Arzoo (1965) | පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා!

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින,  IMDb සිනමා දර්ශකයේ  7.2 ක අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන ගණනාවකට නිර්දේශ වූ සුවිශේෂ සිනමා නිර්මාණයකි. අහිමිවන ආදර සම්බන්ධතාවයන් ගැන කියවෙන, රාජේන්ද්‍ර කුමාර් සහ සද්නා ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙහි හින්දි ගීත තනු ආශ්‍රයෙන් ජෝතිපාල කලාකරුවන් ගැයූ  “ඔබේ පෙම් වදන් වැල් මෙදා නෑ ඇසෙන්නේ” ගීතය සහ මිල්ටන් පෙරේරා කලාකරුවානන් ගැයූ “කල්‍යාණියෙ ඔබ නෑසූ” ආදී ගීත අදටත් ලංකාවේ ඉතාමත් ජනප්‍රියව පවතී.
මෙහි ප්‍රධාන චරිත වන්නේ ගෝපාල්, ඌශා සහ රමේෂ් ය. වෛද්‍යවරයෙක් වූ ගෝපාල් හිම මත ලිස්සායාමේ ක්‍රීඩාවේ දක්ෂයෙකි. මෙම තරඟාවලියක් අතරතුර ඌශා නැමති තරුණිය සමඟ පෙමින් බැඳේ. නමුත් මෙහි දී ඔහු සාජු යන ව්‍යාජ නාමයෙන් ඇය ඉදිරියේ පෙනී සිටියි. මේ අතරතුර පිටපළාතක දී  සිදුවන දරුණු රිය අනතුරකින් ගොපාල්ට එක් පාදයක පහළ කොටසක් අහිමි වෙයි. පාදය සුවකරගෙන ප්ලාස්ටික් පාදයකින් ඇවිදීමට හුරුවන ගෝපාල් මෙම සිද්ධිය තමාගේ නෑදෑ හිතවතුන්ගෙන් සඟවාගෙන සිටියි. කලකට පසුව ගොපාල්ගේ හොඳම මිතුරාවන රමේෂ්ට, වැඩිහිටි තීරණයක් මත  ඌශා සමඟ විවාහවීමට සිදුවන අවස්ථාවක් උදාවෙයි. එහෙත් මෙතැන් සිට පටන් ගන්නා ගැටළු කෙසේ විසඳේ ද? එය නරඹලාම දැන ගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

                       | DVDRip | x264 | 720p | 1.4GB |                   

               අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *