Transformers: Dark of the Moon (2011) | අඳුරු සඳේ සැඟවුන රහස..

වෙන කතා කිව්වා ඇතිනේ එහෙනම් මේ කතාව ගැන කියලා වැඩේ ඉවරයක් කරන්නම්. කලින් චිත්‍රපට දෙකේදී හිටපු සෑම චරිතයක් වගේම මේකෙත් ඉන්නවා එක්කෙනෙක් ඇරෙන්න. ඒ තමයි කලින් සෑම්ගේ පෙම්වතිය මිකේලා (Megan Fox) එයා වෙනුවට මේ වතාවේ සෑම් වෙන ගෑණු ළමයෙක් හොයාගෙන කාර්ලි (Rosie Huntington-Whiteley) කියලා. ඒ දවස් වල ආරංචිය හැටියට මේ චරිත මාරුවට හේතුව කලින් නිළිය සහ අධ්‍යක්ෂක මයිකල් බේ අතර උන නෝක්කාඩුවක්. අලුත් කෙනා නම් එංගලන්තයේ නිරූපිකාවක් මේ තමයි ඇයගේ පළමු චිත්‍රපටය ඒ වගේම ඊළඟ වසරේ තිරගත වෙන Mad Max: Fury Road චිත්‍රපටයෙත් චරිතයකට හිමිකම් කියනවා කියලා ආරංචියි. ඉතින් ඒවගෙන් වැඩක් නැහැ අනික් හැමෝම එමමයි. මේ චිත්‍රපටයේ  බරපැන වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 195ක් වගේ මුදලක්. ඒ වගේම දැනට ලබා තිබෙන සමස්ත ආදායම ඩොලර් මිලියන 1123.8ක් එම වසරේ මේ චිත්‍රපටය දෙවෙනි උනේ Harry Potter and the Deathly Hallows Part 2 චිත්‍රපටයට. IMDb අගය නම් තරමක විතර පසු බෑමක් තියෙනවා. මොකද ට්‍රාන්ස්ෆොර්මර්ස් චිත්‍රපට වලටත් ජස්ටින් බීබර්ට වගේ අකමැති පිරිසක් ඉන්නවා. කවුරු කොහොම උනත් සල්ලි වියදම් කරන්නේ ආදායමක් ගන්නනේ ඒක බලාපොරොත්තුව මේ චිත්‍රපට හැම එකක්ම පාහේ සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ කරලා තියෙනවා.

කතාව මෙහෙමයි. මේ මුළු කතාවටම පාදක වෙන ලෝක ඉතිහාසගත සිදුවීමක් තියෙනවා ඒ තමයි මුලින් සඳමතට මිනිසෙක් පයතැබිම. ඒ සිදුවීම අලලා තමයි මේ චිත්‍රපටය දිව යන්නේ. මේ කතාවේ හැටියට මිනිසා හඳට යන්නේ වෙනම අරමුණකට. ඒ තමයි සයිබර්ට්‍රෝන් ලෝකයෙන් නික්මුණ යානාවක් සොයාගැනීමට. ඒ යානාව සයිබර්ට්‍රෝන් යුද්ධයේදී ඩිසේප්ටිකොන් රොබෝවරු විසින් කරන පහර දීමක් නිසා අපේ හඳට කඩා වැටෙනවා. ඒ යානාව ඔටෝබෝට් යානාවක්. එම යානාව තුල විශේෂ යමක් විශේෂ පුද්ගලයෙක් විසින් රැගෙන යද්දී තමයි මේ ප්‍රහාරයකට ලක් වෙලා මෙසේ කඩා වැටෙන්නේ.  ඒ සඳහා නීල් ආම්ස්ට්‍රෝන්ග් ඇතුළු පිරිස සඳ බලා පිටත් වෙනවා. එතනින් ඒ සිදුවීම අවසන්. පසු කාලීනව පෘතුවිය තුල වෙසෙන ඔප්ටිමස් ප්‍රයිම් ඇතුළු ඔටෝබෝට් පිරිස අපේ ලෝකය පුරා විසිරිලා ඉන්න මිනිසුන්ට තර්ජනයක් වෙන ඩිසේප්ටිකොන් රොබෝවන් දඩයමක යෙදිලා ඉන්නේ. එහෙම කරන එක මෙහෙයුමකදී ඔප්ටිමස් ප්‍රයිම්ටත් රහසක්ව තබාගත් ඒ සඳ මතට ගිය මෙහෙයුමේ අවශේෂ වූ යම් කොටසක් සොයා ගන්නවා. පසුව ඔප්ටිමස් තීරණය කරනවා සඳ වෙතට ගොස් එහි සිටින ඔප්ටිමස්ගේ නායකයෙක් වන සෙන්ටිනල් ප්‍රයිම් නැවත අපේ ලෝකයට ගෙනවිත් ඔහුට ජීවය ලබාදෙන්න. මේ සෙන්ටිනල් ඇත්තටම ඒ යුද්ධය අවස්ථාවේදී යානය සමඟ පිටත් වෙන්නේ අපේ ලෝකය කරා එන්න. ඒ වෙනත් අරමුණක් සිතේ තබාගෙන. මේ බව ඔප්ටිමස් දන්නේ නැහැ. එහෙනම් ඔන්න බාරයි සෙන්ටිනල් සහ ඔප්ටිමස් දෙදෙනා මෙවර අපේ ලෝකයට කරන්න යන්නේ මොකද්ද කියලා බලන්න. ඒ වගේම කලින් සතුරෙක් උන මෙගාට්‍රෝන් තවමත් ජිවතුන් අතර මතකනේ කලින් වතාවේ ඊජිප්තුවේදී ස්ටාර්ස්ක්‍රීම් සමග පසු බැස්සා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 900MB |

13ef31d1e2cb4050add4933cab8c0d13f22c6252

| BluRay | x264 | 1080p | YTS | 1.7GB |

46daa8d625783596972a5dc4d0705ff74f069514

Direct Download

| BluRay | x264 | 480p | 700MB |

| BluRay | x264 | 720p | YTS | 900MB |

| BluRay | x264 | 1080p | YTS | 1.7GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Transformers: Dark of the Moon (2011) | අඳුරු සඳේ සැඟවුන රහස..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *