Part Time Spy (2017) AKA Bijeonggyujik Teuksuyowon | රස්සාව වෙනුවෙන් ඔත්තු බැලීම

අද චිත්‍රපටිය ගැන කිව්වොත් මේක 2017 මාර්තු 16 තිරගත වුණ Action/Comedy ගණයට අයත් වෙන imdb 6.00 ක අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියක්.වැඩි දේවල් නැතුව මං කෙළින්ම කතාවෙ සාරාංශෙ කියන්නම්. ජංග් යොන්ග් සිල් (Kang Ye-won) කියන්නෙ තැන් තැන් වල පාට් ටයිම් ජොබ් කර කර ස්ථිර රස්සාවක් හොයන කෙනෙක්.මෙයා කොයි තරම් ඉන්ටව් වලට ගියත් එකකටවත් තේරෙන්නෙ නෑ.සුදුසුකම් තිබුණට මෙයා ටිකක් කුලෑටි බය ගතියක් තියෙන කෙනෙක්.ඉතින් ඉන්ටව් ගානකට මූණ දුන්නට පස්සෙ අන්තිමේදි බුද්ධි අංශෙම ජොබක් සෙට් වෙනවා.ඒත් මාස තුනයි ඒකත්.එයාව අස් කරල දානවා.මෙයා අස් කරපු දවසෙ ගෙදර යන්න කලින් මෙයාගෙ ලොක්කගෙ ඔෆිස් එකට යද්දි ලොක්ක ෆෝන් එකෙන් කතා වෙන දේ ඇහෙනවා..

වොයිස් පිෂින්ග් ගැන මං හිතන්නෙ හුඟක් අය දන්නව ඇති.ඒ කියන්නෙ කෝල් වලින් රවට්ටලා සල්ලි ගලව ගන්න එක.ලංකාවෙ ඒ තරම් නොවුණට අනිත් රටවල් වල මේක නිතරම වෙන දෙයක්.කොරියාවෙ වගේ නම් මහා පරිමාණව වෙන දෙයක්.ඉතින් මේ යොන්ග් සිල්ගෙ ලොක්කව ඔය වගේ කෝල් එකකට අහු වෙනවා.ඒ වගේම තමා හොඳ ගානක් ගැලවිලා යනව මිනිහගෙන්.මෙයා ඒ ගැන ගිණුම්තියන කෙනත් එක්ක ෆෝන් එකෙන් කතා කරනව තමයි යොන්ග් සිල්ට ඇහෙන්නෙ.ඉතින් මේකෙන් පස්සෙ මෙයා උදව් කරන්නද කියල අහනවා.අනිත් අය දැනගත්තොත් ලැජ්ජයිනෙ කියල මෙයාට භාර දෙනව ඒ ආයතනෙට ගිහින් වොයිස් පිෂින්ග් කරන ලොක්කවම අල්ලගන්න කියලා.අල්ලගෙන කාටවත් නොදැනෙන්න නැති වුණ සල්ලි ගන්න තමයි ලෑස්තිය.වැඩේ හරියට කරොත් මෙයාගෙ රස්සාව පත්වීමකුත් එක්කම ස්ථිර කරනව කියනවා.ඉතින් යොන්ග් සිල් මේ වොයිස් පිෂින් කරන තැනට යනවා..එතනට ගියාම එතන පොලිස් අපරාද අංශෙ කෙල්ලෙකුත් වෙස්වලාගෙන වැඩ කරනවා.එයත් හදන්නෙ මේකෙ ලොක්කව අල්ලගන්න කියල මෙයාට තේරෙණවා.

නා ජන්ග් අන් (Han Chae-ah) තමයි ඒ පොලිස් කාරි.මෙයාට පොඩ්ඩ ඇත්තන් මල පයිනව.කොයි වෙලාවෙත් වලියටම තමයි යන්නෙ.මෙයා කොහොම හරි ඒ වොයිස් පිෂින්ග් කරන තැන ලොක්කව අල්ලගන්න ඕනෙ හින්දා ඉවසගෙන වැඩ කරනවා. ඒකෙ ලොක්කා චීනෙ ඉන්න විත්තිය තමයි කියන්නෙ.ඉතින් මෙයා දවසක් රෑ එයාල වැඩ කරන තැන ලොක්කගෙ ඔෆිස් එකට පනිනවා.එතකොටම යොන්ග් සිලුත් ඒ වෙලාවෙම එතන ඉන්නවා.ඉතින් දෙන්නවම දෙන්නට මාට්ටු වෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 900MB |    

c308b77688bb3ddd7bf7581242a03d07bbc0a54a

| HDRip | x264 | 720p | 2GB |    

01884f6538d89f04cff3ce9ef8aea603d38296f2

Direct Download

| HDRip | x264 | 480p | 380MB |         

| HDRip | x264 | 720p | 800MB |            

| HDRip | x264 | 720p | 2GB |                  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *