Kuttram 23 (2017) | අපරාධ අංක “විසි තුන”

Kuttram 23. ඒ කියන්නේ “විසි තුන” නම් අපරාධය. 2016 අවුරුද්දේ ආපු Dhuruvangal Pathinaaru චිත්‍රපටයට පස්සේ ආපු චිත්‍රපට වලින් පෞද්ගලිකව මම බලපු හොඳම එක මේක. සුපිරි නළු Arun Vijay සමග Mahima Nambiar ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටියේ IMDB මීටරේ 7.4 ට නැගලා තියෙනවා. ඒත් හොඳම දේ තමයි මේකේ සිදුවීම් ඇත්තම ඒවා. චිත්‍රපටයේ Arivazhagan ගේ අධ්‍යක්ෂණය ගැන නම් කියන්න දෙයක් නෑ. Vishal Chandrasekhar ගේ සුපිරි සංගීත රටා. ඒ වගේම හිතාගන්නත් බැරි කතාවක්. සත්‍ය කතාවක්. පටන් ගත්ත වෙලාවේ ඉඳලම තියෙන්නේ ත්‍රිලර් එක තමයි ඉතින්. එපා කරවන සිංදු මොකුත්ම නෑ. වෙලාව කන විහිළු නෑ. කුතුහලයයි ගේම් ටිකයි විතරයි. ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා.

මේ චිත්‍රපට‍යේ හොඳ කොපියක් නිකුත් වෙලා දැන් ටික දවසක් වෙනවා. ෆිල්ම් එක බාරගත්තෙත් රිලීස් වෙන්න මාස ගානකට කලින්. ඒත් සබ් එක දෙන්න පරක්කු වුනා. ඇත්තටම මේකට ඉංග්‍රීසි සබ් එකක් අනතර්ජාලයෙන් හොයාගන්න බැරි වුනා. බයිස්කෝප් ටීම් එකේ සමහරුත් ට්‍රයි කලා හොයන්න ඒත් බැරි වුනා. අන්තිමට වෙන කරන්න දෙයක් නැති නිසා පටන් ගත්තා කාල රාමු හදාගෙන සබ කොටන්න. ඉවර කරන්න දවස් 5ක් විතර ගියා ‍මොකද ලේසි වැඩක් නෙවෙයි කාල රාමු හදාගෙන කරන එක. මම එච්චර පුරුදුකාරයෙකුත් නෙවෙයි මොකද මේ මගෙ තුන්වෙනි සබ් එක. අනිවා කොහේ හරි සවුත්තු තැන් ඇති. ක්ලාස් වැඩයි ඔෆිස් වැඩයි ඔක්කොම අස්සේ කලේ. සෑහෙන ලොකු කැපකිරීමක් කලා මේ වැඩේට.

මේ ලෝකේ බලවත්ම දේ තමයි මව් සෙනෙහස. අම්මා කෙනෙක්ට තමන්ගෙ දරුවා තරම් වෙන මොනවද වටින්නේ. මේ කතාවෙත් තියෙන්නේ තනිකරම දරුවන් පිළිසිඳ ගැනීමක් සම්බන්ධ කතාවක්. අපි දන්නවා නළ දරු උපත්. කෘත්‍රීම දරු උපත්. ගබ්සාවන්. මේවා නිතර නිතර වෙන දේවල්. ඒ සම්බන්ධ වුනත් ඊටත් වඩා ගොඩක්ම වෙනස් කතාවක් මේක. පටන් ගද්දීම වෙන්නේ මිනීමැරුමක්. අපේ කතා නායකයා පොලිස් පරීක්ෂක වෙට්‍රීමාරන්(Arun Vijay). අස්වාභාවික ලෙස සිදු වූ මරණ කිහිපයක පරීක්ෂන කරන්න මොහුට බාර වෙනවා. නියම ආකාරයෙන් එම පරීක්ෂන කරගෙන යන අතරතුර මොහුට සිදුවෙන්නේ හිතාගන්නත් බැරි දේවල් ටිකක්. අන්තිමට මොහුත් මේ නඩුවේම කොටස්කාරයෙක් වෙනවා. ඒ කොහොමද කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න. මීට වඩා මොකුත්ම කියන්නෙ නෑ මොකද චිත්‍රපටයේ කුතුහලයට හානි වෙන නිසා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 480p | 418MB |    

3a6de25c5f26fe69d2e9ece0a9848643704ce234

| WEBRip | x264 | 700MB |    

10F0635C2DE3106BB03D6DE584FEAD4302AEF7DF

| HDRip | x264 | 720p | 1.4GB |    

bc0c19ea9ae639979cb7492d19ed3616fdf23a24

Direct Download

| HDRip | x264 | 480p | 418MB |          

| WEBRip | x264 | 700MB |                   

| HDRip | x264 | 720p | 1.4GB |          

     අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Kuttram 23 (2017) | අපරාධ අංක “විසි තුන”

  • October 5, 2017 at 11:01 am
    Permalink

    kuttram 23 1.4GB sub eka wada karanne naha

    Reply
  • October 8, 2017 at 11:41 am
    Permalink

    meke sub eka download karanne kohmda?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *