kadamban (2017) | කැලය අපේ ශක්තියයි..

කැලය අපේ ශක්තියයි.. මහපොළොව අපි කාටත් අයිතියි. එය රැක ගැනීම අප සැමගේ යුතුකමක් වගේම, එය විනාශ කරන උදවියට විරුද්ධ වීමත් අපේ යුතුකමක් වෙනවා. කඩම්බන් අප වෙත ගෙන ආ පණිවුඩය එයයි. මේ උපසිරසිය මට යෝජනා කල සඳුන් අයියටත් ස්තුති කරන ගමන්ම පසුගිය උපසිරසි වලට යහපත් ප්‍ර‍තිචාර ලබා දී අපව දිරිමත් කළ ඔබටත් ස්තුතිවන්ත වෙනවා. කඩම්බන් චිත්‍ර‍පටිය ගැන පොඩි විස්තරයක් කරන්නම්. කඩම්බා වනය යනු ස්වාභාවික සෞන්දර්යෙන් පිරුණු සම්පත් වලින් බහුල කඳුකර වන පෙදෙසක්. මේ වනය වාසස්ථානය කරගෙන ජීවත් වෙන එක්තරා ගෝත්‍රික පිරිසක් ඉන්නවා. ගෝත්‍රික කීවාට අමුම අමු ගෝත්‍රික නෙවෙයි. සරමක් බැනියමක් එහෙම ඇඳලා ඉන්න ටිකක් ශිෂ්ට සම්පන්න පිරිසක්. හරියට අපේ ආදි වාසීන් වගේ. මේ අය ජීවත් වෙන්නේ කඩම්බා කඳු මුදුනේ. එයාලගේ දුකට සැපට හැම දේකටම ඉන්නේ කඩම්බා වනය තමයි. මේ කඩම්බා කඳු පන්තිය පුරාවටම හුණුගල් නිධි බහුල නිසා එක්තරා සිමෙන්ති සමාගමකට මේ ප්‍රදේශය අත්පත් කරගන්න ආසාවක් පහළ වෙනවා. නමුත් කඳු මුදුනේ ජීවත් වෙන කඩම්බා වාසීන් නිසා එම ආසාව ඉෂ්ට කරගන්න අමාරුයි. ඒ නිසා අපේ කතාවේ දුෂ්ටයා වෙන සිමෙන්ති කම්හලේ ප්‍ර‍ධානියා, මෙම කඩම්බා වැසියන්ව ඔවුන්ගේ ගමෙන් එළවන්න සැලසුම් කරනවා. නමුත් ඒ කිසිම සැලසුමකට ඒ මිනිස්සුන් අහු වුනේ නෑ. ඒකට ප්‍ර‍ධානම හේතුවක් තමයි කඩම්බන් (ආර්යා). උත්සහ කරලා බැරිම තැන දුෂ්ටයින් තීරණය කරනවා කාටවත් නොදැනී කැලේ ඇතුලෙදිම මේ මුළු ගමම විනාශ කරලා දාන්න. දවසක්…එක්කොත් ඕන්නෑ. ඔතනින් එහාට කිවුවොත් ඉතින් කතාව බලලා වැඩක් නැතිවෙනවා.

ඉන් එහාට සිදු වුණේ මහ පොළොව නුහුලන අපරාධයක්. නමුත් රැහේ වාසනාවට ඒ අපරාධෙන් කඩම්බන්ගේ දිවි ගැළවෙනවා. සොබාදහමේ නාමයෙන් ඒ දරුණු මිනිස්සු ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුයි කියලා කඩම්බන් එදා තීරණය කරනවා. ඉතිරිය ඔයාලම ඇරන් බලන්න. කතාවක් හැටියට ගත්තාම ඔය විදියේ කතා බොහොමයක් අපි දමිළ සිනමාව තුළ දැක තිබෙනවා. ඒ නිසාද මන්දා දමිළ රසිකයින් නම් එච්චරටම මේ ෆිලුම රසවිඳලා නැහැ. දමිළ අයට එහෙම වුණාට අපිට නම් එහෙම දැනෙන එකක් නැහැ. මේ කතාවේ පසුබිම් තල හරිම ලස්සනයි. ආර්යා හුඟක් මහන්සි වෙලා තියෙනවා මේ ෆිලුම ගොඩ දාන්න. මුදල් පරමාර්ථයෙන්ම පමණක් චිත්‍ර‍පටි කරන අද කාලේ සොබාදහම වෙනුවෙන් මෙහෙම නිර්මාණයක් සිදු කරපු එකට අධ්‍යක්ෂක තුමාට ස්තුතිවන්ත විය යුතුයි. නමුත් VFX යොදා ගැනීමේදී මීට වැඩිය තාත්වික විදියට ගත්තා නම් තවත් අගෙයි. ගුණ දොස් කීවා ඇති. කාලෙකට පස්සේ මම බොහොම සැහැල්ලුවෙන් උපසිරසි කරපු ෆිලුමක් මේක. මොකද මේකේ දෙබස් අඩු නිසා. හොඳයි එහෙනම් ෆිලුම ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා. ඔබ සැමට ජයෙන් ජය !


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 422MB |    

d1b3afa352805f905c1f254bf324c2b93f390c55

| HDRip | x264 | 700MB |    

44dbbea282038e15b459bed8b1ae274d82012073

| HDRip | x264 | 720p | 1.5GB |    

7b1d15d942f0bccb5769c2a29507bf85d1edc8d5

Direct Download

| HDRip | x264 | 480p | 422MB |          

| HDRip | x264 | 700MB |                       

| HDRip | x264 | 720p | 1.3GB |          

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “kadamban (2017) | කැලය අපේ ශක්තියයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *