   

| WEB-DL | x265 | 720p | 510MB |   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Drone (2017) | යුද්ධයේ අතුරු කතාව

  • June 4, 2017 at 1:18 pm
    Permalink

    machan lego bat man 2017 ekata sub diyanko

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *