1971: Beyond Borders (2017) | යුද්ධයේ සැබෑ කතාව

මේක අයිතිවෙන්නේ Action War කියන ප්‍රභේදවලට.1971දී සිද්දවුන ඉන්දු-පාකිස්ථාන යුද්ධය සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා තමයි මේ ෆිලුම නිර්මාණය වෙන්නේ.සාමාන්‍යයෙන් මේ විදියේ War ෆිලුමක් බලන්න ගොඩක් අය කැමතියිනේ.ඒ නිසා මලයාලම් ෆිලුම් බලන නොබලන හැමෝටම මේක බලන්න කියලා මුලින්ම ආරාධනා කරනවා! ෆිලුම අධ්‍යක්ෂනය කරන්නේ මෑත අතීතයේ හුඟක් ජනප්‍රිය වුන මලයාලම් ෆිල්ම් වන Action Hero Biju(2016), Anarkali(2015), Picket 43(2015) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Major Ravi විසින්.ඉන්දියාවේ හුඟක් ප්‍රවීණ ඒ වගේම ජනප්‍රිය නළු නිලියෝ මේ ෆිලුමට දායකවෙලා තියෙනවා.මම Mohanlalගේ ෆිලුමකට සබ් කරන පලවෙනි වතාව තමයි මේක.බොලිවුඩ් සිනමාවේ චිත්‍රපට රැසක ප්‍රතිවීර චරිතය රඟ පෑ Arunoday Singh මේ ෆිලුමේත් ඒ විදියේ නමුත් තරමක් වෙනස් වූ චරිතයකට පණ පොවනවා.ඒ වගේම ෆිලුමට අපිව ප්‍රවේශ කරන්නේ මලයාලම් ප්‍රවීණ නළු,Mammootty ගේ කටහඬින්,ඒ කියන්නේ අපේ මලයාලම් රසිකයෝ ගොඩක් අය දන්න Dulquer Salmaanගේ තාත්තා.ඒ වගේම තෙලිඟු සිනමාවේ Superstar කෙනෙක් වන Allu Arjunගේ මල්ලී Allu Sirish ෆිලුමේ කැපී පෙනෙන තවත් චරිතයකට පණ පොවනවා.

චිත්‍රපටිය තිරගතවීම් ඇරඹුවේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ.ඒ වගේම මේක දමිළ සහ තෙලිඟු භාෂා වලින් හඬකවලා සමගාමීව තිරගත වෙනවා.ඉන්දියාවේ කේරලයේ,රාජස්ථාන් වල,ජම්මු-කාශ්මීරයේ වගේම ජෝර්ජියාවෙත් මේක රූපගත කරලා තියෙනවා.මලයාලම්,දමිළ සහ හින්දි කියන භාෂාවලින් මෙහි ගීත ඇතුලත් වෙනවා.

කතාව ගැන කියන්න කලින් ෆිලුමේ පසුබිම ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතිලා 1947දී නිදහස ලබද්දී ඉන්දියාවේ භූමියෙන් කොටසක් වෙන්වෙලා පාකිස්ථානය නිර්මාණය වෙනවා.ඒත් එකක්ම නැගෙනහිර පාකිස්ථානය කියලා තවත් කොටසක් ඉන්දියාවේ නැගෙනහිර පැත්තෙන් නිර්මාණය වෙනවා.පාකිස්ථානය එක්ක ගොඩබිමෙන් සම්බන්ධ නොවුන මේ භූමියත් මුලින් පාලනය කරන්නේ පාකිස්ථානය විසින්.ඒත් නැගෙනහිර පාකිස්ථානයේ සිවිල් වැසියන් ස්වාධීන පාලනයක් ඉල්ලමින් මුල් කාලයේ ඉඳලම විවිධ අරගල දියත් කරනවා.මේවා උච්චතම අවස්ථාවකට එන්නේ 1971දී.අරගල පාලනය කරන මුවාවෙන් පාකිස්ථානු හමුදාව නැගෙනහිර පාකිස්ථානයේ ස්වදේශී බෙංගාලි වැසියන්ට විවිධ හිංසා පීඩා සිදුකරනවා.ඒ හේතුවෙන් මිනිසුන් ලක්ෂ ගානක් සරණාගතයින් විදියට ඉන්දියාවේ දේශසීමා වලට එනවා.අන්තිමේදී ඉන්දීය රජය මොවුන් සරණාගතයින් ලෙස භාරගන්න තීරණය කරනවා.නැගෙනහිර පාකිස්ථානයේ අරගලයට ඉන්දියාව වරින් වර සිදුකල මැදිහත්වීම් ගැන කුපිතවුන පාකිස්ථානය ඉන්දියාවට ගුවනින් ප්‍රහාර එල්ලකරනවා.එයින් තමයි මේ 1971 ඉන්දු-පාකිස්ථාන යුද්ධය නැත්නම් බංග්ලාදේශ යුද්ධය ආරම්භ වෙන්නේ.මේකෙදි ඇමෙරිකාව පාකිස්ථානයටත් රුසියාව ඉන්දියාවටත් විවිධ අයුරින් සහය පළකරනවා.කොහොමවුනත් දහස් ගණනකට මරු කැඳ වූ මෙම යුද්ධය ඉන්දියාවට ජයග්‍රණය අත්කරදෙමින් අවසන් වෙනවා.මෙතනදී තමයි නැගෙනහිර පාකිස්ථානය වර්තමාන බංග්ලාදේශය විදියට පාකිස්ථානු පාලනයෙන් නිදහස් වෙලා ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන්නේ.

ෆිලුමේ ඇතුලත් වෙන්නේ සහදේවන් කියන හමුදා මේජර්වරයා මේ යුද්ධයේදී ලබන අත්දැකීම ගැන.ෆිලුම පටන්ගන්නේ වර්තමාන කාලයෙන්.ඒ පාකිස්ථානු හමුදා නිලධාරියෙක් සහ ඉන්දීය හමුදා නිලධාරියෙක් ජෝර්ජියාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමකදී එකිනෙකා හඳුනාගන්න අවස්ථාවෙන්.එතැනදී මේ අය එකෙනෙකා දැනගන්නවා,1971 යුද්ධයදී පෙරමුණේ සිටි බල ඇණිවල අණදෙන නිලධාරීන් විදියට තමන්ගේ තාත්තලා තම තමන්ගේ රට වෙනුවෙන් සේවය කලා කියලා.ඒ වගේම මෙතන තව විශේෂත්වයක් තියෙනවා.මොවුන්ගෙන් එක් අයෙකුගේ පියෙක් යුද්ධය අවසානයේ මියයනවා.නමුත් මොහුගේ නිර්භීතභාවය ගැන සඳහන් කරමින් අනෙකාගේ පියා ලියපු ලිපියක් මළ සිරුරේ ඇඳුමේ සාක්කුවක තිබිලා හම්බෙනවා.මේක නිසා මේ නිලධාරියට මරණින් පසු හමුදා නිලධාරියෙක් විදියට ලැබෙන්න පුළුවන් උපරිම ගෞරව නාමය ලැබෙනවා.මේ සිද්දිය ගැන හෙළිකිරීම තමයි මුලින්ම ෆිලුමේ තියෙන්නේ. ඉන්පස්සේ තමයි මේකට මුල් වුන යුද්ධය ගැන සහ තමන්ගේ අත්දැකීම් ගැන මේ සහදේවන් කියන හමුදා නිලධාරියා එයාගේ මුණුපුරු මිනිපිරියන්ට කියන කතාව ෆිලුමේ අඩංගු වෙන්නේ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 480p | 515MB |    

cb5b90a87ef543958c94de0fd990d1f96a043a97

| DVDRip | x264 | 1CD | 700MB |    

c04455d888308002ea7811b28269f9bfd7cfac6b

Direct Download

| DVDRip | x264 | 480p | 500MB |     

| DVDRip | x264 | 1CD | 710MB |   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *