Transformers: Age of Extinction (2014) | විනාශයේ යුගය..

Transformers චිත්‍රපට මාලාවේ සිව්වැන්න වන මෙහිත් අධ්‍යක්ෂකවරයා වෙන්න සුපුරුදු Michael Bay ම තමයි. මෙවර පිටපත Ehren Kruger ගෙන්, ඇය තමයි මුල් චිත්‍රපට වෙනුවෙනුත් පිටපත් සැපයුවේ. හැබැයි මේ වතාවේ තිරයේ දකින මුහුණු නම් පැහැදිලිවම වෙනස්… මේ වතාවේ ප්‍රධාන නළුවා වෙන්නේ Dwayne Johnson අපි හැමෝගෙම ආදරණිය “රොක්”.. නෑ ඔහුගේ කාල සටහන් ප්‍රශ්නයක් නිසා ඕක නතර වුනේ මේ වතාවේ Mark Wahlberg ලග.. එකත් නරකම නැහැ නේද. මේ වතාවේ සුරුපිනිය වෙන්නේ Nicola Peltz හැබැයි ඇය වීරයාගේ පෙම්වතිය එහෙම නෙමෙයි. මේ දෙන්නට අමතරව Stanley Tucci, Kelsey Grammer, Jack Reynor, Bingbing Li එකක් තවත් විශාල පිරිසක් එක්කාසු වෙලා තියනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් පණ දෙන Mark Wahlberg තමයි ඔහුගේ ක්‍රියාදාම කෝස්ට් 90% එහා කරලා තියෙන්නෙත්. ලස්සන හෝ විනාස වුන පසු තල සපයන්නේ හොන්කොන් නුවරින් හා ඇමරිකාවේ ටෙක්සාස් නුවරින් තමයි බොහොම දුරට.

ලිපිය දිගයි නමුත් මේ කොටස නොකියා යන්න බැහැ මේ චිත්‍රපටය ලබාගෙන තියන IMDB අගය වෙන්නේ 6.1ක් ඒ තරම්ම හොඳ අගයක් නෙමෙයි කියලා කියන්න හැකි, හැබැයි පිස්සුම හැදෙන කොටස මේක මේ චිත්‍රපටය හදන්න ගිහින් තියෙන්නේ $210 million වගේ මුදලක්… ඇමරිකාව තුල අදායම වශයෙන් $245,112,671 වගේ මුදලක් හොයාගන්න සමත් වුනා නමුත් මේ වසරේ වැඩිම අදායම් ලාභියා වෙන්නේ මේ චිත්‍රපටය ඒ ලොව පුරා $ 1,080,612,671 වගේ ඇති විශාල මුදලක් උපයා ගනිමින් තවමත් සමහර රටවල ප්‍රදර්ශනය අහවර වෙලාත් නැහැ !!!

කලින් ඔයාල බලපු කොටස් තුනට වඩා මේ වතාවේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නළු නිලියන් සහ යම් රොබෝවරුන් මෙහි දක්නට ලැබීම. මෙහෙමයි කතාව මේ කතාවට තුන්වෙනි චිත්‍රපටයේ යම් යම් දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කලින් කොටසේදී සෙන්ටිනල් චිකාගෝ නගරය ආශ්‍රිතව ලොකු සටනක් කරනවා. එයින් ඒ නගරය විනාශ උනා වගේම මිනිසුන් බොහෝ පිරිසක් මිය යනවා. ඉතින් මේ ගැන මිනිස්සු කතා වෙන්න අරගෙන. ඇයි අපි පිටසක්වල ජීවින් මත යැපෙන්නේ කියලා. ඔවුන් අතර වෙන සටන් වල ගොදුරු වෙන්නේ මිනිසුන්. ඒ නිසා දැන් මිනිස්සු ඒ සඳහා විකල්ප සොයනවා. ට්‍රාන්ස්ෆොමරයන්ගෙන් මිදිලා ඔවුන්ගේම පාලනයක් ගෙනියන්න හදනවා. ඒ කියන්නේ රොබෝවරු මිනිස් දඩයම් බවට පත්වෙලා. ඒ උනාට මෙහෙම දඩයම් වෙන්නේ ඩිසෙප්ටිකෝන්වරු පමණක් නෙමේ ඔටෝබෝට් කණ්ඩායමත් මෙහෙම ගොදුරු වෙනවා. ඉතින් ඔප්ට්මස් ප්‍රයිම් ඇතුළු පිරිස සැඟවුන ජීවතයක් ගත කරන්නේ. එත් මේ අතරවාරයේ වෙන කෙනෙක් ඇවිදින් ඔප්ටිමස් ප්‍රයිම් හොයාගෙන ඒ එයාට තියෙන ආදරයට නම් නෙමේ. ඔප්ටිමස් ප්‍රයිම්ව අල්ලාගෙන යන්න. ඒ කාගේ කීමටද කොහෙටද ඒ විස්තර මීළඟ චිත්‍රපටයේ දකින්න ලැබේවි. එහෙනම් කවුද මේ අමුත්තා? ඔප්ටිමස් හැංගිලා ඉන්නේ ඇයි? එතකොට කෝ අනික් ඔටෝබෝට් රොබෝවරු? මේ හැම දෙයක්ම දැන් ඉඳන් විසඳගන්න පුළුවන්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 990MB |    

543751fdd79bf7a452d675816d4cddf75cad1d8e

| BluRay | x264 | 720p | YTS | 2.3GB |

774da94a7602e1b053c61205df20c810a5621828

Direct Download

| BluRay | x264 | 480p | 750MB |

| BluRay | x264 | 720p | YTS | 990MB |

| BluRay | x264 | 1080p | YTS | 2.3GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Transformers: Age of Extinction (2014) | විනාශයේ යුගය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *